ICCT20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුලත් වීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විිසින් ජයග්‍රහණය කරනු ලැබීම හෝ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට අඩු ප්‍රමාණයකින් පරාජයට පත්ව ඉන් අනතුරුව පවත්වනු ලැබූ ඔස්ට්‍රෙලියානු හා බටහිර ඉන්‍දීය කොදෙව් දූපත් තරගයේදී බටහිර ඉන්‍දීයයන් ඔස්ට්‍රෙලියාවට එරෙහිව පරාජයට පත්විය යුතුව තිබූ තරගය, පෙරේදා (11) ශ්‍රී ලංකාව විසින් තියුණු ලෙස ජයගනු ලැබිනි.
මෙම ශ්‍රී ලංකා – ඉන්‍දියානු තරගය හා ඔස්ට්‍රෙලියානු – බටහිර ඉන්‍දීය කොදෙව් තරගය ඒ ඒ කන්ඩායම් විසින් ජයග්‍රහණය කරනු ලැබුවේනම් උදාවිය හැකිව තිබූ ප්‍රතිඵල වල වෙනස්වීම ආකර්ෂණීයය. එබැවින් ඒ පිළිබඳව යමක් සඳහන් කළ යුතුව ඇත.
- ශ්‍රී ලංකා – ඉන්‍දියා තරගය:
- ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම:
- ඔස්ට්‍රෙලියා – බටහිර ඉන්‍දීය කොදෙව් තරගය:
- ඔස්ට්‍රෙලියාව ජයග්‍රහණය කිරිම:
- ඔස්ට්‍රෙලියාව හා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ඇතුලත් වීම. ★
- බටහිර ඉන්දීය කොදෙව්වන් ජයග්‍රහණය කිරීම:
- අඩු ලකුණු/කඩුළු සංඛ්‍යාවකින්:
- ඔස්ට්‍රෙලියාව හා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ඇතුලත් වීම.
- ඉතා විශාල ලකුණු /කඩුළු සංඛ්‍යාවකින්:
- ඔස්ට්‍රෙලියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් පූර්ව වටයට ඇතුලත් වීම.
- අඩු ලකුණු/කඩුළු සංඛ්‍යාවකින්:
- ඔස්ට්‍රෙලියාව ජයග්‍රහණය කිරිම:
- ඔස්ට්‍රෙලියා – බටහිර ඉන්‍දීය කොදෙව් තරගය:
- ඉන්දියාව ජයග්‍රහණය කිරීම:
- ලකුණු විස්සක අවම පරතරයක් නැතිව/අඩු කඩුළු සංඛ්‍යාවකින්:
- ඔස්ට්‍රෙලියා – බටහිර ඉන්‍දීය කොදෙව් තරගය:
- ඔස්ට්‍රෙලියාව ජයග්‍රහණය කිරිම:
- ඔස්ට්‍රෙලියාව හා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ඇතුලත් වීම.
- බටහිර ඉන්දීය කොදෙව්වන් ජයග්‍රහණය කිරීම:
- අඩු ලකුණු/කඩුළු සංඛ්‍යාවකින්:
- ඔස්ට්‍රෙලියාව හා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ඇතුලත් වීම.
- ඉතා විශාල ලකුණු /කඩුළු සංඛ්‍යාවකින්:
- ඔස්ට්‍රෙලියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් පූර්ව වටයට ඇතුලත් වීම.
- අඩු ලකුණු/කඩුළු සංඛ්‍යාවකින්:
- ඔස්ට්‍රෙලියාව ජයග්‍රහණය කිරිම:
- ඔස්ට්‍රෙලියා – බටහිර ඉන්‍දීය කොදෙව් තරගය:
- ලකුණු විස්සක අවම පරතරයකින්/විශාල කඩුළු සංඛ්‍යාවකින්:
- ඔස්ට්‍රෙලියා – බටහිර ඉන්‍දීය කොදෙව් තරගය:
- ඔස්ට්‍රෙලියාව ජයග්‍රහණය කිරිම:
- අඩු ලකුණු/කඩුළු සංඛ්‍යාවකින්:
- ඔස්ට්‍රෙලියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් පූර්ව වටයට ඇතුලත් වීම.
- ඉතා විශාල ලකුණු /කඩුළු සංඛ්‍යාවකින්:
- ඔස්ට්‍රෙලියාව හා ඉන්‍දියාව අවසන් පූර්ව වටයට ඇතුලත් වීම.
- අඩු ලකුණු/කඩුළු සංඛ්‍යාවකින්:
- බටහිර ඉන්දීය කොදෙව්වන් ජයග්‍රහණය කිරීම:
- ඔස්ට්‍රෙලියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් පූර්ව වටයට ඇතුලත් වීම.
- ඔස්ට්‍රෙලියාව ජයග්‍රහණය කිරිම:
- ඔස්ට්‍රෙලියා – බටහිර ඉන්‍දීය කොදෙව් තරගය:
- ලකුණු විස්සක අවම පරතරයක් නැතිව/අඩු කඩුළු සංඛ්‍යාවකින්:
- ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම:
ඉහත ★ ලකුණින් දක්වා ඇත්තේ දැන් ඔස්ට්‍රෙලියාව හා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට තේරී ඇති ක්‍රමවේදයයි.
ඊයේ පැවැත්වුනු තරගයේදී සංගක්කාරගේ සහ දෝණිගේ මෙන්ම කණ්ඩායම් දෙකේම සහයක කාර්යමණ්ඩලවලත් හිස ඇතුලේ ඉලක්කම් රාශියක් කැරකැවෙමින් තිබුනු බවට සැක නැහැ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව ලකුණු 163කට සීමා කරනු ලැබීමෙන් පසු ඉන්‍දියානු කණ්ඩායමේ ඉලක්කය වුනේ ශ්‍රී ලංකාව අවම වශයෙන් ලකුණු 143කට සීමා කරන්න.
ඉහත සඳහන් කළ ක්‍රමවේදයන්ගේ අන්දමට. ඉන්‍දියානු කන්ඩායමට අවසන් පූර්ව වටයෙන් පිළිබඳව සුළු හෝ බලාපොරොත්තුවක් තබාගන්නට හැකියාවක් ලැබෙන්නට නියමිතව තිබුනේ ශ්‍රී ලංකාව අවම ලකුනු විස්සක පරතරයකින් පරාජය කිරීමෙන් සහ මීළඟට පවත්වන්නට නියමිතව තිබූ ඔස්ට්‍රෙලියානු – බටහිර ඉන්‍දීය කොදෙව් තරගෙයේදී ඔස්ට්‍රෙලියානුවන් විසින් බටහිර ඉන්දීය කොදෙව්වන් ඉතා විශාල ලකුණු සංඛ්‍යාවකින් හෝ ඉතා විශාල කඩුළු සංඛ්‍යාවකින් පරාජයට පත් කිරීමෙන් පමණයි. 
අපේ පන්‍දු යැවීම ගැන කතා කලොත් මුල් පන්‍දුවාර 10තුළ කඩුළු 1ට ලකුණු 90ක් ලබා දුන්නත්, අවසාන පන්‍දුවාර 10 තුළ අපි ලබා දුන්නේ කඩුළු 4කට ලකුණු 73ක් පමණයි. යම් හෙයකින් හතරේ පහරවල් 7ක් සමග එක් හයේ පහරක් එල්ළ කරමින් පන්‍දු 67කින් ලකුණු 63ක් ලබාගත් සුරේෂ් රයිනා ගේ කඩුල්ල තිලාන් තුෂාර විසින් යැවූ 17වන පන්‍දු වාරයේ දෙවන පන්දුවෙන් මහේල ජයවර්ධන උඩපන්දුවක් ලෙස රැකගෙන බිඳ නොහෙලුවා නම්, තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්නට තිබ්බා!
සනත් ජයසූරිය සුපුරුදු පරිදි ඊයේත් අසාර්ථක වුනේ පන්දු 5කට මුහුණ දී සරල උඩපන්දුවක් ලබා දී ලකුණු 0ට දැවී යාමෙන්. ඒ ගැන කතා කරන එකේ තේරුමක් නැහැ! 
ඊයේ දිනයේ මහේල දැවී ගියේ අනවශ්‍ය පරිදි. එක් පන්‍දුවකට ලකුණු හතරක් රැස් කිරීමෙන් පසුව අවදානම් පහරකට යොමු වීම අනුමත කරන්න බැහැ. ඇතැම්විට එහා පැත්තේ සිටින්නේ සනත් නිසා ඔහුගේ කොටස ඉටු කරන්න වෙන්නේත් තමන්ට බව දන්නා මහේල, තමන් වෙත පීඩනයක් ගොඩ නැගීමට කලින් පන්‍දු රකින කණ්ඩායම වෙත පීඩනය පටවන්නට උත්සාහ කිරීමේදී ඒ දේ සිද්ධ වුනා වෙන්නට පුළුවන්.
මම විශ්වාස කරනවා එහාපැත්තේ සිටියේ තිලකරත්න ඩිල්ෂාන් නම් මහේල එම අවදානම් පහර එල්ළ කරන්නේ නැතිව ඩිල්ෂාන්ටද ලකුණු රැස් කිරීම ආරම්භ කිරීමට ඉඩ දීම සඳහා පහර දීමේ අවස්ථාව ඔහුට ලබාදීමට ලකුණකට පැති මාරු කරගන්න ඉඩ තිබ්බා කියලා. 
මෙම තරගයේදී සාර්ථක වූ අපේ මැද පෙළ – එනම් ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර ආදීන් – තමන්ගේ සාර්ථකත්වය අද (13) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00ට ශාන්ත ලුසියා හි ග්‍රොස් අයල් හි Beausejour ක්‍රීඩාංගනයේදී එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදීද ඉහළින්ම පවත්වාගත යුතුයි!


නියම ලිපියක්. කණ්ඩායම්වලට තිබුණු අවස්ථා ලයිස්තුගත කරල තියෙන විදියට මේ ළමයා උසස් පෙළ ගණිත විෂය හදාරන කෙනෙක් බව බොහොම පැහැදිලියි.
ඔව්, එංගලන්තයත් එක්ක තරගය ජයග්‍රහණයට මැදපෙළ පිතිකරුවන් ලොකුම සාධකය වෙයි.
Posted by තමීර on May 13th, 2010.
@තමීර: උසස්පෙළ ගණිතේ කොරන එක නං හැබෑව. බට් ඒක මේකට අදාළ උනේ කෝමද කියල තමා නොවැටහෙන්නේ. :O
Posted by budhajeewa on May 13th, 2010.
@budhajeewa: නෑ නෑ විහිළුවට කිව්වෙ. අර if-else වගේ conditions ටික ගැන
Posted by තමීර on May 13th, 2010.
එළ එළ. මාත් මේ ගෙදර යන ගමං ෆෝන් එකෙන්ම බලන්න සෙට් වෙන්න හදන්නේ.
ජයවේවා!! ශ්‍රීලංකාවට,
Posted by ගයාන් තාරක on May 13th, 2010.
වැරදි හදාගෙන එංගලන්තයට ගහයි කියල තමයි අපෙත් බලාපොරොත්තුව…..
Posted by ගීතික on May 13th, 2010.
අම්මෝ එදා තරගය නම් මාර තියුණුයි :p .අන්තිම ඕවරේදී මගේ පපුවේ බීට් එකත් වැඩි උනා.
කොහොම හරි කාලේකට පස්සේ දැක්ක තියුණු තරගයක්.
ඔව් ඔයා කියනවා කියනවා වගේ ශ්‍රී ලංකා පිලට එංගලන්තයට ගහන්න නම් මැදපෙල පිතිකරුවන්ගේ සාර්ථකත්වය ඉතාම වටිනවා. පිතිකරුවන් අතරින් අරාම්භ පිතිකරුවන්ට පසුව පිටියට පැමැණෙන පිතිකරුවට ලොකු වගකීමයක් තියෙනවා කඩුල්ලේ රැදි සිටිමින් පන්දුවට පහර දීමට. නැත්තම් ආපු ගමන්ම ඔහු දැවී ගියහොත් පීඩනය වැඩිවෙලා කිට්ටිය එක පෙළට යන්න පුළුවන් ඒක පරාජයට පත් වුන ඕස්‍ට්‍රේලියා මැච් එකෙනුත් පේනවා.ඒ වගේම පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය ජයග්‍රහණයට අනිවාර්යයි. මම හිතන්නේ අද තරගයේදී ආරම්භක පිතිකරුවන් විදිහට බොහෝ දුරට මහේල සමග ටී.එම් ඩිල්ෂාන් පිටියට පැමිණෙයි. ඒ වගේම තිලිණ තුෂාර වෙනුවට කවුරු හෝ ක්‍රීඩකයෙක් කණ්ඩායමට එක් වෙයි. සමහර විට ඒ නුවන් කුලසේකර වෙන්න පුළුවන්.නැත්තම් දිනේෂ් චන්දිමාල් හෝ අජන්ත මෙන්ඩිස් වෙන්න පුළුවන්. ඒක රෑ 9.00 බලමු. මම හිතන්නේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට අවොත් හොදයි.
Posted by කසුන් නදීශන on May 13th, 2010.
@තමීර: ඒක මිසක්, මං බය..අ උනා!
@ගයාන් තාරක: එළේල… අද වේලාසනිං ගෙදර ගියා නං ඉවරනෙ?
@ගීතික: අනිවාර්යයෙන්ම! (handshake)
Posted by budhajeewa on May 13th, 2010.
වැඩේ හොඳයි… සම්පූර්ණ විස්තර සහිතව දීල තියෙනව….ඇයි ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලයට බැඳෙන්නෙ නැත්තෙ…?
Posted by Bandaraya on May 13th, 2010.
ඔක්කොමත් හරි ඒත් සනත්?
Posted by Dar[K] on May 13th, 2010.
@කසුන් නදීශන: සිරාවට… අපෙ ටීම් එකටත් ඕන උනේ 143 පාස් කරන එක තමා. ඊට පස්සෙ ඉන්‍දියන් කාරයොංගෙ මොරාල් බැස්ස, කපූ හයේ ඒව දෙකක් කෙළිය නෙ. ඊට පස්සෙ ඉතිං වැඩි දෙයක් නෑ, කට්ටිය ඇදල දැම්ම. බට් අන්තිම එකට කලිං බෝලෙ ඇන්ජලෝ මැතිව්ස් අව්ට් උනාම ආපහු කස්ටිය මෙව්ව උනා ටිකක්. කොහෙද, කපුගෙදරයා අන්තිම බෝලෙට හයක් නෙලුවනෙ!
අන්න බලනවනං මැච්!
@Bandaraya: හෙහෙ… ක්‍රිකට් ගැන ලියන සේරම පාලක මණ්ඩලේට බැඳෙන්න ගියොත් වෙන වැඩ නෑ!
@Dar[K]: සනත්ට දෙන්න පුළුවං උපරිම උපහාරේ මම දීල තියෙන්නෙ, “සනත් ජයසූරිය සුපුරුදු පරිදි ඊයේත් අසාර්ථක වුනේ පන්දු 5කට මුහුණ දී සරල උඩපන්දුවක් ලබා දී ලකුණු 0ට දැවී යාමෙන්. ඒ ගැන කතා කරන එකේ තේරුමක් නැහැ!” :S
Posted by budhajeewa on May 13th, 2010.
” ඒ වගේම තිලිණ තුෂාර වෙනුවට කවුරු හෝ ක්‍රීඩකයෙක් කණ්ඩායමට එක් වෙයි. සමහර විට ඒ නුවන් කුලසේකර වෙන්න පුළුවන්.නැත්තම් දිනේෂ් චන්දිමාල් හෝ අජන්ත මෙන්ඩිස් වෙන්න පුළුවන්.”
අනාවැකිය හරි තිලිණ තුෂාරව අයින් කරලා.
අජන්ත මෙන්ඩිස්ව අරගෙන
මම හිතන්නේ අජන්ත මෙන්ඩිස් එංගලන්තය එකක් තිබුන මැච් වල බෝල හොදට දැම්ම නිසා වෙන්න ඇත. එහෙනම් ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම්
Posted by කසුන් නදීශන on May 13th, 2010.
අන්න අපේ කට්ටිය සෑහෙන්න ගහනවා
Posted by බොස් on May 13th, 2010.
@කසුන් නදීශන: ෂික්, ඕවැයි වැඩක් උනේ නෑනෙ බං! (headbang)
@බොස්: හික්ස්… එහෙමත් නෑමක්!
Posted by budhajeewa on May 14th, 2010.
ඔය ගැහුවෙ.. :@
Posted by ගයන්ත on May 14th, 2010.
@ගයන්ත: “වැරදි හදාගන්න” කියල කීවම ටීම් එක හිතල තියෙන්නේ අලුතින් වැරදි ඇති කරගන්න ඕන කියලා! (fubar)
Posted by budhajeewa on May 14th, 2010.
@ බොස්
ඒක ඇත්ත. අපරාදේ t20 කුසලානේ
@ budhajeewa
නමුත් උඩින් පල්ලෙන් කියවලා තමයි මැච් එකට ගිහින් තියෙන්නේ.
එහෙමවත් කියලා හිත හදා ගමු.
මැච් එක ගහන්න ඉස්සැල්ලා සංගක්කාර බුධජීව මලයාගේ බ්ලොග් එක කියෝලා
Posted by කසුන් නදීශන on May 14th, 2010.
@කසුන් නදීශන: දැං ඉතිං වෙන කුමක් කරන්නද…!
Posted by budhajeewa on May 14th, 2010.