මෙච්චර කාලයක් මගේ සමාජ ජාල වෙබ් අඩවිය ලෙසින් පාවිච්චි කරපු Hi5 එක අත්හරින්න මම තීරණය කළා. මේකට පළමුවෙනි කාරණය උනේ මගේ ඉස්කෝලෙ යාලුවොත් ගොඩක් දෙනෙක් එකපාරටම Hi5 අත්හැරල Facebook ගියපු එක. කොහොම උනත් Facebook එක්ක සංසංදනය කළාම Hi5 කියන්නේ “පොඩි සයිස්” වැඩක්.
ඒකෙ තියෙන්නේ යාලුවන්ගෙ Profiles වලට ගිහිං comments ගහන්නයි, Messages යවන්නයි තව වූටි චූටි “ළාමක ආතල්” වැඩ විතරයි නෙ. නමුත් FaceBook ගත්තම “වැඩ ගොඩායි !”. විහිලු නෙවෙයි ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජ ජාල වෙබ් අඩවියක්. Hi5 වලට වඩා advanced සමූහයන් (Groups) හදන්න, යාලුවන්ට virtual තෑගි යවන්න, බිත්තිවල කුරුටු ගී ලියන්න (Wall Comments) වගේ ඕනම දෙයක් කරන්න පුලුවන්. Facebook වල පාවිච්චි කරන Applications කියන සංකල්පය නිසා ඕනම කෙනෙකුට Facebook එක දියුණු කරන්න දායක වෙන්න පුලුවන්. ඒකට PHP කේත ලියන එක දැනගෙන ඉන්න වෙනවා. ඒවගේම Facebook වලට ගැලපෙන්න ඔයාගෙ Application එක හදන්න වෙන නිසා, ඒකෙන් දෙන default codes ටිකකුත් සැලකිල්ලට ගන්න වෙනවා. ඔයාලත් තාම Facebook සාමාජිකයො නෙවයිනං අදම සෙට් වෙන්න. ඒකෙ ලංකාවෙ අය බර ගානක් ඉන්නවා.
ඔයාලට Facebook එකේදි මාව හමුවෙන්න ඕන උනොත් මෙන්න මගේ Profile එකේ ලිපිනය http://www.facebook.com/profile.php?id=1029399813