ඔයාල මගේ බ්ලොග් එක එක්ක ටිකක් විතර ළඟින් ආශ්‍රය කරනව නම් දන්නවා ඇති කවුද hal597 කියන්නේ කියලා. එයා ගැන හැඳින්වීමක් මම කලිං ලියපු “පරිගණකයයි මමයි.” කියන ලිපියෙත් දාල තිබ්බා. ඒ ටික මම මෙතනත් උපුටා දක්වන්නම්.
මගේ පරිගණකය ගත්තේ 2006/06/01 දින (අපරාදේ.. 06-06-06 ගැන කලිං හිතුන නං 6 වෙනිද ගන්නවා!:P). මම මේ පරිගණකයට දාලා තියන නම තමයි “hal597″. මේ නම හැදුනු හැටිත් පොඩි කතාවක්.
ඔයාල කියවල තියෙද ආතර් චාල්ස් ක්‍ලාක් මහත්තයගෙ 2001,2010, 2061 සහ 3001 කියන පොත්? ඒ කතා පෙළේ සඳහන් වෙන ඩිස්කවරි යානාවේ කෘත්‍රීම බුද්ධිය සහිත පරිගණකය තමයි “HAL 9000“, එයාට පෘථිවියේ තව සහෝදරියකුත් ඉන්නවා “SAL 9000” කියලා. ඉතිං ඔන්න ඔතනින් තමයි මගේ පරිගණකයේ නමේ “hal” කෑල්ල ආවේ. එතකොට 597, ඒක තමයි මගේ පරිගණකයේ වේගය, 597MHz.
ඕං ඉතිං පහුගිය බදාදා උදෙත් මම මේකෙ වැඩ කරලා ඉස්කෝලෙයි පංතියි ගිහිං ගෙදර ඇවිත් ඉස්සෙල්ලාම සපුරදු පරිදි ඔන් කළා මැසිම. කොහෙද, සුවිච්චෙක එබුවට වැඩක් නෑ නෝ හෙල්ලුං! :O
ආහ්, මහ දෙයක් වෙන්න බෑ, පවර් සුවිච්චෙක අස්පට් ගහල වෙන්ටැ කියල හිතාන මම කේසින් එක ඇරලා පවර් සුවිච්චෙකට එන වෑර් දෙක සුවිච්චෙකෙං ගලෝලා කෙලිංම සම්බන්ධ කළා. එහෙම කරළා කරන්ට් එක දුන්නා. ම්හු, වැඩ කොරන්නෙ නෑහ්!
මැසිමට කරන්ට්ටෙකත් එනවා, හැබැයි පවර් සප්ලයි යුනිට් එකෙං ඇතුලට කරන්ට් එක එන්නෙ නෑ. ඒකට බඩු හරි වෙලා තමයි. එදා දවල් තදින් අකුණුත් ගැහුව කියල අම්ම කීව, ඒත් කොම්පූටරේ ඔෆ් කොරල තියෙද්දි ගහන අකුණු මේක කැඩෙන්න බලපෑවද කියන එක නම් මට සැකයි. හැබැයි ඉතිං පවර් සප්ලයි එකේ ඇතුලෙ ධාරිත්‍රක වලත් විද්‍යුතේ සැලකිය යුතු ප්‍රමාණයක් තියනව නොව.
ඉතිං මොකක් කරන්නද? මගේ දුකට සැපට – සැපට දුකට ඕන එහෙකට මාත් එක්ක ඉඳපු මගේ මිත්තරයා. මේ ලෝකෙ මම ගැන හිතන එකම එක්කෙනා ජීවිතෙං සමු අරං! දුක තමා.
සමහරු තමංගෙ පරිගණකෙට කෑල්ල කියල කීවට මටනං මේක කෑල්ලක් වගේ පෙනුනෙ නෑ. මේක මම දැක්කෙ මගෙ බොක්ක එහෙම නැත්තං හොඳම ප්‍රෙන්තෙක් විදියට. මොකද කෑලි කවදාවත් අනිත් එකාව තේරුං ගන්නෙ නැහැ නොව, ඒත් මේක නං හැමදාම මාව තේරුං ගත්තා.
තමංගෙ වේගෙ 597MHz උනත් ගේම් ගහන්නෙ නැති, 3D අනං මනං ඩිසයින් කරන්නෙ නැති, වෙන වෙන “බර” වැඩ මොනවත් කරන්නැති මට ඒක හොඳටම සෑහුනා. තමංගෙ බොස් වෙනුවෙං කරත්ත සීයක් එකපාර ඇදල දුන්නු නන්දිවිසාල වෘෂභයා වගේ hal597 තමංගෙ උපරිමෙන් මට බොක්ක දුන්නා.
තඩි තඩි කොම්පීටර් තියාගෙන ෂෝ එක දාන අපේ සමහර එවුංට වඩා සිය දහස්ගුණේක වැඩ මම මේකෙං කරගත්තා. බැරිමරගාතේ හරි hal597 කෝමහරි ඒ ඔක්කොම කරලත් දුන්නා!
කොහොම උනත්, ගිය බදාදා ඒක කැඩුනට පස්සෙ මට තේරුනා මේක ප්‍රතිසකස්කරන්න ට්‍රයි කරන එකේ තේරුමක් නැති විත්තිය. ඉතිං මම තීරණේ කළා තවත් පාවිච්චි කරපු පරිගණකයක් ගන්න.
ඊයෙ (27) අළුත් කොම්පීටරේ ගෙනාවා. බලමු මූටත් මට බොක්ක දෙන්න පුළුවං වෙයිද කියලා.
සකසනය Intel Pentium IV 3.00 GHz සහ මතකය 512MB තමයි ඒකෙ ප්‍රධාන පිරිවිතර.
96MB වීඩියෝ මතකයක් තියන නිසා hal597 හි 8MB වීඩියෝ මතකය මදි නිසා සක්‍රීය කරන්න බැරි උනු අනං මනං තොරං ටිකත් මේකෙ වැඩකරන්න ඇහැකි.
මගේ පරිගණක නම් තැබීමේ ක්‍රමවේදය අනුව මේකෙ නම තමයි hal3000!


@~බිன்ku~: යා යා. ආරක්‍ෂණ ක්‍රමවේද තර කොරන්න ඕන තමා.
@මනුශාන්: තැංකූ මචෝ!
Posted by budhajeewa on November 28th, 2009.
නව ප්‍රේමයට මගේ සුභ පැතුම්. මේපාරවත් UPS එකක් ගෙනැල්ලා පරිස්සං කොර ගනිං!!!
උබූන්ටූ තියෙනකං කොයි එකත් ඒකයි නෙව? උම නම් සිරාම සිරා මචං ඇත්තටම. නියම සත්‍යප්‍රේමභංග කෙනෙක් කොටින්ම කිව්වොත්!!!
Posted by ~බිன்ku~ on November 28th, 2009.
එළස්
පරණ යාලුවට වෙච්ච අස්පට එක ගැන කණගාටුයි
අලුත් යාලුවා අරයා වගෙ බොක්කක් වෙන්නයි කියලා සුබ පතනවා
Posted by Anonymous on November 28th, 2009.
ගෙදරින් එලියට බහිනව නම් වයර් ඔක්කොම ගලවල දාල යන්න… නැත්නම් සොරි.කොම් තමයි.. මම දන්න කියන තුන්-හතර දෙනෙක්ම PC (සති 2ක් වගේ අතුලත) වලට කෙලවගත්තා අකුණු වලට පින් සිද්ද වෙන්න…
Posted by Gayantha on November 28th, 2009.
512mb මතක කොහෙන්ද අප්පා හොයාගත්තේ
Posted by Prabath on November 28th, 2009.
මමත් අහල තියෙනවා ඔය බොර්ඩ් පරිපථ අකුණු වලට හොඩාක් සංවේදී නිසා ඉක්මනටම කෙළ වෙනව කියලා.කොහොම හරි අලුත් මැසිම ගත්ත එකනම් එළ.මමනම් වී 11320 තමයි.
Posted by Dilanka on November 28th, 2009.
සබාෂ් !
කීයක් උනාද ඕක??
Posted by ඉන්දරේ on November 28th, 2009.
@Gayantha: ආනේ මන්ද බ්‍රෝ, මමත් පවර් – ෆෝන් කේබල් 2ම ගලෝල තමයි කොහේ යතත් යන්නේ. ඒත් දන්නෙ නැද්ද, නපුරු කලට වට් ටු ඩූ?
@Prabath: කඩෙං!
@Dilanka: ඒක නොව බං!
@ඉන්දරේ: සාබාෂ්? හේ තූ පාගල් හෝගයා? මගේ පරණ මැසිම කැඩුනු එකටද උඹ ඔය හොඳයි කියන්නෙ? :/
මේක ඇවිල්ලා "රුපියල් 21,150.00 පමණි!" කියලැයි ලදුපතේ තියෙන්නෙ.
Posted by budhajeewa on November 29th, 2009.
මා ත් හොඳට ම පිස්සු වැටිච්ච පොතේ චරිතයක් තමයි හැල්. ඔතන තවත් කතාවක් තියෙනවා. හැල් හෙවත් HAL අකුරු වලට පස්සේ ඊළඟට තියෙන අකුර ගානේ දාගෙන ගියොත් හැදෙන්නේ IBM. ඒ කියන්නේ ආතර් සී ක්ලා(ර්)ක් මහත්තයටත් IBM ගැන හිතිලා තියෙනචා.
Posted by නිලන්ත on November 29th, 2009.
@නිලන්ත: මම දැක්ක Wikipedia එකේ කියල තියනව HAL සහ IBM කියන නම් අතර සම්බන්ධේ නිකං හිතලුවක් ලු, ආතර් C. ක්ලාත් මහත්තය එහෙම එකක් හිතල නෙවෙයි ලියල තියෙන්නෙ කියලා.
Posted by budhajeewa on November 29th, 2009.
පරණ මිත්තරයා ගැන බලවත් කණගාටුව. අළුත් මිත්තරයා තව කාලයක් පාවිච්චි කිරීමට ලැබේවායි පතනවා
Posted by Thilina on November 30th, 2009.
@බුධාජීව
සබාෂ් කිව්වෙ අලුත් මැසිමක් ගත්ත එකට ! පරණ එක කැඩුනු එකට නං කියන්න තියෙන්නෙ "අනිච්චාවත සංඛාරා" කියල තමා
@බුධාජීව @නිලන්ත
මොනව උනත් IBM එක හිතල තියෙන්නෙ ක්ලාක් මහත්තය ඕක හිතලම කරපු දෙයක් කියල. ඒක තමන්ට කරපු ගෞරවයක් විදියට සලකල ඔවුන් ක්ලාක් මහත්තයට IBM ThinkPad laptop එකක් තෑගි කරල තියෙනව. (ඒ කාලෙ හැටියට ලැපක් කියන්නෙ සුපිරි භාණ්ඩයක් නේ)
Posted by ඉන්දරේ on November 30th, 2009.
@Thilina: තැංකූ වේවා!
@ඉන්දරේ: ඉන්දියන් ක්‍රමේටම "රාම් නාම් සත්‍ය හේ!" කියකිය කෑ ගහගහ ගංගානම් ගඟ අද්දර දර සෑයක් හදල ආදාහනේ කරලා, අළු ටික ගංගානම් ගගේ පා කරල ඇරිය නං හරි!
මාත් ලියන්න ඕන හොඳ කොම්පීටර් එකක නමේ අකුරුවලට කලිං තියන අකුරු වලින් නම තියන පරිගණකයක් ඉන්න කතාවක්!
Posted by budhajeewa on November 30th, 2009.
ඔව්, කොච්චර අබලං වුණත් කාලයක් තිස්සෙ තමන් එක්ක දුක සැප බෙදාගත්තු මිත්‍රයා තමන්ව හැරදාල යනකොට එන දුක මටත් දැනිල තියෙනවා.
අළුත් යුගදිවියට සුබ පැතුම්!
Posted by තමීර on December 1st, 2009.
මගෙත් පරණම කෑල්ල (2004/*/*) (නැවියාගෙ බිරිඳ නැව නම්, අපි කෑල්ල මැසිම තමා
). බවුතිස්ම කරපු විදියට නෙව උබැහැත් දාලා තියෙන්නේ . (mine was HAL500 (500 mhz)) .
ඊලඟට ආපු 3.0 එක ENIAC (හේතු අවශ්‍ය නෑනෙ?) (මේක විකාර නටන වෙලාවට මිනියැක්
).
දැන් මගේ වත්මන් ලව් එක Max2000 (dual core 2.10) (හේතු ඇවැස්සෝ War Games 2, the Dead code බලත්වා ; ඒකේ සිරා සුපිරි පරිගණකය බිම දාන, අතෑරලා දාපු පරිගණකය විමසත්වා)
Max vs ENIAC තමා
——————–
hal597 ට නිවන්සුව !! hal3000 ට ජය වේවා!! .
හැබැයි 2001 දි වගේ පිස්සු කෙලිනකොට මොල කෑලි ගලවන්ට යන්න එපා. දෙන විධානෙ හරියට දෙන්ට. නැත්තම් පූල් වගේ මැරිලා උපදින්න වෙයි
Posted by Gayan Kalhara on December 1st, 2009.
@තමීර: ඒකනේ බ්‍රෝ! :/
@Gayan Kalhara:
[said:Gayan Kalhara]
නැවියාගෙ බිරිඳ නැව නම්, අපි කෑල්ල මැසිම තමා
[/said]
නැවියගෙ බිරිඳ නැව වෙන්නෙ කෝමද බං? Oo
[said:Gayan Kalhara]
මේක විකාර නටන වෙලාවට මිනියැක්
[/said]
[said:Gayan Kalhara]
හේතු ඇවැස්සෝ War Games 2, the Dead code බලත්වා ; ඒකේ සිරා සුපිරි පරිගණකය බිම දාන, අතෑරලා දාපු පරිගණකය විමසත්වා
[/said]
A strange game. The only way to win is not to play!
[said:Gayan Kalhara]
හැබැයි 2001 දි වගේ පිස්සු කෙලිනකොට මොල කෑලි ගලවන්ට යන්න එපා. දෙන විධානෙ හරියට දෙන්ට. නැත්තම් පූල් වගේ මැරිලා උපදින්න වෙයි
[/said]
HAL පිස්සු නටන්න ගත්තේ එකවර ක්‍රියාත්මක කළ නොහැකි විධානයන් 2ක් ලැබීම නිසා නේ (1. කණ්ඩායමක් විදියට මිනිසුන් සමග කටයුතු කිරීම. 2. චාරිකාවේ සැබෑ අරමුණ ශිශිර තාරක නින්දේ නොසිට සක්‍රීයව සිටින ඩේව් බෝමන් සහ ෆ්‍රෑන්ක් පූල්ගෙන් වසන් කිරීම.), ඉතිං මම කියන දේ කෙලින් කියන නිසා මේකට මාත් එක්ක පිස්සු නටන්න වෙයි කියල මම හිතන්නේ නෑ, අනික මේකත් එක්ක වැඩ කරන්නෙ මම විතර නේ!
ආපහු සැරයක් පොත් සෙට් එක කියවන්න හිතෙනවා බං! මම ඕක කියෙව්වෙ 3-4 වසරෙදි විතර, ඒක නිසා සමහර සිරා පොයින්ට්ස් නෝට් වෙන්නෙ නැතිව යන්නත් ඇති!
Posted by budhajeewa on December 1st, 2009.