Facebook සහ FriendFeed එකතුව අපේ අයට කොහොම බලපායිද ?


“ජීවනදහර” හෙවත් “lifestreaming” කියන්නේ වෙබ් අවකාශයට අළුතින් එක්වූ ප්‍රවනතාවක්.

සරලවම කීවොත් එහිදී සිදුවෙන්නේ වෙබය පුරාම විසිරුනු වෙබ් අඩවි වලදී අපි විසින් කරන කියන කටයුතු එක තැනකදී බලාගන්න පුළුවන් විදියට ගොනු කරලා පෙන්වීමයි.

ලංකාවේ අපි අතරනම් මේ ප්‍රවනතාවය එතරම් ප්‍රචලිත වෙලා නෑ තවමත්.

මේ ජීවනදහරා සේවාවන් සපයන වෙබ් අඩවි කිහිපයක්ම තියනවා. උදාහරණයක් විදියට FriendFeed සහ Storytlr දක්වන්න පුළුවන්.

මේ ළඟදී ලංකාවේ ඉතාමත් ප්‍රචලිත Facebook මගින් FriendFeed සේවාව මිලටගනු ලැබුවා. ඉන් නොනැවතුනු ඔවුන් තමන්ගේ සාමාජිකයන්ට ස්‍වයංක්‍රීයවම FriendFeed ගිණුමක්ද සකසාදෙනු ලැබුවා.

ඒවනවිටත් FriendFeed ගිණුම් හිමිවෙලා තිබුනු අයට මේක පොඩි හිසරදයක් වුනා. මොකද තමන් සාමාන්‍ය විදියට FriendFeed භාවිතාකරමින් සිටියදී Facebook වෙත ගියහොත් තමන්ගේ FriendFeed ගිණුමෙන් ඉවත්වී Facebook විසින් සකසන ලද FriendFeed ගිණුමට අපිව ඇතුල්කරනු ලබලනවා.

ඒකට කරන්න තියෙන්නේ, Facebook විසින් සකසනලද ගිණුමෙන් FriendFeed වෙත ඇතුල්වී එම ගිණුම මකාදමා, ඔබේ නියම ගිණුමෙන් FriendFeed වෙත ඇතුලුවී ඉන්පසු Facebook වෙත පිවිසීමයි. එවිට Facebook විසින් ස්‍වයංක්‍රීයවම ඔබේ නියම FriendFeed ගිණුම හඳුනාගන්නවා.

Facebook විසින් හඳුන්වා දී තියන FriendFeed Facebook Application එක හරහා, ඔබ වෙබය පුරා කරන කියන – ඔබවිසින් FriendFeed දැනුවත් කොට ඇති – සියළුම දේ ඔබේ Facebook profile එකේ wall post එකක් විදියට පෙන්වන අතරම, ඔබේ Facebook මිතුරන්ගේ Facebook මුල්පිටු වලත් දර්ශනය වෙනවා. ඒනිසා පරිස්සමෙන් ! 😉

ඉතින් මෙච්චරකල් ජීවනදහරාවලට ආගන්තුක වෙලා ඉඳපු අපේ සමහර අය, Facebook නිසාවත් ජීවනදහරා භාවිතා කරන්න පටන්ගනීවියි කියලයි මම හිතන්නේ.

FriendFeed වෙත යන්න: http://friendfeed.com


Leave a Reply

Your email address will not be published. Required fields are marked *