අන්තර්ජාල ජීවිතය නිරූපණය කරන කැඩපතක් විය යුතු OpenID.


OpenIDOpenID යනු විවිධ වෙබ් අඩවි වල පරිශීලක ගිණුම් සඳහා ලියාපදිංචි වීමේදී ඒ සෑම අඩවියක් සඳහාම තමන්ගේ නම, ඊමේල් ලිපිනය, උපන්දිනය ආදිය සඳහන් කිරීමට නොවෙහෙසී, එම සියලු දත්ත එක් ස්ථානයක තැන්පත් කොට, යම් අඩවියක් තොරතුරු ඉල්ලා සිටින විට අදාළ තැන්පත් කළ ස්ථානය දක්වා එතැනින් තොරතුරු ලබා ගැනීමට තොරතුරු ඉල්ලා සිටින වෙබ් අඩවියට ඉඩ ලබාදීමට හැකියාව ලබාදෙන සේවාවකි. එනම්, OpenID යනු අන්තර්ජාල භාවිතයේදී අයෙකුගේ හැඳුනුම් පතක් ලෙස ක්‍රියා කරනා දෙයකි.

OpenID යනු යම් එක් ආයතනයක් විසින් ලබාදෙන සේවාවක් නොවේ, OpenID ගිණුම් ලබා දෙන ආයතන ගණනාවක් ඇති අතර, අවැසි නම් තමන්ටම OpenID ගිණුමක් වෙනත් ආයතනයක මැදිහත්වීමෙන් තොරව සකසා ගත හැකිය. එබැවින් OpenID යන්න “හැඳුනුම් පතක්” ලෙස හැඳින්වීමේදී මෙය එක් එයෙකුට එකක් පමණක් හිමිවන ජාතික හැඳුනුම් පතක් හා සම කොට නොසිතිය යුතුය. අන්තර්ජාලය තුළදී අයෙකුට ගොඩනගා ගත හැකි අනන්‍යතාවයන් ගණනෙහි සීමාවක් නැත, තමන්ට කැමති ප්‍රමාණයක් OpenID ගිණුම් සකසා ගැනීමේ හැකියාව යමෙකුට ඇත. මෙය වැරැද්දක් නොවන අතර, අන්තර්ජාලයෙහි එක් ලක්‍ෂණයක් ලෙස සැලකිය හැකිය.

දැනට සාමාන්‍යයෙන් යමෙකුගේ අන්තර්ජාල අනන්‍යතාවයෙහි කේන්‍ද්‍රය ලෙස ක්‍රියාකරන්නේ ඔහුගේ විද්‍යුත් තැපැල් ලිපිනයයි, OpenID භාවිතා කරන්නේ වෙබ් අඩවි බෙහෙවින් අඩු ප්‍රතිශතයක් පමණි. අනෙක් අතට OpenID ද එයින් ලබාගත හැකි පූර්ණ ප්‍රයෝජන හඳුනාගෙනද නැත. ඕනෑම වෙබ් අඩවියක පරිශීලක ගිණුමක් සැකසීමේදී අසන පැණයක් වන්නේ ඔබගේ ඊමේල් ලිපිනය කුමක්ද යන්නයි. ඒ සියලුම ගිණුමක් පාහේම එම ඊමේල් ලිපිනය අදාළ පුද්ගලයාගේ පෞද්ගලික අනන්‍යතාවය ලෙස සලකයි. නමුත්, මෙය මෙම තත්වයෙන් මිදී, OpenID ගිණුම් අනන්‍යතාවයේ කේන්‍ද්‍රස්ථානය බවට පත් විය යුතු බව මගේ හැඟීමයි. එනම්, යම් පරිශීලක ගිණුමක් සඳහා ලියාපදිංචි වීමේදී ඊමේල් ලිපිනය පිළිබඳ විමසනවා වෙනුවට, OpenID ගිණුම සම්බන්‍ධයෙන් විමසන කාලයක් උදා විය යුතුය.

එසේ විය යුතු හේතු කාරණා ගණනාවක්ම ඇත.

ඊමේල් ගිණුමක ප්‍රයෝජනය වනුයේ අන්තර්ජාලය තුළ ලිපි ගණුදෙනු සිදු කිරීම බැවින්, පුද්ගල අනන්‍යතාවය නිරූපණය කරන දෙයක තිබිය යුතු ගුණාංග එහි නැත. එම නිසා අපගේ අනන්‍යතාවය නිරූපණය කරන තොරතුරු, යම් තැනක අලුතින් පරිශීලක ගිණුමක් නිර්මාණය කරන වාරයක් වාරයක් පසා ලබාදීමට සිදුවී ඇත. අන්තර්ජාලය තුල පරිශීලක ගිණුම් තැනීම ඇරඹූ දා පටන් මේ තත්වය මෙසේමය! මෙය මෙයින් වෙනස් විය යුතුය.

OpenID ගිණුමක් යම් අන්තර්ජාලගත අනන්‍යතාවයක් නිරූපණය කරන කැඩපතක් විය යුතුය. එනම්,

  • අප භාවිතා කරන ඊමේල් ගිණුම් එකක් හෝ වැඩි ගණනක් ඒ වෙත සම්බන්ධ කළ හැකි විය යුතුය.
  • අපගේ උපන්දිනය, ලිපිනය ආදිය ඒ වෙත එක් කළ හැකි විය යුතුය.
  • අපගේ පෞද්ගලික වෙබ් අඩවිය, බ්ලොග හා වෙනත් වෙබ් අඩවි වල අපගේ ප්‍රෝෆයිලයන් ඒ වෙත සම්බන්ධ කළ හැකි විය යුතුය.
  • අපගේ අන්තර්ජාල මුදල් ගිණුම් (PayPal ආදී) ඒ වෙත සම්බන්ධ කළ හැකි විය යුතුය.
  • අපගේ ක්‍රියාකාරකම්, interests, කැමති චිත්‍රපට – ගීත ආදී අපගේ පෞද්ගලික අනන්‍යතාවය නිරූපණය කරන තොරතුරු ඒ වෙත එක් කළ හැකි විය යුතුය.
  • අප පිළිබඳව අප ලෝකයට කීමට කැමති සියලුම තොරතුරු ඒ වෙත එක් කළ හැකි විය යුතුය.
  • අප විසින් ප්‍රසිද්ධ කිරීමට අවසර දෙන අපගේ අන්තර්ජාලීය ක්‍රියාකාරකම් අපගේ OpenID ගිණුමේ සටහන් විය යුතුය.
  • OpenID ගිණුම හා සම්බන්‍ධ ප්‍රොෆයිලය අන්තර්ජාලය තුළ අපගේ ප්‍රධාන ප්‍රෝෆයිලය ලෙස පිළිගැනෙන තත්වයක් උදා විය යුතුය.
  • ඒ ඒ වෙබ් අඩවියට අපගේ OpenID ගිණුමෙන් උකහාගත හැකි තොරතුරු කවරේද යන්න අපට තීරණය කළ හැකි විය යුතුය.

ඉහත සියලුම තොරතුරු අපගේ OpenID ගිණුමට එක් වන්නේ නම්, එය සැබවින්ම අපගේ අනන්‍යතාවය නිරූපණය කරන කැඩපතක් බවට පත් වේ. නව පරිශීලක ගිණුමක් සඳහා ලියාපදිංචි වීමේදී එයට අපගේ OpenID ගිණුමෙන් ඉහත තොරතුරු උකහාගත හැකි නම්, අප පිළිබඳව මනා අවබෝධයක් එම අඩවියට සැනෙකින් ලැබිය හැකිය. එමෙන්ම, විවිධ වෙබ් අඩවි වල අපගේ ක්‍රියාකාරකම් පිළිබඳව අනෙක් අඩවියන්ටද අපගේ OpenID ගිණුම හරහා දැනගත හැකිය.

උදාහරණයක් ලෙස මම Last.FM හි යම් ගායකයෙකු like කලේ නම්, එම තොරතුර මගේ OpenID ගිණුමට එක් වේ. එවිට මගෙන් කරන විමසීමකින් අනතුරුව මගේ Facebook ගිණුමේ Music Interests යටතේ එම ගායකයා ඇතුලත් කිරීමට Facebook වෙත ඉඩ ලැබේ!

මෙසේ අප සම්බන්ධ වී සිටින සියලුම අඩවි OpenID හරහා එකිනෙක සම්බන්ධ නිසා, සැනෙකින් එකිනෙකට ගැළපෙන පරිදි සියලු ගිණුම් sync කිරීමේ හැකියාවද ලැබේ.

අවැසි නම්, අපගේ ජාතික හැඳුනුම් පතට OpenID ගිණුම සම්බන්ධ කළ හැකි නම්, අපගේ අන්තර්ජාල ජීවිතයද සැබෑ ලොකයේ ජීවිතයද එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාව ලැබේ.

වඩාත් විවෘත, සමාජශීලී අන්තර්ජාල ජීවිතයක් අපට මේ හරහා ලබා ගත හැකිය.

නමුත් කාසියක දෙපැත්තක් තිබේ. මෙලෙස විවෘත වීමේ පහසුකම් වැඩි වන්නට වැඩි වන්නට, අප විසින් ලෝකයට කිව යුත්තේ කුමක්ද, නැත්තේ කුමක්ද යන්න පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරමට අපට සිදුවේ!


10 responses to “අන්තර්ජාල ජීවිතය නිරූපණය කරන කැඩපතක් විය යුතු OpenID.”

  1. එළකිරි පෝස්ට් එක… නමුත් ඔහොම වෙන්න ගියොත් අපිට හොර වැඩක්වත් කරගන්න බැරි වෙයි නේද…?? xD

  2. @Pasindu:
    Yes, with Facebook Connect. But its not a standard that can be used anywhere, it is Facebook's property. What I want is a protocol to identifying personalities, based on OpenID.

    And Facebook doesn't do all the things I mentioned in the post.

    What Facebook does, is for Facebook users. What I suggest is for all the Internet users.

    The reason why I think OpenID is a good foundation, is that, it already have some qualities required for a protocol like that. Like OpenID is decentralized, owned by no one, community-developed etc.

    @ ප්‍රබෝද මදුශාන්:
    අන්තර්ජාලය තුළදී අයෙකුට ගොඩනගා ගත හැකි අනන්‍යතාවයන් ගණනෙහි සීමාවක් නැත, තමන්ට කැමති ප්‍රමාණයක් OpenID ගිණුම් සකසා ගැනීමේ හැකියාව යමෙකුට ඇත.

    😉

  3. machan, post eka nam hondai. eth mama issara open id 1k hadanna gihin mokak hari awlak nisa nawaththuwa. aye try karanna one. ekata honda thanak gana wisthara tikak denna puluwan nam godak watinawa.

  4. @තිසර:
    මන්දා, මම නං දැනුම සඳහා වන කාරණයක් මේකේ ලීවේ නෑ, OpenID පදනම් කරගත් online personality protocol එකක් සඳහා මගේ යෝජනාව තමා ඉදිරිපත් කළේ. :O

    කෝම වෙතත් හොඳ ලිපියක් නං එච්චරයි, තැංකූ වේවා! 🙂

    @Dar[K]:
    මේවා ට්‍රයි කරල බලන්න වෙන්නේ මම කියපුවා මේ සම්බන්ධව හැකියාවක් තිබෙන කෙනෙක් දැකලා හෝ මීට සමාන දෙයක් හිතිලා, online personality protocol එකක් සම්මත වුනු දවසට තමා. 🙂

    @නිර්නාමිකයා…:
    http://openid.net/get-an-openid

Leave a Reply to budhajeewa Cancel reply

Your email address will not be published. Required fields are marked *