2012 In Review

I think it’s time for me to restart blogging again. Not that I have a huge reader base eagerly waiting to consume stuff that I might put in my blog, rather I should restart it for the purpose of sharing what I learn, that I think would be needed by me again at some pant […]

බීටා මේනියාව!

මෘදුකාංග ලෝකේ “බීටා” කියලා නම් කරන්නේ, යම් මෘදුකාංගයක අවසන් නිකුතුවට පෙර පරීක්‍ෂා කර බලා දෝෂ හඳුනා ගැනීම සඳහා තෝරාගත් පිරිසක් වෙත නිකුත් කරනා නිකුතුවක්. “ඇල්ෆා” කීවාම ඊටත් වඩා පහළ සංවර්ධන අවධියේ තිබෙන යම් මෘදුකාංගයක්, කලිංටත් වඩා සීීමිත පිරිසක් වෙත පරීක්‍ෂා කිරීම සඳහා ලබා දෙන මෘදුකාංග නිකුතුවක්.

කල්පනා කරලා බලනකොට, මගේ කොම්පීටරේ තියන සොට්ටෙයා වලිං වැඩි හරියක් බීටා, එහෙම නැත්නම් ඇල්ෆා. නිතර භාවිතා කරනා වෙබ් අඩවි වලිං කීපයක්මත් බීටා හෝ ඇල්ෆා. ඒ නිසා කෙනෙකුට පුලුවං මම “බීටා මේනියාවෙන්” භයානක ලෙස පෙළෙන්නෙකු ලෙස හඳුන්වන්න! 😛

නව උබුන්ටු ස්ථාපනයකින් පසු, මා අනිවාර්යයෙන් කරන දේවල්.

මගේ මෙහෙයුම් පද්ධතිය තමයි Ubuntu. ඒක ලෝකයේ ජනප්‍රියම Linux බෙදාහැරීම් වලින් එකක්. මේ ලිපියෙන් මම කියන්න සූදානම් වෙන්නේ Ubuntu මෙහෙයුම් පද්ධතිය අලුතින් ස්ථාපනය කළාට පසු එය මාගේ භාවිතාවට ගැළපෙන තත්වයට පත් කර ගැනීම සඳහා මම අනිවාර්යයෙන් කරන දේවල් කිහිපයක්. ඒවායින් ඇතැම් ඒවා සමහරවිට ඔබටත් වැදගත් වෙන්න පුළුවන්.

Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල සක්‍රීය කිරීම.

දැං මේ කියන්න හදන්නේ Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල භාෂාව සක්‍රීය කිරීම ගැන. මීට කලින් සංස්කරණ වලදී අපිට සිදු වුනේ උබුන්ටු මත සිංහල ස්ථාපනය ගන කතා කරන්න, මොකද කලිං විජේසේකර යතුරු පුවරුව වගේ ඒවා උබුන්ටු සමග පෙරනිමියෙන් ආවේ නහැ. නමුත් දැන් අපිට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, පෙරනිමියෙන් එන සිංහල භාෂාව සක්‍රීය කරගන්න විතරයි තියෙන්නේ.

ඍජු අන්තර්ජාල සබඳතාවක් නොමැතිව Ubuntu මෘදුකාංග ස්ථාපනය.

බින්කු සහෝදරයයි මායි කරපු සංවාදයක් “බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථාපනය සහ රිපොසිටරීස්.” නමින් මේ බ්ලොගයේ පළ කළා ඔබට මතක ඇති. ඒ ලිපියේ ප්‍රතිචාර දැක්වීම් වල එක තැනක මම සඳහන් කළා “මේකට පොඩි විසඳුමක් දැනටම උබුන්ටු තුළ තියනව. මම ලියන්නම්.” කියලා. ඒ කියන්නේ අන්තර්ජාල සබඳතාවක් රහිතව උබුන්ටු හරහා මෘදුකාංග ස්ථාපනය කරගන්න පොඩි ක්‍රමයක් ගැන ලියනවා කියලයි මම පොරොන්දු වුනේ. ඒ පොරොන්දුව ඉටු කරන්නයි දැන් මම හදන්නේ.

Ubuntu වල අකුරු මටසිලුටු කරගනිමු?

Ubuntu ද පාවිච්චි කරන්නේ? කැමතිද තිරයේ පෙන්වන අකුරු වල තියුණු ගතිය අඩු කරලා පොඩ්ඩක් මටසිලුටු කරගන්න ?