Sanmark "වාර්ෂික annual trip චාරිකාව" 2011

අපෝ උපේ විබාගේ ඉවර වෙච්චි හැටියෙම මම අපේ ගයාන් තාරක ලොක්කාගේ රෙකමදාරුව පිට එතුමාත් වැඩ කරන Sanmark Solutions ආයතනෙට වැඩට ගියැයි කියලා ජංජාලේ බොහෝම සුවල්ප දෙනෙක් දන්නවා මයෙ හිතේ. මේ කියන්න ලැහැස්ති වෙන්නේ අපේ කස්ටිය මේ පාර ගියපු Sanmark “වාර්ෂික annual trip චාරිකාව” 2011 විස්තර. 
 

The "පසුපස ආසන ගැංසිය".

The "පසුපස ආසන ගැංසිය".

ගමනට අපේ ඔපීසියෙ කෝසල අයියා හෙවත් ලොක්කා සහ දෝනි අක්කා හෙවත් කෝසල අයියාගේ ප්‍රියම්භිකාවද, තිලිණ අයියා, මිස්ටර් රසික සහ මිස්ටර් ප්‍රසාද් යන තොම්සන් සහ තොම්සන්වරුද, රංග බ්‍රදර් අයියාද, ගයාන් තාරකද, අනුෂා අක්කාද, සුරේකා අක්කාද, තිලිණි අක්කාද, පියුමි හෙවත් “සිංගා අක්කා“ද සහභාගී විය. ඊට අමතරව කෝසලයියාගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ද, මිතුරන්ද කිහිප දෙනෙක්ම එකතු වුනු අතර ඒ අතුරින් සුරාවෙන් සූදුවෙන් මස් මාංශයෙන් තොර සත්ගුණවත් මිස්ටර් ධනූ සහ කෝසලයියාගේ ලොකු අයියාගේ පුත්තරයා වන සදීප මෙන්ම සුරේකා අක්කාගේ මලයාද විසේසයෙන්ම සිහි කළ යුතු අතර ඒ ඔවුන් අපගේ පසු පස ආසන ගැන්සියේ සාමාජිකයන් වූ බැවිනි (රජයේ අවවාදය: බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේළි වලිනි.).

පාහියංගල12 වෙනිද උදේ කෝසල අයියලැයි ගෙදෙට්ට එකතු වුනු කස්ටිය බස්සෙකේ නැගලා බටපොල – ඇල්පිටිය – පිටිගල – මතුගම හරහා ගියේ බුලත්සිංහල. ඒ කෝසල අයියගෙ අයිය කෙනෙක්ගෙ ගෙදර. එහෙං උදේට කාලා ගියේ පාහියංගලට. ගල්ලෙන ඇතුලට ගිහිල්ලා බැස්සා කැනීම් කරපු ස්ථානෙට. පස් ස්ථරෙන් ස්ථරේ පහලට බහිනවා කියන්නේ අවුරුදු දහස් ගණනෙන් දහස් ගණන අතීතයට යනවා වගේ වැඩක්. 

රත්නපුර මහ සමන් දේවාලයපාහියංගල බලාකියාගෙන ආපහු බුලත්සිංහල ඇවිත් එතනිං ගියේ පානදුර – රත්නපුර මාර්ගෙට. එතනිං කෙලිංම විද්දා රත්නපුරට යනකං. රත්නපුර මහ සමන් දේවාලෙට ගිහිං පඬුරුත් දාගෙන මිරිස් දාපු අඹත් කෑවා. ඊළඟට අපි ගියේ බෝපත් ඇල්ලට. එතනිං නාලා එතන තියාගෙනම දවල්ට කෑවා. අපරාදෙ කියන්න බෑ පැය දෙකක් විතර වතුරෙ ඉඳලා කන්න ගත්තම කතෑකි යකෙක් උනත්! කෑම ටික ගෙනත් දුන්නේ ලොක්කගෙ යාළුවො දෙන්නෙක්. අපරාදෙ කියන්න බෑ අපේ ලොක්ක නං යන පැති වල ඉන්න යාළුවන්ට හොඳවයිං දඩ ගහ ගහ ගියේ. ඒ මිනිස්සු ඒ පැති අතෑරලා යන්න කතාවෙනවා අපි අහගෙන. ;)

බෝපත් ඇල්ල

වතුරෙ ඉඳල වැඩි වෙලාද මන්දා නාහෙ අස්පට් වෙලා හෙම්බිලිස්සාව හැදෙන්න ආව නිසා අවධානමට පෙර සූදානම කියලා අයිස්කිලිං කෑවා බෙහෙත් හැටියට. ඒක කාල ටික වෙලාවකිං අර නාහෙ අස්පට්ටෙක නැති උනා.

කැලෑ ගෙදර

BBQඑතනිං කෙලිංම බැස්සේ උඩවලවට. උඩවලවට කිවුවට එදා රෑ නිවාඩු නිකේතනේක නැවතිලා ඉඳලා පස්සෙන්ද උදේ පාක් එකට යන්නයි සැලසුම් කරල තිබුනේ. නැවතුනේ “කැලෑ ගෙදර“ කියන ප්ලේස් එකේ. ඒ පැත්තට යනවනං නවතින්න හොඳ තැන. එදා හවස කස්ටිය පොඩි BBQ පාරක් දැම්මා.

පස්සෙන්දා උදේ හයට විතර සෆාරි ජීප්ස් 3ක් අපි නැවතිලා හිටිය ප්ලේස් එකට ආවත් බවලත් උදවියට පිං සිද්ද වෙන්න අපි හත විතර වෙනකොට ගමන පටං ගත්තා. නැවතුනු තැන ඉඳලා වනෝද්‍යානෙට ටිකක් දුර යන්න ඕන. ඒ යන පාර උඩවලව වැව් බැම්ම උඩිනුත් වැටිලායි තියෙන්නේ. හුලං ඩිංග වැදීගෙන ඒක උඩිං එන ගමන මරු මරු!

වනෝද්‍යානෙට ඇතුලුවෙන තැන ඉදං තොප්පි විකුණන අයියගෙං තොප්පියක් ගන්න අමතක කරන්න එපා!

උඩවලව අලිවනෝද්‍යානෙ ඇතුලෙ සුපිරි! අලිං රංචු බර ගණනක් මග දිගට අපිට හම්බ උනා. අපිව දැක්කම ටිකක් විතර තරහ ගියපු රංචු වගේම අපිව සත පහකට ගණං ගන්නෙ නැති රංචුත් හිටියා.

අපිත් එක්ක ගියපු ජීප් වලින් එකක් මඩේ එරිලා ඒක අපි ගියපු ජීප් එකෙං ඇදපු එකත් හොඳ අත්දැකීමක්. 

අලින්ට අමතරව උකුස්සන් සහ උංගේ කූඩුත් කිහිප වතාවක්ම බලාගත්තා. වැව ආශ්‍රිත ජීවත් වෙන පක්‍ෂීන් මෙන්ම එකම එක කිඹුලෙකුගේ හිසත් පිටත් බලාගත්තා. ඈතින් එකම එක මුව රංචුවක් දැකබලාගන්නත් පුළුවන් උනා. අපේ ගම් වලත් ඉන්න මොනරු නං දැකලම එපා උනා. කට්ටියම කැලේ මැද්දේ එළිපහලියට තියන තැනක ගල් තලාවක් උඩ ඉඳගෙන තමයි උදේට කෑම කෑවේ.

ම“ගේ“ අම්මියෝ!!!

පැය හතරක්-පහක් පාක් එක ඇතුලෙ ඉඳලා ආපහු සැරයක් ආවා නැවතිලා හිටපු තැනට. ජීප්ස් 2ක් ආපහු යවලා (අනිත් ජීප් එක නැවතිලා හිටපු ප්ලේස් එකට අයිති එකක්.) බස් එකෙං ආපහු ගියේ ඇත් අතුරු සෙවනට. අපි එතනට යනකොට අලි පැටවුන්ට කිරි දෙන වෙලාව. කස්ටිය ලස්සනට ඇවිත් කිරි බීලා යනවා. මදි වෙලා අඬන අය නැත්තෙමත් නෑ. හැබැයි මගේ අවධානෙ යොමු වුනේ නං එතන වෙච්චි විශේෂ සිද්ධියකට.

අලි බබ්බු

ඔක්කොම පැටවු ඇවිත් කිරි බීලා ගියාට, කිරි පොවන හරියට ඇවිදං ආපු එක් පැටියෙක් කිරි බොන්න යන්නෙ නැතිව පැත්තකට ගියා. තවත් ගොඩක් දෙනෙක් ඇවිත් කිරි බීලා ගියත් එයා නෙවෙයි කිරි බොන්න ඉදිරිපත් උනේ. අනිත් ඔක්කොම දෙනාට කිරි පොවලා කිරි ගෙනාපු බැරල් ටිකත් උස්සං යනකං බලං හිටපු ඒ පැටියා අනිත්මට අනිත් අයත් එක්ක ආපහු ගියා. ඌට මොකක් හරි හිතේ අමාරුවක් තියෙන්න ඇති සමහර විට – “මට ඕන නෑ බොලැයි කෑම. බොලාගෙං කාල ජීවත් වෙනවට වඩා හොඳයි බඩගින්නෙ ඉඳල මැරිල යනවා!“.

ආපහු සැරයක් නැවතිලා හිටපු තැනට ඇවිත් කෑම කාලා ඊළඟට යන්නම පිටත් වුනා. ඒ අපේ ඊළඟ නැවතුම වුනු ඇඹිලිපිටිය චන්‍ද්‍රිකා වැවට.

එතනත් ගිහිල්ලා නාලා ගොඩට එනකොට අපේ ඩීජේ තාරාට පොඩි ඇලර්ජික් එකක් මතු වෙලා. ඒ ගමන ඇඹිලිපිටිය ටවුන් එකේ හොස්පිට්ල් එකකට ගිහිල්ලා මෑන්ට සේලයිනුත් දීලා තමයි එන්න පිටත් වුනේ.

කස්ටිය ඊළඟට එන්න අදහස් කළේ අපේ ගෙදර. ඇඹිලිපිටිය – මිද්දෙණිය – වලස්මුල්ල හරහා හක්මණට. කස්ටියට බීම ටිකක් එහෙම සූදානම් කරලා තිබුනේ. ඒ උනාට මිද්දෙණිය හරියෙ ඉඳංම අම්බානක වැස්ස. ඒ වැස්සෙ කස්ටියට බැහැලා එන්න අමාරුයි කියපු නිසා කෝසල අයියයි අක්කයි මායි බැහැල ඇවිත් සූදානං කරල තිබුනු කෑම ඩිංගයි බීමයි බස් එකට ගෙනිහිං දුන්නා. මම එතනිං නැවතුනා.

Sanmark "වාර්ෂික annual trip චාරිකාව" 2011

Update 2011-11-17-0630:

If you are a friend of mine in Facebook, you can view all 1085 photos in following albums:

Posted in Sanmark, Sinhala | Tagged | 14 Comments

14 Responses to Sanmark "වාර්ෂික annual trip චාරිකාව" 2011

  1. Bunny says:

    අෆරාදෙ උඹලට තිබ්බෙ සත්තු වත්තට යන්න :P කෝම උනත් මරු ට්‍රිප් එක :D
    අර ඇත්අතුරු සෙවනට මං 3-4 පාරක්ම ගිහින් තියෙනවා.. ඒත් තාම බැරි උනානේ පාර්ක් එකට යන්න :-/ අපරාදේ උඹලට තිබ්බෙ ඇත්අතුරු සෙවන ගාවින් 10km අවම මඩුවංගල වලව්ව එහෙම බලන්ට තිබ්බා..!!

  2. ඕං ඊළඟ සැරේ තනියම යන්ට තහනං. අර කිව්වා වගේ ෆ්‍රියංභිඛාවත් එක්ක යන්ට ඕනේ!
    හවස බීම ඩිංග ඔබතුමා ගානෙ ද? නාක ම නෑ. හැබැයි මේං මේක රාහුල ටීවී දෙඤ්ඤ තිබ්බනං හොඳා වගේ!
    මොනා උනත් අපේ සශේන් අයියාගෙන් හොඳ කමෙන්ටුවක් ලැබේවි.

    • budhajeewa says:

      මම ඇහුවා එනවද කියලා. බෑ කිවුව නෙව. :P

      උඹලට තිබ්බෙ කැමරා එහෙම අරගෙන පිටිපස්සෙං එන්න. :D

      • ආවට වැඩක් නෑ! ඩිංගක් රෑ බෝ වෙනකොට ම ලැපත් අරං සිතිජ පොඩ්ඩා යනවනේ. ඔන්න ඩොංගලේට සල්ලි ඕනය කියලා ප්‍රින්සිපල් සර්ගෙන් සල්ලිත් පාස්කලැයි කියමුකෝ;
        බට් රාහුලටීවීයට කොටුදාන සිල්පෙ අපේ උදිත් අයියාහෙම දන්නවද දන්නෑ! :O
        සශේන් අයියානම් පෝං එකත් බදං හඳ අල්ලාවි. ;) ඉරෝ අයියා ගානෙ ලන්ච්නුත් ගමු.
        කමෙන්ට-රිය මං ගානේ! වටේට ප්ලාස්ටර් පාරක්හෙම දාලා.. :P

  3. Vijini says:

    wow nice trip buddy :)

  4. ඒස්ඒසි බුද්ධික says:

    නියමයි මල්ලි විස්තරය නමි. කථාව නමි ෙහාදට ලියලා තිෙයනවා. තව ගියා ෙනද අමිල අයියා කියලා මහ ඒපා කරපු ඒෙකක්. ඒ තමයි මම……………………………

    • budhajeewa says:

      මළා! අපේ වාද බයිලාව එහෙම අමතකම වෙලා ගියා නොව. සාටර් වැඩේ. :D

  5. Prasad says:

    එල එල කොල්ලා.කලින් කියෙව්වට කමෙන්ට් පාරක් දාන්න වුනේ අද තමයි මමත් ඔය ට්‍රිපේ පොඩියට හිටපු බුවෙක් තමයි.

    • budhajeewa says:

      පොඩ්ඩයි පොඩි! :D

      නොදන්නා අයගේ දැනගැනීම පිණිස: ඔය අග ඉඳන් හතරවැනි රූපරාමුවේ දැක්වෙන පරිදි තවත් කොල්ලෙකුට හෙවත් මිස්ටර් රසිකට පුෂ්ප පූජා කරන්නේ මොහු තමයි පිංවතුනි. :D

  6. Suu says:

    ane shoak! next time maawath ekka yanna.

  7. ambertreto says:

    I need a translator, but the pics are great. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>