මම මෙන්න මේ පෝස්ට් එකේදි කිවුව නේ ඉස්කෝල වල IT Days අනං මනං වලට යන්නම සෙට් වුනු කස්ටියක් අපේ ඉස්කෝලෙ ඉන්නව කියල, ඔන්න අපේ ඒ සෙට් එක මේ පාරත් වැඩට බැස්සා. ඒ සෙට් එක කිවුවට, ඇත්තටම මේ පාර වැඩිපුර ගියේ ටිකක් අළුත් මල්ලි බබාල කස්ටියක්. මොකද පහුගිය අවුරුදු වල පිස්සු නටපු කස්ටිය දැං 2009 අපෝ!උපේ! ට පණ දමාගෙන කොලාස් යනවා, පාඩං කරනවා එක කෙළිය යි !
සාපෙ ඉවර නිසා දැං අපේ කස්ටිය ඉස්කෝලෙ යන්නෙ නැති වුනාට, ඔන්න ඔහේ ICT Unit එකට ගිහිං ෆයිල්ස් එහෙම බාන්න බලාගෙන මම ඉඳල හිටල ඉස්කෝලෙ යනවා. ඉතිං ඒක නිසා මේ ICT Exhibition එකට ඔළුව දමාගන්න චෑන්ස් එකක් මටත් හම්බවුනා. ටක් ගාලා සර් ට කියල නම දමාගත්තා, දැං වැඩේ හරි. මේකට සහභාගි වෙන්න ය කියල අපි ට ආරාධනා එවල තිබුනෙ පහු ගිය මාසෙ. ඉතිං එදා ඉඳං අපි කස්ටිය එක එකා සෙට් උනා මේකට යන්න.
මම ඉතිං වෙබ් බුවා නේ, මම හැදුවා PHP ගැන PowerPoint ඉදිරිපත් කිරීමක්. මොකද OpenOffice Impress වලින් හැදුවොත් අපි ගෙනියන පරිගණක වල ඒක දමල පෙන්නගන්න පුළුවන් වෙයි ද කියන සැකේ තිබුනු නිසා. PHP ගැන WikiPedia එකේ තියන ලිපිය බලාගෙන presentation එක හැදුවා.
අපේ කස්ටිය 20ක් විතර මේ වැඩේට ගියා. අපි ඉදිරිපත් කිරීම් 5ක් කරලා තිබුනා.
- නිනිතිතාක්‍ෂණය (Nanotechnology).
- පරිගණක දෘඩාංග.
- ජාලකරණය.
- ද්‍වාර ක්‍රමලේඛනය (Port programming).
- PHP.
ඕවායින්, 2010 අපෝ!උපේ! කරන අයියලා තුන් දෙනෙක් දාපු නිනිතිතාක්‍ෂණේ ඉදිරිපත් කිරීම යි මම දාපු PHP ඉදිරිපත් කිරීම ඇරුනම, අනිත් ඔක්කොම වැඩමන්ට් දුන්නේ අපේ 10-11 වසර වල තොරතුරු තාක්‍ෂණේ කරන මල්ලිලා ගැන්සියක්.
16 වෙනිදා ඉස්කෝලෙ ගිහිං Computers, UPS අරවා මේවා හොයා ගත්තා. දැං වැඩේ රෙඩි. හවස කස්ටියක් ගිහිං අපේ ඉස්කෝලේට හම්බවෙලා තිබුනු පන්‍ති කාමරේ ගානට හදා ගත්තා. අපි ඉතිං කරන දෙයක් පිළිවෙලට කරන මිනිස්සු නේ !
17 වෙනිදා උදේ පාන්‍දර අපි ඉස්කෝලෙට ගිහිං අර බඩු ටිකත් අරගෙන ගියා යන්න ගර්ල්ස්කූල් – එහෙම තමයි අපි “ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය”ට නිකමට 😉 කියන්නේ – එකට ! අපේ සමහර කස්ටිය නං මාර ආතල් එකේ තමයි හිටියේ. computers ටික සෙට් කරලා, projector එක focus කරලා, hardware collection එක ගානට මෙව්වා කරගත්තා. Port programing මල්ලිලා car එක දුවවන්නත් ගානට surface එකක් හදාගත්තා.
10 විතර වෙනකොට මෙන්න කස්ටිය එනවා අපේ ප්‍රදර්ශන කුටිය බලන්න. හම්මා… අපේ එවුන් ටික හිටු කියල රෙඩ් වෙලා දැං නරඹන්නන්ට කියල දෙන්න සූදානම. මාර සෙනගක්. ඉස්සෙල්ලම ආවෙ ගර්ල්ස්කූල් එකේ නංගිලා කස්ටියක්. ඒ අතරේ මාර සීන් එක… අපේ port programming බුවාලා 5ක් විතර හිටිය ට, මුං ට බැරිලු මේ නංගිලා ට වැඩේ සිද්ධවෙන system එක කියගල දෙන්න. ඒ අතරේ මාත් කල්පනා කර කර හිටියේ මම PHP ගැන presentation එකක් හදන් ආවට, ඒක කියල දෙන්න තරං පසුබිමක් අතන තිබුනෙ නෑ. බලන්න එන කස්ටියට ඕන ටක් ගාලා සෙන්ටර් වෙලා
යන ගැජමැටික්ස් ටිකක් දැක බලාගෙන යන්න. ඉතිං ඔය අතරේ මම PHP එක පැත්තකට දාලා බාරගත්තා port programing විස්තර කර දීමේ වැඩමන්ට් එක. හප්පා… මම අතිනුත් දාලා කස්ටියට port programming ගැන කියල දුන්නා. අර සෙල්ලං කාරෙක පොඩ්ඩක් run කරල පෙන්නුවට පස්සේ කට්ටිය හොඳට අහං ඉන්නවා. අංතිමට මං කිවුව මොනව හරි ප්‍රශ්න තියේ නං අහන්න කියල… හැබැයි කවුරුවත් ප්‍රශ්න නං ඇහුවෙ නෑ… මම හිතන්නෙ මම කියපු ඔක්කොම ඒ කට්ටියට හොඳට තේරෙන්න ඇති. ඒත් මම කම්පනා කළේ, මම කියපු දේ මටවත් හරියට තේරුනේ නැති කොට, ඒ අයට තේරුනේ කෝමද කියලා !
ම් ම් ම්… ආ… අපිත් එක්ක බුදු ෆිට් වෙච්ච ගර්ල්ස්කූල් එකේ prefects board එකේ යි ICT Exhibition එකේ organizing committee එකේයි නංගිල අක්කල කස්ටිය ගැන නොකියම බෑ 😉 කියල වැඩක් නෑ… ඒ වුනාට කියනවා… අපිට කන්නද, බොන්නද, අරවද – මේවද ඔක්කොම අපිට සෙට් කරල දුන්නා. එවුව ඉතිං ඇවිල්ලම බලන්න ඕන.
ඉස්සෙල්ලා දවසේ හවස 3.45 විතර වෙනකං අපි ගර්ල්ස්කූල් එකේ හිටියා. මොකද අපි හිතවේ judges ලා ඇවිත් එදා හවස අපේ stall එක judge කරයි කියල. එතකං අපි සින්දු ටිකක් දාගෙන dance කලා. ඒ වුනාට judges ල එන්නෙ ඊට පහුවෙනිද කියල පස්සෙ එක්කෙනෙක් ඇවිත් කිවුවා. ඉතිං අපි අපේ stall එක වහල දාල ගෙදර ගියා.
පහුවෙනිද මම ඉස්කෝලෙ යන්නෙ නැතිව කෙලිං ම ගියේ ගර්ල්ස්කූල් එකට… හාහ්… කෝමද සැප… වෙන කාටද ඔහොම girls’ schools වලට පනින්න හම්බවෙන්නේ… ආහ් ? IT වලට පිං සිද්ධවෙන්න තමයි !
මම යනකොට අපේ මල්ලි බබාලා කස්ටියක් ඇවිල්ලා ඒ වෙනකොටත් වැඩ පටන්ගෙන. කෝම හරි උදේ පාන්දර ආවා judges ලා… අපේ එවුන් දන්නෙ නැද්ද ආ… nanotechnology කස්ටිය, hardware කස්‍ටිය, networking කස්ටිය, port programming වෙනුවෙන් මම සහ මම අපහු සැරයක් PHP ඉදිරිපත් කිරීම් ටික කොලා. දැං නිකං judges ලා කොරවෙලා ! උං ජීවිතේට මෙහෙව් ITයක් ඉගන ගන්නෙ නැතිව ඇති !!! අංතිමට උං ටික යන්න ගියා. අපි ඉතිං ඊට පස්සෙ සුපුරුදු විදියට ගර්ල්ස්කූල් එකෙයි අනිත් ආරාධිත ඉස්කෝල වලයි කස්ටිය ට IT ඉගැන්නුවා.
ප්‍රදර්ශනේට අපි, ශාන්ත තෝමස් විද්‍යාලය, මාතර මහා වද්‍යාලය, වැලිගම ඉස්ලාම් විද්‍යාලය ත් දෙවැනි දවසේ සුජාතා විද්‍යාලයත් සෙට් වුනා. පළමුවැනි දවසේ සුජාතෙන් ආවෙ නැතෙයි කියන්නේ උන්ගේ ශිෂ්‍ය නායිකා දිව්රුම් දීම නිසාලු. ඔය girls’ schools අතරේ තියන වලි අපි දන්නව ද නේ ? 😉
කොහොම හරි මේ පාරත් ප්‍රතිඵල වල අමුත්තක් නෑ. යන යන තැන කප් ගහන රාහුලේට මේකෙනුත් පළමු වැනි ස්ථානේ හම්බවුනා. එක ඉතිං කියන්නත් දෙයක් ද ?
7 responses to “TECHNO 2009 – මාතර ශාන්‍ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයීය තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය.”
hm hm hmm.. great job buddy
mona valida halo. SV n STG r like sisters nah
මෙයාගේ වැඩ අහලමත් මදි වගේ!
ela kolla ela
kothana giyath rahula is the best
ela
නියමයි.මමත් රාහුල.මල්ලි පොන් නො.1 දෙනවද/
nuwan4you@gmail.com