ඔබේ Twitter ඉතිහාසේ ඔබේ කැලැන්ඩරයට.


අපි අන්තර්ජාලය භාවිතා කරන අතරතුර නොයෙකුත් නොයෙකුත් දේවල් Tweet කරනවා. කවදාවත් හිතුනද මේ චූටි චූටි Tweets එකතු කළොත් පොඩි දිනපොතක් වගේ එකක් හැදෙනවා නේද කියලා ? අපිට අමුතුවෙන් පොඩ්ඩක්වත් මහන්සි වෙන්න කියන්නේ නැතිව, අපි භාවිතා කරන දිනදසුන් මෘදුකාංග තුළින් අපේම tweets වලින් දිනපොතක් හදලා දෙන්නට සමත් සේවාවක් ගැන තමයි මම දැන් කියන්නට යන්නේ.

මේ සේවාව නමින් “Twistory”. ඒ නම හැදුනේ “twitter” සහ “history” යන වදන් ද්‍විත්‍වය සන්‍ධි වීමෙන් (twitter + history) බවයි ඒ අඩවියෙන් කියන්නේ.

මේ අඩවියේ ලියාපදිංචි වෙන්න ඕනත් නැහැ. අපිට කරන්න තියෙන්නේ සරල දෙයයි. ඒ තමයි මුල් පිටුවේම තියන පෙළ කොටුවට අපේ Twitter පරිශීලක නාමය දෙන එක. ඊට පස්සේ අපිව ගෙනියනවා මෙන්න මේ වගේ පිටුවකට :

Twistory විසින් අපි භාවිතා කරන දිනදසුන් මෘදුකාංගවලට ආනයනය කරන්න පුළුවන් ආකාරයේ iCalendar ගොනුවක් සකසනවා. මේ පහළ තියෙන්නේ එය මගේ Google Calendar එක වෙත ආනයනය කළාට පස්සෙ පේන විදියයි :

ගිහින් බලන්න : http://twistory.net


2 responses to “ඔබේ Twitter ඉතිහාසේ ඔබේ කැලැන්ඩරයට.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *