Do we need Facebook Public Profiles (aka Fan Pages) for Blogs? | බ්ලොගයන් සඳහා Facebook Public Profiles (aka Fan Pages) අවශ්‍යද?


ඔන්න අපේ සිතිජ සහන් මලයා මගේ තවත් බ්ලොග් ලිපියක් ලියවෙන්න හේතු කාරණා වුනා! 😀

Share

ඇත්තම කීවොත් මේ ලියවෙන්නේ සිතිජගේ “සිතිජ ඉම” බ්ලොගයේ පළ වුනු “Facebook Fan Page එකක් හදමු” ලිපියට මම දාපු,

Fan Page එකක්, එහෙමත් නැත්නම් Public Profile එකක් මගින් ආයතන වලට, වෙබ් සේවාවන්වලට, සංගීත කණ්ඩායම්වලට ආදී බොහෝ දෙනෙකුට ජනප්‍රියම සමාජජාල අඩවිය ව න Facebook හි තමන්ගේ අනන්‍යතාවය සලකුණු කරන්නට පුළුවන්. ඉතින්, ප්‍රයෝජනවත් ලිපියක් ලිවීම ගැන සිතිජ මලයාට ස්තුති කරනවා.

කියන ප්‍රතිචාරයට පිළිතුරු ලෙස ඔහු ලියපු,

හ්ම් ඇයි තව වෙබ් අඩවි වලට හොඳ Publicity එකක් දෙන්නත් පුළුවන් 🙂 අයියාත් Fan Page එකක් හදාගන්න බුධාජීවගේ ලියමනට 🙂 හ්ම් ස්තූතියි ප්‍රතිචාරයට (handshake)

නම් ප්‍රතිචාරයට පිළිතුරු ලෙස මම ලියූ ප්‍රතිචාරයයි! (whew) මෙතන පළ කරන්නේ බ්ලොග් ලිපියකට ගැළපෙන්න පොඩ්ඩක් සකසලා. ඔරිම-ජිනල් ප්‍රතිචාරය බලන්න ඕනෑ නම්, http://blog.sithija.info/2010/02/how-to-make-facebook-fan-page/comment-page-1/#comment-641 වෙත යන්න.

***

මම හිතන විදියට බ්ලොග් අඩවි වලට Facebook Public Profiles හදන එකේ තේරුමක් නෑ. මොකද, එතකොට බ්ලොග් එකට ප්‍රසිද්ධිය දෙන්නයි ඒකෙ Facebook Public Profile එකට ප්‍රසිද්ධිය දෙන්නයි වැඩ ගොඩක්. Facebook විසින් Public Profiles කියන දේ නිර්මාණය කරලා තියෙන්නේ ඊට වඩා වෙනස් උවමනාවලට. උදාහරණයක් විදියට ආයතන වලට, වෙබ් සේවාවන්වලට, සංගීත කණ්ඩායම්වලට ආදී බොහෝ දෙනෙකුට Facebook හරහා අවශ්‍ය ප්‍රචාරය ලබාගැනීම දක්වන්න පුළුවන්.

Facebook හරහා බ්ලොගය සඳහා ප්‍රචාරය ගන්න පාවිච්චි කළ යුතු ක්‍රමය වන්නේ අපගේ Personal Profile එක හරහා එය ප්‍රසිද්ධ කිරීමයි. ඒ සඳහා Facebook හි පෙරනිමි Share ආවුදය හෝ NetworkedBlogs වැනි විශ්වාසදායී තුන්වන පාර්ශවීය apps පාවිච්චි කරන්න පුළුවන්.

බ්ලොගයක හා වෙනත් වෙබ් සේවාවක වෙනස්කම වටහාගත්තොත් බ්ලොග් අඩවියක් සඳහා Facebook Public Profiles අනවශ්‍ය ඇයි කියලා හිතාගන්න පුළුවන්.

අන් වෙබ් අඩවියක් හා අසමානව බ්ලොගයක ක්‍රියාකාරීත්‍වය වන්නේ එහි හිමිකරුගේ සිතුම් පැතුම්, ආකල්ප, ප්‍රකාශන, බෙදාහදා ගැනීම් ආදිය ලෝකය වෙත ගෙන යාමයි. එනයින් බ්ලොගයක් යනු එහි හිමිකරුගේ පුද්ගලභාවයේ ප්‍රකාශනයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් Facebook තුළ යමෙකුගේ පුද්ගලභාවය නියෝජනය කරන්නට Personal Profile එකක් තිබියදී ඔහුගේම පුද්ගලභාවයේ ප්‍රකාශනයක් වන බ්ලොගය සඳහා Facebook හි ම Public Profile එකක් තැනීම අර්ථ විරහිත වෙනවා.

එනිසයි මම කාගේ හෝ බ්ලොගයක් සඳහා වන Facebook Public Profile එකකට සම්බන්ධ නොවෙන්නේ හෝ මාගේ බ්ලොගයට Facebook Public Profile එකක් නොතනන්නේ.


8 responses to “Do we need Facebook Public Profiles (aka Fan Pages) for Blogs? | බ්ලොගයන් සඳහා Facebook Public Profiles (aka Fan Pages) අවශ්‍යද?”

  1. ඇත්ත. Wall එක හරහා සැලකිය යුතු ආකාරයේ අවධානයක් ලබා ගන්න පුලුවන්. මොකද ඕ‍න කෙනෙක් මුලින්ම බලන්නේ wall එක දිහා.

    Messages, pages ආදිය කියවන්නේ නැති අය ඕන තරම් ඉන්නවා.

  2. Fan Page එකක් තුළින් අමතර බරක් අමතරව ඇතැම් අය ඒ නිසා Share කරන ඒක අඩුත් වෙලා තියෙන බව මම දැකලා තියෙනවා. ඒත් අද ගොඩාක් බොහෝ බිලොග්වල මේ Fan Pages දකින්න පුළුවන්, ඒත් ඒවාට Gadjet ඒක විතරක් දමනවා මිස කියෙන් කී දෙනාද Share This! වගේ ඒවා එකතු කරන්නේ?

  3. බුද්දා ඇස් දෙකට ටිකක් අමාරුයි කලු පාටයි, සුදු පාටයි මිශ්‍ර පසු බිමක කලු පාට අකුරු වලින් කියවන්න. සුදු පාට වෙනුවට ලා පාටක් දන්න. ගොඩක් කාලෙකින් මෙ පැත්තෙ ආවෙ.

  4. @පිටස්තරයා: ඔවු, Public Profiles වලින් එන messages වලට එතරම් අවධානයක් යොමු කෙරෙන්නේ නෑ Facebook වලදී. මිතුරන්ගේ News Feed එකට අපේ පෞද්ගලික ප්‍රෝෆයිලයෙන් share කරන ඒව කොහොමත් එකතු වෙනව නේ.

    @Gayantha: ඇත්තටම බැලුවොත් බ්ලොග් එකකට නිර්මාණය කරන Public Profile එකකට සම්බන්ධ වෙන්නෙත් අපේ Facebook Friends ලා ම තමයි. ඒ අයට බ්ලොගය පිළිබඳව කියන්න Personal Profile එක හරහා පුළුවන්.

    @~බිன்ku~: ඇත්තටම, Fan Page එකක් කියන්නේ අමතර බරක් තමයි.

  5. @රවා: මොනවා, සුදුපාට පසුබිමේ කළු අකුරු කියවන්න අමාරුයි? :O
    බලමු, මීට වඩා සරල තීම් එකක් දාන්න හිතං ඉන්නේ. එතකොට සලකා බලමු.

  6. නැහැ නැහැ යහලුවා.. දෙපැත්තෙන් යන කලු තිරුව නිසා මැද තියන සුදු පාට හොදට මතු කරලා පෙන්නනවා, නමුත් ඇස් දෙකට අමාරුයි මොකද එලිය ගතිය වැඩියි. මම එකයි කිව්වෙ, සුදු පාට වෙනුවට අලු පාට දැම්මා නම් හරි. එතකොට ඔන වෙලාවක බැලුවැහැකි.

Leave a Reply to රවා Cancel reply

Your email address will not be published. Required fields are marked *