ශ්‍රී ලංකා පිතිකරණය = මහේලගේ පිතිකරණය යැයි සිතීමේ වන්දිය අපි ඊයේ ගෙව්වෙමු.


ICC T20 ලෝක කුසලාන තරගාවලියේ එකදිගටම සාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව අන්ත පරාජයක් ලැබුවා. ඊයේ දිනයේ තරගය පරාජයවීනම් සාධාරණීකරණය කළ හැකිව තිබුනද, අන්ත පරාජයකට – එනම් ලකුණු 81 පරාජයකට – ලක්වීම කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ.

Suraj Randiv

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවිමේ බලඇණිය මේ පරාජයේ වගකීමෙන් පහසුවෙන් නිදහස් වෙනවා. මන්ද ඔවුන් අගනා ලෙස තමන්ගේ පන්දු යැවීමේ නිරත වුනු නිසා. සිදුවී එකම සහ බරපතළම වැරැද්ද මයිකල් හසී සහ කැමරන් වයිට් ගේ ලකුණු 101ක සබඳතාවය බිඳහෙලා ගැනීමට අපොහොසත් වීමයි.

නමුත් තරගයේ මුල් භාගයේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ විශිෂ්ඨත්වය ගැන විවාදයක් නැහැ. එහෙම නොවුනානම් ඔස්ට්‍රෙලියානුවන් මීටත් වඩා ඉහළ ලකුණු ප්‍රමාණයකට යන බවට හා එමනිසා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පීඩනය ලක්වන බවට අවිශ්වාසයක් නැහැ.

තමන්ගේ පන්දුවාර හතර තුළ ලකුණු 20ක් පමණක් ලබා දෙමින් කඩුළු තුනක් දවාගෙන 3.00 ක economy rate එකකට හිමිකම් කියන මාතර රාහුලයෙන් ක්‍රීඩාවට අවතීර්නවූ සුරාජ් රන්දිව්ගේ පන්දු යැවීම අමතක කරන්න බැහැ. නමුත් ඔහුගේ ස්පෙලය (spell) පන්දුවාර හතරක් ලෙස එකදිගටම යොදා නොගෙන ඔහුව තරගයේ අවසන් පන්දුවාර කිහිපය සඳහා ඉතිරි කරගත්තා නම් හොඳ බවයි මාගේ අදහස.

ලසිත් මාලිංග

විශේෂයෙන් ලසිත් මාලිංගට අවසන් පන්දුවාරය දිය යුතුද යන්න සාකච්ඡා කළ යුතුයි. පසුගිය තරග කිහිපයකම මා දුටු ලෙස තරගයේ අගට වන්නට ඔහුගෙන් හතරේ පහරවල් රාශියක් මෙන්ම හයේ පහරවල්ද ඩැහැගන්නට පිතිකරුවන් සමත් වෙනවා.

කැමරන් වයිට්කෙසේ වෙතත් සමස්ථයක් ලෙස ගතහොත් ශ්‍රී ලංකා පන්දු යැවීම හොඳ මට්ටමක තිබිනු බව අප පිළිගත යුතුයි. ඇත්තෙන්ම තරගයේ මුල් භාගය නැරඹීමෙන් මා සිතා සිටියේ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නේ පහසු ජයක් බවයි. ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ විකට්ටු 5ක් ලකුණු 67කට දවාගැනිම සුළුපටු කාරණයක් නම් නොවෙයි. සියල්ල කණපිට පෙරලුනේ ඉන්පසු එළඹුනු ඉහතද සඳහන් කළ මයිකල් හසී සහ කැමරන් වයිට් ගේ ලකුණු 101ක සබඳතාවයයි.

සාමාන්‍ය කටවහරේ පවතින දෙයක් නම්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම සාර්ථක වන විට පිතිකරණය අසාර්ථක වන බවත් – පිතිකරණය සාර්ථක වන විට පන්දු යැවීම අසාර්ථක වන බවත්ය. මෙම කතාවේ පදනම කෙසේ වෙතත් මේ සිදුවන හැටියට අපට පෙනෙන්නේ එහිද සත්‍යතාවක් පවතින බවයි!

මහේල ජයවර්ධනශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය නිතරම අසාර්ථක වන්නේ එක් පිතිකරුවෙක් නැතිනම් දෙදෙනක් මතම රඳාපවතින්නට යාම නිසා. වරෙක එය සනත් ජයසූරිය වුනා, අනතුරුව තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පසු දැන් එය මහේල ජයවර්ධන බවට පත්ව තිබෙනවා. මුලු කණ්ඩායමේම අනිත් පිතිකරුවන් ඔවුන් වෙත ප්‍රධානත්වයක් දී ඇති බව සහ එම නිසාම ඔවුන් අඩු ලකුණුවලට දැවී ගිය විට අනිත් පිතිකරුවන්ගේ පීඩනය වැඩි වන බව පෙනෙන්නට තිබෙනවා.

කොතෙක් අසීරු වුවද කණ්ඩායමේ හොඳම පිතිකරුවා තමන් බවට සිතන මට්ටමට ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම සකස් කළ යුතුයි! ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ අපි එම ආකල්පය දැක්කා; තමන්ගේ ඉහළ පෙල ඉතා අඩු ලකුණු ගණනකට දැවී ගියද මැදපෙළ තමයි තරඟය සියතට ගෙන ජයග්‍රහනය කරා ගෙන ආවේ!

මහේල ජයවර්ධනKings XI PunjabIPL තරගාවලියේදී අප්‍රේල් මස 4වන දින Kings XI Punjab පිල වෙනුවෙන් Kolkota Knight Riders පිලට එරෙහිව පැවති තරඟයේදී හදිසියේම – තරගයට සහභාගී නොවන්නට තීරණය කර තිබියදීත් – ආරම්භක පිතිකරු ලෙස පැමිණ ලබාගත් රිද්මය මේතාක් අගනා ලෙස ආරක්‍ෂා කරගෙන සිටින මහේල ජයවර්ධන මදක් හෝ අසාර්ථක වූයේ ඊයේ දිනයේදී. ඔහු අඩු ලකුණු ගණනකට දැවීගිය පමණින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වේ නම්, අපට මහේල ජයවර්ධන පමණක් පිතිකරුවෙකු ලෙසින් සිටියානම් ඇති නේද?

කෙසේ වෙතත් අධික පීඩනය නිසාම තිලකරත්න ඩිල්ෂාන් නැවත රිද්මයට ආ ලෙසක් පෙනෙන්නට තිබුනා. එය දිගටම ආරක්‍ෂා කර ගැනීම ඔහුගේ වගකීමයි.

තිලකරත්න ඩිල්ෂාන්අනෙක් කාරණය වන්නේ මහේල සමග පිතිකරණය ආරම්භ කරන්නට එවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව හරිහැටි මතයක් නොමැති වීම. ඒ කවුරුන් වුනත් සනත් ජයසූරිය නම් නොවන බවයි මගේ හැඟීම. ඔහු ගැලපෙන්නේ හතරවන පිතිකරුවා (ටූ-ඩවුන්) ලෙස බවයි මගේ හැඟීම. ඊයේ තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් නැවත රිද්මයට ආ බවක් පෙනෙන්නට තිබුනු නිසා නැවත ඔහුට ආරම්භක පිතිකරුවෙක් වීමට ඉඩ ලැබිය යුතුයි. ඊයේ කැමරන් වයිට්ගේ විශ්මයජනක උඩ-පන්දු රැකීම නොවන්නට තිලකරත්න ඩිල්ෂාන්ගෙන්ට තවත් ඉහළ ලකුණු ප්‍රමාණයක් කරා යන්නට ඉඩ ලැබෙන බවයි මගේ හැඟීම. තෙවන පිතිකරුවා හෙවත් වන්-ඩවුන් ලෙස දිනේෂ් චන්දිමාල් එවිය හැකිව තිබෙනවා.

කොහොම වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟ තරගය පැවැත්වෙන්නේ හෙට (11) දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30ට ඉන්දීය පිලට එරෙහිවයි. Super8 වටයේදී මෙතෙක් සියළු තරග පරාජය වී ඇති ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට දැඩි වෙහෙසක් දරනු ඇති. දැනට ශ්‍රී ලංකාව ඉන්නා ස්ථානය අවසන් පූර්ව වටයට යාමට එම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්යයි!


10 responses to “ශ්‍රී ලංකා පිතිකරණය = මහේලගේ පිතිකරණය යැයි සිතීමේ වන්දිය අපි ඊයේ ගෙව්වෙමු.”

  1. කතාව අැත්ත අපේ කට්ටියට පීඩනයකදී බැට් කරන්න බෑ! ඒක ඔප්පු උනා,

  2. @maduonline:
    හෙහෙ… තැංකූ තැංකූ! 😀

    @Patha:
    අපි ගොඩක් මැච් පරදින්න හේතුව ඒක. අපේ බෝලිං ඇටෑක් එක විශිෂ්ඨයි කියන්න පුළුවන්! (nod)

    @Vijini:
    හහා… පුදුමයි ඔහොම එකක් කීවා! (rofl)

    @Dulith:
    බලමු අපි මීළඟ කණ්ඩායම පෙල ගැස්වෙන්නේ කොහොමද කියලා. මේ තරගයේ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නවානේ කොහොමත්.

    @Ansh Lucky Sri Jay:
    තැංකූ වේවා! 😀

  3. ඇත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බොහෝ විට ගොඩක් තරගවලදී සාර්ථක වෙන්නේ ක්‍රීඩකයන් 1 නෙකු හෝ 2 නෙකු නිසා . නමුත් ඕස්ට්‍රේලීයා කණ්ඩායම එහෙම නෑ එක් අයෙකු අසාර්ථක වුනහොත් තව කෙනෙක් සාර්ථක වෙනවා. 1996 ලෝක කුසලාසන තරගාවලිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩයම නම් ක්‍රීඩකයන් එක් අයෙකු හෝ දෙදෙනෙකු මත යැපුනේ නෑ. ක්‍රීඩකයන් සියල්ලම සාර්ථක වුන නිසා තමයි අපට 1996 ලෝක කුසලාසන ය හිමි වුනේ.

  4. @කසුන් නදීශන: අනිවාර්යයි. කණ්ඩායමක් ශක්තිමත් වෙන්නට ක්‍රීඩකයෙක් හෝ දෙදෙනෙක් පමණක් සාර්ථක වීම ප්‍රමාණවත් නැහැ. (nod)

    @ගයන්ත: හෙහෙ… ඒත් ඉතිං අපි කොච්චර බැන බැන හරි නිදිමරාගෙන මේව බලනව නෙව! 😀

    @අශේන්: ස්තුතියි! (handshake)

Leave a Reply to maduonline Cancel reply

Your email address will not be published. Required fields are marked *