2014 වෙත ආපසු හැරී බැලීම


දවස් තුන්සිය හැට පහකුයි තව චුට්ටකුයි සම්පූර්ණ වෙලා ගිරිගෝරිස් කැලැන්ඩරේට අනුව අළුත් අවුරුද්දක් උදා උනා. අමතක වෙලා තිබුනු බ්ලොගේ අළු දූලි පොඩ්ඩක් විතර ගසලා ඉයර්ලි රිවීව් එකක් කොරානං හොඳා කියලා හිතුනා.

කොහොමටත් නිව් ඉයර් ඉස්ක්‍රීං රෙසොලූසං එකක් හැටියට — ගිය අවුරුද්දෙ වගේම මේ පාරත්  — හිතාගත්තා පොඩ්ඩ පොඩ්ඩ හරි මේකෙ මක්කහරි කොටල යන්න.

ගිය අවුරුද්දෙ කොරපුව කියපුව කීපයක් පිළිවෙලක් නැතුව මතකෙට එන නිසා, ලියල දැම්මනං හොඳයි.

MataraTV වාර්ෂික ඇනුවල් ට්‍රිප් චාරිකාව

ගොඩක් කාලයක් තිස්සෙ හිතං හිටපු දෙයක් තමයි අපේ Team|RCMweb එකේ හිටපු සාමාජිකයො ටිකත් එක්ක කොහේ හරි ට්‍රිපක් යන්න ඕන කියන එක. අවුරුදු ගානක් තිස්සේ තිබ්බ ඒ අදහස සඵල උනේ තව පොඩි එක්ස්ටෙන්ෂන් එකකුත් එක්ක. රාහුලේ වෙබ් ටීම් එකේ හිටපු මම, ඉරෝෂාන්, උදිත්, සහ සෂේන් ඇරුණාම අයිටී ක්ලබ් එකේ හිටපු පමල් වගේම සැන් තෝමස් ගියපු අපේ ප්‍රබෝධයාත් ඉන්න නිසා තවදුරටත් ඒකට Team|RCMweb කියන්න බෑ. අපි සේරම ඊළඟට අහුවෙන පොදු කුලකේ MataraTV එක නිසා ඒ නමිං අපේ ගමන ගියා.

දවස් දෙකක් තිස්සේ නුවර එළිය, හෝටන් තැන්න පැත්තේ කරක්ගහපු අපි හය දෙනාගේ සහ ඩ්‍රැයිවර් අංකල් ගේ ට්‍රිප් එක නිසා වැටහුනු දෙයක් තමයි විසි තිස් ගණන් නැතුව අතේ — අත් දෙකේ — ඇඟිලි ගානට කස්ටිය යන ට්‍රිප් වල අමුතුම රසයක් තියනව කියන එක. මහා පරිමාණ ට්‍රිප් වල රසයත් මරු, මේකත් මරු.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියවීම

ජනප්‍රිය වෙච්ච ටීවී සීරීස් එකේ පොත් ටික (A Song of Ice and Fire) කියවන්න පටන් ගත්තා. මේ වෙනකොට පළමු සහ දෙවන පොතත්, තෙවන පොතේ පළමු කොටසත් (පළමු කොටස වෙනම පොතක්!) කියවල ඉවරයි. මේ වන විට තෙවන පොතේ දෙවන කොටස කියවමින් පවතිනවා.

මම මේක වැඩිපුර කියවන්නේ කියවන්න හම්බ වෙන්නේ සඳුද උදේට ගෙදර ඉඳං වැඩට එන අතරතුරත්, ආපහු සිකුරාද හවස ගෙදර යන ගමනුත් බස් එකේදි නිසා බොහොම හෙමින් තමයි කියවිම සිද්ද වෙන්නේ. කොහොම නමුත් GRRM සීයා ඊළඟ පොත එළියට දාන්න කලිං මේ තියන පොත් ටික කියෝල ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා.

පොත් ටික ගෙන්න ගත්තේ සරසවි පොත් සාප්පුවෙ වෙබ් සයිට් එකෙං. ඕඩර් කරලා දවස් හතරක් පහක් ඇතුලත පොත තැපෑලෙම එන නිසා, සර්විස් චාජස් දාන දෙසීය ගාන කේස් එකක් නෑ. උංගෙ සයිට් එකේ පොඩි පොඩි කචල් අහු උනාට සමස්ථයක් ලෙස සේවාව සතුටු දායකයි.

ගමේ රොටී කඩේ රොටී කන්න යාම

අපේ ගමේ (මාතර) අළුතෙන් රොටී කඩයක් දාලා Pizza Hut කියලා. එහෙම ඕපං කොරාම නොයා හොඳ නැති නිසා ඉරෝෂාන්ටයි, උදිත්ටයි, සෂේන්ටයි, සහන්ටයි, තඹරුටයි, ප්‍රබෝධටයි කතා කොලා රොටී කන්න යන්න. එදාම ඉතිං සෂේන්ට වෙන ගමනක් සැට් උනා, උදිතයාට උණ ගැනුනා, ඉරෝලැයි අහට යාළුවො සැට් එකක් එනවැයි කිවුවා. අන්තිමට මමයි, ප්‍රබෝධයි, තඹරුයි, සහනුයි ගිහිං රොටි කෑවා.

අපේ ගමටත් ඉතිං රොටි කඩයක් ආපු එක හොඳයි. තව අඩු “පප්පගෙ කුකුල් කඩේ” සහ “තඩි ඇම් අකුර” විතරයි. පප්පගෙ කුකුල් කඩේ අල්ලපු ගමේ දාල තියන නිසා වැඩි දොහක් නොයා ඒවි මයෙ හිතේ.

ගිය අවුරුද්දෙ බලපු ටීවී සීරීස් ටික

වැම්පයර් ඩයරීස්, දි ඔරිජිනල්ස්, බිග් බෑන්ග් තියරි, ගේම් ඔෆ් ත්‍රෝන්ස්, සිලිකන් වැලි, ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ්, ද හන්ඩ්‍රඩ් කියන සීරීස් ටික බැලුවා.

වැම්පයර් ඩයරීස්නං දැං තිත්ත වෙලා තියෙන්නේ, යකෝ මැරෙන මැරෙන හැම එකාටම කෝම හරි පණ දෙන්න පුළුවං නං මැරෙනවයි කියන එකේ තියන වේට් එක අඩු වෙලා ෂෝ එක ඇල් වතුර වගේ වෙනවයි කියල ඕක හදන එවුංට තේරෙන්නෙ නැද්ද කොහෙද. බැඳගත්තු බෙරේ ගහනවා ඉතිං. ඒකෙ ස්පින් ඕෆ් එකක් වෙච්ච දි ඔරිජිනල්ස් නං හොඳා, ඒකටත් කෙළවයිද මන්දා ඒ උනාට.

සිලිකන් වැලි කියන්නෙ සිලිකන් වැලියේ ස්ටාටප් එකක් ගෙනියන සෙට් එකකගේ කතාව. අයිටී ගීක් කෙනෙක් නං බැලිය යුතුමයි. කොමඩියක් උනාට අපිට ඉගන ගත හැකි දේවල් තියනවා. සිලිකන් වැලියේ කල්චර් එක ගැන පොඩි හරි අදහසක් ගත්තෑකි නිසා වටිනවා!

සමහරු ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් එකට බනනිවා දැක්කා. ඒ උනාට මාවල් සිනමැටික් යුනිවර්ස් එක ෆලෝ කරන කෙනෙක් නං මේක අනිවා බැලිය යුතුයි කියලයි මම හිතන්නේ. චිත්‍රපටි සහ මේක අතරේ ප්ලොට් ඩිවයිසස් ෂෙයා වෙනවා.

බිග් බෑන්ග් තියරි, ගේම් ඔෆ් ත්‍රෝන්ස්, ද හන්ඩ්‍රඩ් ගැන ඉතිං කියන්න දෙයක් නෑ නෙ!

ලරාවල් සහ ඇන්ගියුලර් ජේ ඇස් ඉගන ගැනීම

පහුගිය අවුරුද්දෙදි මම රැකියාව කරන ක්‍ෂේත්‍රයට අදාළව සිද්ද උනු වැදගත්ම දේ තමයි ඔය දෙක ඉගන ගැනීම. දැන් ලරාවල් වලින් බයක් හැකක් නැතුව ප්‍රොජෙක්ට් එකක් ගොඩ දාගත්තෑකි! පී ඇච් පී වලට බැන බැන ඉඳපු පොරවල් වලට දැන් කියන්න තියෙන්නේ “දැං තියෙන්නේ කිරි අප්පොච්චිගෙ කාලේ පී ඇච් පී නෙවෙයි ය, ලරාවල් නුත් එක්ක පී ඇච් පී ට්‍රයි කරල බලන්නය” කියල තමයි.

ඉස්සර ෆ්‍රේම්වර්ක් කියන වචනෙටත් බයවෙලා “ලැන්ග්වේච් එක විතරක් ඉගන ගත්ත නං මදෑ එතන ඉඳං ඔක්කොම කොරන්න පුළුවන් නේ!” කියලා හිතං හිටියෙ මොන මෝඩ කමකිංද කියලා දැං හිතෙනවා. ඒක හරියට ගිට් ඉගන ගත්තට පස්සේ “ගිට් නැතුව මෙච්චර කල් කෝඩ් කළේ කොහොමද අප්පේ?!” කියල හිතුන වගේ දෙයක්.

ඇන්ගියුලර් ජේ ඇස් තවම හන්ඩ්‍රඩ් පර්සෙන්ට් බැරි උනාට, යන මග දැන් දනී. නොදන්න මග හොයාගෙන යතෑකි. 2015 දි මේක කෙළ පැමිණෙන්න බලාපොරොත්තු වෙනෝ.

ලොක්කාට ලිනක්ස් බෝ කිරීම සහ ඔපීසියේ සියළු මැසින් වලට උබුන්ටු ලිනක්ස් දැමීම

මේකත් එක සංදිස්ථානයක්. අපේ ලොක්කා වන කෝසල අයියාට කොහොම හරි ලිනක්ස් උන බෝ උනා. ඉස්සෙල්ලම ප්‍රයිවට් ලැපේ උබුන්ටු දාගෙන ටික කලක් ට්‍රයි කළ ලොක්කා ඊළඟට ඔපීසියෙ සියළුම මැසින් වල උබුන්ටු දාන්න තීරණේ කලා, හැබැයි රන්දිකගේ මැසිමට ඇර — මෑන් ලිනක්ස් මින්ට් වලට කැමති නිසා උගේ එකේ මින්ට් දාගත්තා, අවුලක් නෑ, පොත්ත විතරනෙ වෙනස්.

හිටපු ගමන් කස්ටියට පොඩි පොඩි ප්‍රස්න ආවත් හැමෝම දැන් ටික ටික හුරු වෙමින් පවතින්නේ.

මගේ ලිනක්ස් භාවිතාවට දැන් අවුරුදු හයකටත් වැඩියි මයෙ හිතේ!

එච්චරයිද කොහෙද

ඔවු එච්චරයිද කොහෙද


10 responses to “2014 වෙත ආපසු හැරී බැලීම”

  1. එච්චරයි ද කොහෙද කිව්වට තව කටු ඔටුනු බිම තැබිලි, අපේ ඔපීසියෙ worskshop කියලා ඇවිත් CoD ගහපුවා වගෙ ගොඩක් නොතිබුණා නෙවෙයි ඇ? 😉

    • කටු ඔටුනු බිම තැබිල්ල ගැන කිවුවෙ නෑ බං, ඉතිං ඕක නිතර නිතර කියනවා කියන්නෙ තවම කටු ඔටුන්න දාගෙන ඉන්නවා වගේ වැඩක් නෙ. ඔටුන්න බිම තිබ්බට පස්සෙ ඉන්න ඕන එහෙම ඔටුන්නක් දැම්මෙ නෑ වගේ. LOL. 😛

      CoD ගහපුව කියන්න පුළුවංද බොලේ?! මම කළේ උපක්‍රමශීලීව පසු බැසපු එක විතරයි නේ! 😀 😀

  2. මරු මරු.. කෝ ඉඩම??

    වැම්පයර් ඩයරීස් මට ඉබේම මග ඇරුනා.. දැන් බලන්න කම්මැලියි වගේ…

    ට්‍රිප් එක නම් මල් හතයි ඈ.. මේ අවුරුද්දේ මීට වඩා මරු එකක් යන්න ඕන ඉතින්.

    ගමේ රොටී වල ගනන් තමා ඉතින් සැර නේ.. ආයේ යමන් උබේ උපන් දිනේට.. 🙂

    මේ අවුරුද්දේ මීට වඩා ආඩම්බරෙන් කියන්න පුළුවන් දේවල් ගොඩක් සෙට් වේවා කියලා විශ් කරනවා!!

    • ඉඩම ගැන තාම කියන්න බෑ නෙ බං, තාම ප්‍රොසෙසින් නේ. ඩීඩ් එක මගේ නමට ලියපු දවසට කියනවා ඉතිං.

      උඹ තමයි වැම්පයර් ඩයරීස් රෙද්ද මටත් බෝ කළේ. හිටං!

      ආයෙ මක්කැයි, අපි සැට්ටෙක යං ඉතිං ලොවෙත්. අර ඩැයිවර් අංකල්ම හොඳයි නෙ?

      මගේ උපන් දිනේ වෙරියබල් මචං, උඹල අහන්නෙ කවද්ද ඊට කලිං දවසක් තමා උපන් දිනේ. පහු වෙච්ච ඒවට රොටී කවන සිරිතක් නෑ නෙ. 😛

      මාත් එහෙමම මට විශ් කරගන්නවා. හිටං. බොටත් විශ් කොරනවා එහෙමම! 😀

  3. අගෙයි අනර්ගයි විශිෂ්ටයි. ඔබේ බ්ලොග් පෝසට් එක තුල මා සාහහසික කියවීමක් දකිනව නූතනවාදී ෆැන්ටසියක අතරමං වූ අපේ කාලයේ දස්කොන්ගේ ප්‍රතිබිම්බය මා ඔබ තුළින් දකිනවා. ඇයි වැඩේ කෙළැ උන අපේ අර වීඩියෝව. නූතන බත් බැලයන්ගේ කමෙන්ට්ස් වලට හසුවුන එය?
    සමස්තයක් වශයෙන් බැලූ කලී යම් සිද්දීන් කීපයක් මෙහි නැති බව දැනුනත් එය නැති එක වඩා හොඳ බව මගේ මතයයි!

    ජය වේවා!

    • ඉස්තූති වේවා!

      මොනාද ඔය සිද්දීන් කීපය? ප්‍රයිවට් මැසේජ් එකක් දාහං කො. තඹරු කියපු එකද?

      ජය වේවා!

  4. අපේක්ෂාව යථාර්තයක් බවට පත්වීම පිළිබද බලවත් සතුට!

Leave a Reply to Thambaru Navodya Wijesekara Cancel reply

Your email address will not be published. Required fields are marked *