Google Wave වලට කලින්ම එකතු වෙමු ?


Google Wave ගැන පොඩි විස්තරයක් මම මීට කලිං ලිපියක සඳහන් කළා.

http://wave.google.com හි සඳහන් වන ආකාරයට එය මහජනතාවට විවෘත කරන්නට Google බලාපොරොත්තු වන්නේ මෙම වසරේ අග දී.

නමුත් ඊට පෙර Early Invite ක්‍රමයක් මගින් යම් පිරිසකට Google Wave ගිණුම් ලබා දෙන්නට Google බලාපොරොත්තු වනවා යන්න මම වෙබයේ තැන් කිහිපයකම දැක්කා. ඇත්තෙන්ම ඔබට මතක ඇති GMail හඳුන්වාදුන් මුල් අවදියේත් Google විසින් Early Invite ක්‍රමයක් භාවිතා කළා.

ඉතින් අපායට යන්නත් ඉස්සෙල්ලම යන්න ඕන එකේ අපිත් ගිහිං අයදුම්පතක් බාර දෙමු Google ට ?

ඒ සඳහා http://services.google.com/fb/forms/wavesignup/ වෙත යන්න.

එතන තියන ෆෝරමය පිරවීමේදී “Enlist me! I’ll report bugs and give feedback (e.g. user surveys)” යන්න තෝරා ගත්තොත් වඩා හොඳයි යන්නයි මගේ අදහස. මොකද නිකම්ම භාවිතාකරුවන් ගොඩ ගහගන්නවට වඩා public release එකට කලින් දෝෂ එහෙම වාර්තා කරන්න කැමති කිහිප දෙනෙක් එකතු කරනගන්න තියන සම්භාවිතාවය වැඩියි නෙ.

“Write a message to the Google Wave team” කියන තැනත් Google ව මුරුංගා අත්තේ තියල මොනාහරි ලියන්ඩ ඈ ! 😉

මේ විදියට අපි ඔක්කොම request කරලා එක්කෙනෙකුට හරි ලැබුනොත්, එයාට පුළුවන්නේ අනිත් අයටත් invites එවන්න. මතකනේ මුල් හරියෙදිම GMail වැඩකරපු හැටි ?

,

23 responses to “Google Wave වලට කලින්ම එකතු වෙමු ?”

  1. @ගයන්ත:
    එළ !
    ඔයාට account එක හම්බවුනොත් අපිටත් invitations එවන්න. 🙂

  2. @pothe gura & änthräX :
    එළ !
    දන්න දන්න අයට කියන්න අමතක කරන්න එපා.

    කියවල යන ගමං ඔය උඩ තියන Digg බටන් එකත් ක්ලික් කරං යන්ඩ, ඈ ! 😛

  3. මාත් බටර් ටිකක් ගෑවා.. බලමු කොහොම වෙයිද කියලා… හරි ගියොත් SBU එකේ දන්න හැමෝටම invitations 🙂

  4. මමත් ඔන්න ඉල්ලුම් ක‍රා, ආරාධානවක් ලැබුනොත් කට්ටියට දන්වන්නම්, දැනුවත් කිරීමට ස්තුතියි.

  5. @මලින්ත, අනු, deeps:
    එළ එළ !
    ගූගල් බලයි මොකද මේ ලංකාවේ ඈයොන්ට එකපාර වේව් උණක් පහළ උනේ කියල ! 😀

    @ශාකුන්තල:
    කාටත් කලිං මට invite කරන්ඩ හොඳේ ! 😛

  6. @මිලින්ද:
    නියමයි !

    @Praveena:
    බටර් ටිකක් ගෑවත් මොකද වැඩේ වෙනවනං, නේද ?

  7. දැන් තමයි මේක දැක්කෙ. ඔන්න මාත් ඉල්ලුම් පත්තරයක් දැම්මා. ඉන්ටවීව් වලට යන්න වෙන එකක් නැහැනෙ? 🙂

    (බටර් ගාන්න නම් අමතක වුණා! 🙁 )

  8. @තමීර:
    හෆොයි.. ගූගල්ලා දන්නවා ඇති අපේ එවුන් ගාන තරමක් ගාන්නෙ බටර් කියල. ඒ් නිසා බටර් ගාන්න බැරි වුනා කියල දුක් වෙන්න එපා ! 😀

Leave a Reply to අනූ Cancel reply

Your email address will not be published. Required fields are marked *