මේ ලියනම මම නම් කවදාවත් පරිගණකයට ඍජුව ටොරන්‍ටයක් බාල නෑ. නමුත් මගේ යාළුවො කියපු විදියට, කෙලින්ම පරිගණකයට ටොරන්‍ටයක් බානව කියන්නෙ කාලෙ කන වැඩක්. චිත්‍රපටියක් වගේ දෙයක් බාන්න ගියාටම දවසක් උනත් ගතවෙන්න පුළුවන් ලු සම්පූර්ණයෙන් බාල ඉවර කරන්න.
දැං මම මේ කියන්න යන ක්‍රමය නිසා SLT ADSL HomeExpress ජාල සබඳතාවයක් භාවිතා කරමින් පැය 4ත්-5ත් අතර කාලයක් තුළ 700MB ගොනුවක් බාගන්න පුළුවන්.
මෙන්න මේකයි ක්‍රමය. ඔයාල අහල ඇති ImageShack [http://imageshack.us/] කියල සේවාවක් ගැන. ඇත්තටම මෙය ඉස්සර පැවතුනේ image hosting (අපගේ පිංතූර ඔවුන්ගේ සේවාදායක වල ගබඩා කරන්න ඉඩ ලබා දෙන) සේවාවක් විදියට. නමුත් දැනට කාලෙකට පෙර ඔවුන්ගේ සේවා අතරට තවත් සේවාවක් එකතු උනා. ඒක තමයි “ImageShack Torrent Drive”.
මේ ImageShack Torrent Drive එකෙන් කෙරෙන දේ සරලව කිවුවොත්, අපි ඒ වෙත ලබා දෙන් ටොරන්ට් ගොනුවක් (උදා: abc.torrent) මගින් දක්‍වන ගොනු ඔවුන්ගේ සේවාදායක වෙත බාගෙන, ඉන් අනතුරුව සාමාන්‍ය ගොනුවක් බාන අන්‍දමට අපේ පරිගණකයට බාන්න අවස්ථාව සලසල දෙන එක. මේ සේවය නිසා ටොරන්ට් එකක් බාන එක පහසුවෙන් මෙන්ම ඉක්මනින් කරගන්න අවස්ථාව අපිට ලැබෙනවා.
සටහනක් මගින් දැක්වුවෙත් ටොරන්ටයක දැක්වෙන ගොනු අපේ පරිගණකයට එන්නෙ පහත මාර්ගය දිගේ :
ටොරන්ටය (එහි දැක්වෙන ගොනු) – - > ImageShack Torrent Drive – - > අපේ පරිගණකය
කතා ඇති.. කොහොමද මේක කරන්නෙ ???
හරි හරි.. හැඳින්වීම එච්චරයි !
මේ සඳහා ඔබේ පරිගණකයෙහි පහත අවශ්‍යතා සපුරා තියෙන්න ඕනෑ :
- Mozilla Firefox [http://www.mozilla.com/en-US/firefox/]
- Reload Every plugin for Mozilla Firefox. [https://addons.mozilla.org/en-US/firefox/addon/115]
මෙන්න මෙහෙමයි කරන්නෙ :
- වැඩේ කරන්න Mozilla Firefox භාවිතා කරන්න.
- ImageShack [http://imageshack.us/] වෙත ගොස් එහි ගිණුමක් තනා ගන්න. (මෙය විස්තර කළ යුතු නැහැ. සාමාන්‍ය පරිදි ඔබගේ තොරතුරු ලබා දුන් පසු, තහවුරුකෙරුම් ලිපියක් ඔබගේ ඊමේල් ලිපිනයට යාවි, එහි ඇති සබැඳිය ක්ලික් කෙරුමෙන් ඔබට ඔබගේ ගිණුම සක්‍රීය කරගත හැකි වේවි.)
- ImageShack වෙත පිවිසෙන්න.
- එහි දැක්වෙන “ImageShack Drive” සබැඳිය ක්ලික් කෙරුමෙන් ImageShack Torrent Drive [http://tor.imageshack.us/tor] වෙත යන්න.
- දැන් ඇත්තේ අපගේ ටොරන්ට් ගොනුව (abc.torrent) ImageShack Torrent Drive වෙත ලබා දීමයි. මේ සඳහා ක්‍රම දෙකක් තියනවා. එක – ඔබගේ පරිගණකයට බාන ලද ටොරන්ට් ගොනුවක් ImageShack Torrent Drive වෙත පැටවීම, දෙක – අදාළ ටොරන්ට් ගොනුවේ ලිපිනය (URL) ImageShack Torrent Drive වෙත ලබා දීම. අපි බලමු මේ ක්‍රම 2න්ම ම කොහොමද මේක කරන්නෙ කියල.
- Torrent via File :
මේ ක්‍රමයෙදි ඔබට පුළුළුන් ඔබගේ පරිගණකයට බා ඇති ටොරන්ට් ගොනුවක් ImageShack Torrent Drive වෙත පටවන්න.
ඊටෙ පෙර මෙහිදී ඔබට “Edit Selection” සහ “Begin Torrent” ලෙස තෝරාගැනීම් 2ක් තිබෙනවා. මෙහි Edit Selection යනු ටොරන්ට් ගොනුවෙන් දක්‍වන ගොනු එකකට වඩා වැඩි ගණනක් ඇතිනම්, එයින් ඔබට බෑමට අවැසි ගොනු/ව තෝරාගැනීමට අවස්ථාවක් ලබා ගැනීමයි. Begin Torrent යනු එසේ තෝරාගැනීමකින් තොරව ටොරන්ටයෙන් දැක්වෙන සියළු ගොනු බෑමයි.
අනතුරුව, මෙහි ඇති ගොනු ගවේෂකයෙන් අදාළ ටොරන්ට් ගොනුව තෝරා “Go” නැමති බොත්තම ක්‍ලික් කළ යුතුයි. - Torrent via URL :
මේ ක්‍රමයේදී සිදු වන්නේ යම් ටොරන්ට් ගොනුවක ලිපිනය (URL) (උදා : http://blog.buddy-j.jeewaya.com/abc.torrent) ImageShack Torrent Drive එක වෙත ලබා දීමයි.
ඊටෙ පෙර මෙහිදී ඔබට “Edit Selection” සහ “Begin Torrent” ලෙස තෝරාගැනීම් 2ක් තිබෙනවා. මෙහි Edit Selection යනු ටොරන්ට් ගොනුවෙන් දක්‍වන ගොනු එකකට වඩා වැඩි ගණනක් ඇතිනම්, එයින් ඔබට බෑමට අවැසි ගොනු/ව තෝරාගැනීමට අවස්ථාවක් ලබා ගැනීමයි. Begin Torrent යනු එසේ තෝරාගැනීමකින් තොරව ටොරන්ටයෙන් දැක්වෙන සියළු ගොනු බෑමයි.
අනතුරුව, මෙහි ඇති පෙළ කොටුවේ අදාළ ටොරන්ට් ගොනුවේ ලිපිනය ලියා “Go” නැමති බොත්තම ක්‍ලික් කළ යුතුයි.
- Torrent via File :
- ඔබ ඉහත පියවරයන් හිදී Edit Selection යන්න තෝරාගත්තේ නම්, මීළඟ පියවරේදී ටොරන්ටයේ දැක්වෙන ගොනු අතුරින් ඔබට බෑමට අවැසි ගොනු තෝරාගැනීමට අවස්ථාවක් උදා වනු ඇති.
- මීළඟට බොහෝ දුරට ඉඩ ඇත්තේ “Shared Pool Limit” එක වෙත ළඟාවී ඇති බව කියවෙන පණිවුඩයක්. ඒ කියන්නේ නොමිලේ ලබා ගත හැකි සියළු ඉඩ භාවිතා කරමින් පරිශීලකයන් ටොරන්ට බානා බැවින්, ඔබේ ටොරන්ටය දැන්ම බෑම ආරම්භ කළ නොහැකි බවයි.
දැන් ඔබට කරන්නට ඇත්තේ ඔබේ ටොරන්ටය ආරම්භ වන තුරු පිටුව ප්‍රතිපූරණය කරමින් ඉන්න එකයි. එහෙම ප්‍රතිපූරණය නොකළොත් ටොරන්ටය බෑම ආරම්භ වෙන්නෙ නෑ. Firefox මත ස්ථාපනය කළ Reload Every ප්‍ලගිනය පිහිටට එන්නේ මෙහිදී. එයට පුළුවන් දෙනලද පිටුවක් නිශ්චිත කාල ප්‍රාන්‍තරයක් තුළ ස්‍වයංව ප්‍රතිපූරණය කරන්න. ඔබට මෙහි ඇති අඩුම කාල ප්‍රාන්‍තරය වන තත්පර 5 කට වරක් ප්‍රතිපූරණය වීම යොදාගත හැකියි. මෙලෙස ඔබේ ටොරන්ටය බෑම ආරම්භ වූ පසු ඔබ නැවත ImageShack Torrent Drive එකෙහි මුල් පිටුවට ගෙන යනු ඇති. එවිට Reload Every අක්‍රීය කර දමන්න. (Reload Every ප්‍ලගිනය භාවිතා කිරීම පැහැදිළි කෙරුම මෙම ලිපියේ අරමුණ නොවන අතර, ඒ සම්බන්‍ධ විස්තර ගූගල් කරන්න.) - ImageShack Torrent Drive එකෙහි මුල් පිටුවේ බාන ලද – බෑවෙන – බාන්නට බලාපොරොත්තුවෙන් සිටින ටොරන්ට වල තත්වයන් දැක්වෙන අතර, බාන ලද ටොරන්ටය සඳහා ඇති Download බොත්තම ක්ලික් කෙරුමෙන් ඔබගේ පරිගණකය වෙතට සාමාන්‍ය ගොනුවක් සේ අදාළ ටොරන්ටයෙන් දැක්වූ ගොනු බා ගත හැකියි.
මට හිතාගන්න බැරි මොන අරමුණකින්ද ImageShack විසින් තමංගෙ සේවාදායක ඉඩ භාවිතා කරමින් මේ මෙය කරන්නෙ කියල. සමාජ සේවය වත් ද ?


බොහෝම ස්තූතියි මල්ලි……..මමත් කලින් ඔය වගේ කලා ටොරන්ට් එක ඉමේජ් ඩ්‍රයිව් එකට බාලා ඉවර උනා කියලා දැන ගන්න කොච්චර වෙලා යනවාද………..??
Posted by Uraj Deemantha on May 29th, 2009.
@ Uraj:
බාලා ඉවර උනාම එතන වැටෙනව "Download Completed" කියල. එතකොටයි අපේ පරිගණකෙට බාන්න පටන් ගන්න ඕන.
සාමාන්‍යයෙන් 700MB බාන්න පැය 2 ක් – 3 ක් යනව. ඒක එක එක ටොරන්ට් එක මත රඳා පවතිනව. X-Men Origins : Wolverine (698.3MB) බාන්න පැය 2 යි, මිනිත්තු 7 යි ගියේ. ඒ වුනාට, Twiligh (701.4 MB) බාන්න පැය 4 යි , මිනිත්තු 22 ක් ගියා.
Posted by Buddy-J on May 29th, 2009.
නෑ නෑ මල්ලි මම ඇහුවේ අපි බලාගෙන ඉන්න ඕනාද ටොරන්ට් එක ඉමේජ් ඩ්‍රයිව් එකට බෑවෙනකනුත්………….??
Posted by Uraj Deemantha on May 29th, 2009.
ඕක මීට ගොඩක් කලින් අපි දැනගත්තා බ්ලොග් එකක තිබිල මට කගෙ බ්ලොග් එකේද කියලනම් මතකනෑ
Posted by patha on May 29th, 2009.
තැන්කූ ට්‍රයි කරලා බලන්නම්…
Posted by අනූ on May 29th, 2009.
හොඳට seeders/peers ලා ඉන්න ටොරන්ට් එකක් නං, එක දිගට ~50kbps ස්පීඩ් එකෙන් එනවනං දවසක් ඉන්න ඕනෙ නෑ. පැය හතරහමාරකින් විතර වැඩේ අහවර වෙනවා.
ඉමේජ්ෂැක් එකෙන් ආපහු ගන්නත් ඒ වෙලාවම යනවනේ.
ඔය යාලුවො කියන්න ඇත්තේ seeders/peers අඩු චාටර් ටොරන්ට් ගැන වෙන්නැති
Posted by ප්‍රවී on May 29th, 2009.
@Uraj ඉමේජ් ඩ්‍රයිව් එකට බෑවෙන්න දාලා ඔයාගෙ වැඩක් කරගන්න,පැය කීපෙකින් අවිත් බලන්න බෑවිලාද කියලා. බෑවිල නම් කෙලින්ම අපේ පරිගනකයට සාමාන්‍ය ගොනුවක් වගේ Down load manager එකක් පවිච්චි කරලා බාගන්න පුලුවන්.
Posted by deeps on May 29th, 2009.
මම නම් ඔකෙන් මාරම තොගයක් බාල තියෙනවා. මේ ලගදි Alias Season 5 බෑවා 5.8GB විතර. 5GB ට වඩා වැඩි නිසා දෙපාරකට බෑවේ. මට නම් ඕකෙ account 4ක් තියෙනවා. නියම සේවයක්…
Posted by Thilina on May 29th, 2009.
මමත් එකක් දාලා බැළුවා. stopped කියල වැටිල තියෙන්නෙ ඒ මොකද? start කලත් හරියන්නෙ නෑනෙ.
Posted by අනූ on May 29th, 2009.
@ ප්‍රවීන් ඉන්ද්‍රනාම :
seeders/peers හොඳ මට්ටමක කියල කියන්න කොච්චර seeders ල ඉන්න ඕන ද ?
Posted by Buddy-J on May 29th, 2009.
@ අනු
Active වෙනකම්ම Reload කරන්න. වැඩේ හරිගියා නම් ACTIVE Downloading කියල කොළ පාටින් වැටෙනවා.
Posted by Thilina on May 29th, 2009.
මේකෙ වටිනාකම තියෙන්නෙ මේ වගේ වෙලාවල් වලදියි,
1. bittorrent ප්‍රොටෝකෝලය බ්ලොක් කර ඇති නෙට්වර්ත් වලදී (උදා: ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වලට අන්තර්ජාල සේවා සපයන LEARN ජාලය)
2. bittorrent ප්‍රොටෝකෝලය සඳහා කුඩම්මාගේ සැලකිලි දක්වන Dialog WiMAX වැනි සම්බන්ධතා සඳහා.
මේ හැරෙන්නට, හොඳ ටොරන්ට් එකක් නම්, කෙලින්ම පරිගණකයටම බාන එක ලේසියි. කාලයත් ඉතුරු වෙයි.
@බුධාජීව
seedersලා ගාණක් එහෙම විශේෂ නෑ. මොකද එය රඳා පවත්නේනෙ seeder අප්ලෝඩ් කරන වේගය මත. 512kbps ADSL සම්බන්ධතාවය සඳහා ටොරන්ට් එකක් ආරම්භ කර විනාඩි දෙක තුනක් යද්දී ~50kbps ස්ථාවර වේගයක් ලැබේ නම් එය හොඳ ටොරන්ට් එකක්.
විශේෂයෙන් මතක තබාගත යුතුයි upload ස්පීඩ් එක 5kbps ට සීමා කරන්න. එය 0 කල නොහැකි අතර, 5ට වඩා වැඩි උනොත් ඩවුන්ලෝඩ් වේගය අඩුවේවි.
Posted by ප්‍රවී on May 29th, 2009.
දැන් වරුවක් තිස්සේ මම RELOAD කරනවා STOPPED කියලමනේ වැටෙන්නේ ……….!!
Posted by Uraj Deemantha on May 29th, 2009.
ඔත්තුවට ස්තූතියි මචං.
මම පොඩි වැඩක් කලා. Twiligh ෆිල්ම් එක එක වෙලාවෙ imageshack එකෙනුයි µTorrent එකෙනුයි දෙකෙන්ම බාන්න දැම්මා.
මට නම් ඉක්මනින් බාල ඉවර කරලා දුන්නේ µTorrent එකයි. ( හැබැයි එ වෙලාවෙ seeds upload හොඳ වේගයක් තිබුනා. අනික ලංකාවේ වගේ download 54 Kbps වලින් නවතින්නේ නැහැ. මට ආවා 298 avg. speed එකක්. 40 min වලින් බාල ඉවර උනා µTorrent එකෙන්.)
හැබැයි මට හිතෙන විධියට seeds අඩු එකක් බාන්න imageshack එක හොඳයි. මොකද බෑවෙන්න දාලා හෙට උනත් ඇවිල්ලා බැලුවකිනේ බෑවිලාද කියලා. කොම්පියුටරය on එකේ තියන්න ඕනා නෑනේ.
Posted by රොයිලි on May 29th, 2009.
@ අනූ , Uraj Deemantha මටත් ඕකම උනා මම Torrent via URL විධියට බාන්න යනකොට. හැබැයි Torrent via File විදියට ඕක උනේ නෑ.
හැබැයි ඔහොම උනාම start එක click කලාම, ආයෙත් Shared Pool Limit පිටුවට යොමු උනා. ඊට පස්සේ ආයෙත් Reload Every ප්‍ලගිනය ක්‍රියාත්මක කීරීම මගින් Active කර ගන්න පුලුවන් උනා.
Posted by රොයිලි on May 29th, 2009.
මමත් මේකෙන් ගිනුම් 20 ක් විතර හදල ටීවී සීරීස් ගොඩක් බෑව. හොද සේවාවක්.
Posted by Anonymous on May 31st, 2009.
මේකෙන් බාන එක ලේසි රෑ එලිවෙනකම් දාල තියෙද්දි. මොකද රූ 8 -9 දැම්මහම උදේ වෙද්දි මේකෙන් 16-18GB විතර බැවෙනව. හැබැයි මෙයාල බාපු ටොරන්ට් සේව් කරල තියෙන්නෙ ටික කාලයයි නේද?
Posted by Anonymous on May 31st, 2009.
@ මාලින්ද :
> "බාපු ටොරන්ට් සේව් කරල තියෙන්නෙ ටික කාලයයි නේද?"
ටොරන්ට් එකක් සේව් වෙන්නෙ පැය 239 ක ට. ඒ පැය ගාන අඩු වේගෙන යනකොට, ඒ ටොරන්ට් එකට අදාළව තියන "Stop" කියන බොත්තම ක්ලික් කරන්න. එතකොට ආපහු සුරැකුම් කාලය පැය 239 වෙනවා.
ටොරන්ට් එක තියාගන්න ඕක කර කර ඉන්න.
Posted by Buddy-J on May 31st, 2009.
[...] අංශයකුත් තියනව කියල මම කලිං ලියපු “ImageShack සමග ඉක්මනින් පහසුවෙන් torrents බාමු !” නම් ලිපියේ මම කිවුවා. අපිට මේ ImageShack [...]
Posted by බුධාජීවගේ ලියමන | ImageShack වලට පින්තූර පටවන්න ලිනක්ස් මෘදුකාංගයක්. on October 10th, 2009.
Share ratio එක හොඳට තියනවනම් මේකෙන් කිසිම වැඩක් නෑ. එහෙම වෙලාවට කෙලින්ම බාන්න. Share Ration එක Poor නම් මේකට දාල PC එක නිවල තියන්න. බෑවුනාම DAP වලින් බාන්න. එතකොට PC එක දාල තියන වෙලාව අඩු කර ගන්න පුලුවන්.
Posted by මලින්ද on November 1st, 2009.