අපේ “සහෝදරයා”ගෙන් මාවෙත ලැබුනු ගුණ ගායනාව

Best Friendsමා විසින් කොම්පූටරේ පොඩ්ඩක් පසෙකට දමා ඔබ්බට ගොස් සිටි මොහොතක සහෝදරයා GTalk හරහා මා අමතන්නට උත්සාහ කොට බැරි උනු තැන මාගේ ගුණ ගායනාවක් සටහන් කොට තබා ගොස් තිබේ. පහත දැක්වෙන්නේ එයයි. 😀

කරුණාවෙන් සලකන්න: මෙය පළ කරන්නේ ඔහුගෙන් පූර්ව අවසරයක් ලබාගැනුමෙන් තොරවයි. ඔහු විසින් මෙය කොටන ලද්දේ මාගේ නම සඳහන් චැට් වින්ඩෝවක බැවින් සියළුම හිමිකම් මා සතුයි. සහෝදරයා හිමිකම් ඉල්ලා පැමිණියොත් නොදැක්කා සේ අහක බලාගනු ලැබේ. මෙහි ඔහු විසින් සඳහන් කරන සියළු චෝදනා බූත හා අභූත වන අතර මෙහි පළ කරන්නේ හුදෙක් කාව්‍යාත්මක රසය සලකා පමණකි. –  ස්තුතියි!

“කම්මැලියි බන්.

උබ වැඩක්ද සහෝදරයා?

වැඩක් නම් වැඩක් යයි කිව යුතුය … නැත්නම් නැතැයි කිව යුතුව.

අපව මෙසේ රස්තියාදු කිරිම වනාහි මේ භවයේදීම අපාගත වන්නට වන පාපයකි.

උබලා හැමදා කලේ අපායේ යන වැඩය.

එක්සිබිශන් බලන්න ගිහින් බලන්නේ කෙල්ලෝය. කෙ‍ල්ලන් බැලුවත් කම් නැත, බලන්නේ ඇන්ටිලා හා අප ආදරණීය ගුරුමහත්මීන් දිහාය.

උබලා අයිටී රූම් එකට ගොස් වැල බලයි.

පන්තියට පැමින ගුරුතුමාට බොරු කියයි.

ධාර්මිකව ජීවත් වන අප වැනි අහින්සක කොල්ලන්ගේ එකවුන්ට් හැක් කරයි, වයිරස් එවයි.

ඇත්තෙන්ම ඕව නරකාදියට යන වැඩය.

ඒ මදිවට, උබලා බස් එකේ **** යන අහින්සක ලදුන්ට ආලය කරයි. ආලය කලා පමනක් නොව… ඒවා අසන්නට ගොස් වටේ දැවටෙමින් ඒ යුවතියන්ගේ ඉගෙනුමට බාදා කරයි.

එවිට අර අහින්සක දුවා දරුවන්ට යන කල කවරේද?

ඔබ වැනි දුර්ජනයින් මේ ලෙස ජාලයේදී හෝ ඇසුරුකිරීම නුවනට හුරු කරුනක් නොවෙමි!

ඔබ දැන් කිසි හැලහොල්මනක් නැත්තේ නිසැකවම පාඩම් කරනවා විය යුතුය.

අපට ඔන්ලයින් යයි පේනෙන්නට පරිඝනකය දමා පාඩම් කරනවා විය යුතුය.

තෝ මහා ප්රෝඩා කාරයෙකි!

ඊයේ පෙරේදා නැනෝ බලන්නට ගොසින්ද තෝ බලා ඇත්තේ නැනෝ නොවේ.

එහි පැමිනි ගවුරවනීය ගුරුවරියන් හා අප ආදරයෙන් සලකන කරුනාවන්ත විනීත අප සහෝදරී පාසල් වල යුවතියන්ය.

අද සිට වත් මා වගේ හැදෙන්නට බලනෙමු!

හැකි හැම විටම මා විසින් පවත්වන දේශනයන්ට සවන්දෙන්න.

හොද ලමයෙකු වන සැටි මුල සිට සරලව එම දේශනයන්හිදී ඔබට දැන ගතහැකි වෙමි.

දැනට මම නවතිමි.

ඔබට මිලියන තුන්සිය තිහක් වන ‍ලෝ වසනා දෙවිදේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලාබෙත්වා!

ශාන්තී!”

😀 😀 😀

අහිංසක මම ගැන මේ යකා කියල තියන දේවල්! 😛

23 comments

  1. හෆොයි උබෙ චරිතේ අර්ධවශයෙන් ඝාතනය කරලනේ :p

    1. අර්ධ නෙවේ බං, මේකා සම්පූර්ණෙම්ම මගේ චරිතේ ඝාතනේ කොරලා නෙ! 😛

  2. ඈ … කව්ද බන් මේක… මූව තියන්න වටින්නෑනෙ උබ වගේ අහින්සක ධාර්මික ලමයෙකුට කරල තියන අපහාසෙට … අම්මපා මට අහු උනොත් මූව !! 😀

    1. අනේද බං කියන්නේ, උඹ වැරදිලාවත් කැඩපත ඉදිරියට යනවා නොවෙයි, මන්ද මෙකී සහෝදරයා මුණගැසීමට ඉඩ ඇති බැවිනි.

  3. ඇත්ත වෙන්න ඇති අපි ඒ ගැන නොදන්නෙම්.

    දැන්වත් ඔය කියා තියෙන ආකාරයට හැදෙන්න බලනවා නම් හොඳ වන්නට ඉඩ තිබෙමි.

    1. මේවා ඇත්ත නොව සම්පූර්ණ නැත්ත වූවාය.

      උතුම් දුදනෝ කියන ආකාරයට හැදුනා නම් මා අද මෙතන නැත්තෝය. 😀

  4. සහෝදරයා යනු බුධාජීවගේ ම සහෝදරයෙක් දැයි මට දැන් සිතේ. සහෝදරයෙක්ගේ කැරැට්ටුව හරියටම දන්නෙ සහෝදරයෙක් ම හැරෙන්න වෙන මොකෙක්ද. ආ නැද්ද මං අහන්නෙ. 😉

  5. මාගේ ප්‍රකාශය : අනේ අම්මේ… ඊයේද Applied Revision එකේ මගේ පේලියට පිටුපස පේලියේ සිට මූ කරපු සක්කිලි වැඩ වල හැටියට මේවා අභුත ඡෝදනා කියන්නේ කෙසේදැයි මසිතට පැනයක් නැගේ… හව් එවර් මේක එවපු සහෝදරයානෝ සත්‍ය ඇති සැටියෙන්ම පැවසීමට නිර්භය වීම ගැන මා අතිශය සතුටු වෙමි…

  6. “උබලා අයිටී රූම් එකට ගොස් වැල බලයි.” මොන විකාර කතාවක් ද? සමස්ත වෙබ් ටීම් එකට ම නිගාවක්. බුධා එහෙම නැහැ නොවැ. මම හොඳට දන්නව නෙව. =)

    1. අන්න ඒකනෙ බං, මේ අහිංසක මට මූ අභූත චෝදනා කරල තියන හැටි පේනව නේද?

  7. ඇයි බන් මතක නැද්ද උබ එක පාරක් පන්තියක් ලග (ඇපෙක්x) එක ලග එක කෙල්ලෙක්ට වැන්ද නිකන් නෙවේ බිම පෙරලි පෙරලි වැන්දේ
    මට එදා උබ පව් කියල හිතුව
    ඕකට කියන්න හොද කතාවක් තියනව
    සොරි වෙන් ඕන හබ්බ කියනවට
    “***ක් නිසා ගෙම්බෙක් වෙච්ච එකෙක්”

    1. සීවරං දෙයියනේ! බෝධිසත්වයෙක් වගේ ඉන්න මට බොලා පද හදන තරම! :O

  8. බුදුඅම්මෝ මේකව ආස්සරේ කොරන්න වටින්නේම නැත. මහම මහ කුජීත චරිතයකි ! එසේ පැවසූ සහෝදරයා ෂෝයි බබෙක් විය යුතුයැ. නොදෝමකිනි ! උඹහැ බය වෙන්ට කාරි නැත. මක්කා කොලත් ගමේ කමට සලකමි.

    1. අන්න ඒක නොවෙන්නං, මේක කියපු එකා ගැන මා පැවසුවහොත් ඩෝග්ස්ලා රයිස් ඊට් කරන්නේ නැත! 😛

Leave a comment

Your email address will not be published. Required fields are marked *