Sri Lanka(/n) Premier Leage: සංවිධානය


ඉතිං, කතාව ඇත්තක්; ලංකාවෙ අන්තර් පළාත් T20 තරගාවලිය අළුත් වාණිජ හිතකාමී මුහුණුවරකින් මේපාර එන්නයි යන්නේ. හැබැයි ඉතිං තරගාවලි සංවිධානෙ නං කිසිම විවෘත බවක් නෑ. Daily Mirror එකේ නං ලිපි කීපයක් පළ වෙනවා මම දැක්කා. ඒ ඇරෙන්න වෙන කිසිම ප්‍රකාශයක් නෑ. කණ්ඩායම් නම් හා ඒවායෙ ලාංඡන මොනවද කියන එකත් බොහෝ දෙනා දැනගත්තෙ ඒව නිර්මාණය කරපු ආයතනයේ වෙබ් අඩවියේ පළ වුනු නිසා! නමුත් ඒකෙවත් තරගාවලියෙ ලාංඡනය ගැන කිසිම තොරතුරක් නෑ! මේ ලිපියෙ මාතෘකාවෙ “Sri Lanka(/n) Premier League” කියල දාල තියෙන්නේ තරගාවලියෙ නම කෙටියෙං SLPL කියල කීවට, ඒකෙ අදහස “Sri Lanka Premier League” ද එහෙම නැත්තං “Sri Lankan Premier League” ද කියල ෂුවර් නැති නිසා. ශ්‍රී ලංකා අන්තර් පළාත් T20 තරගාවලියෙ වාණිජ හිමිකම අවුරුදු 5කට මිළදී ගත්තය කියන ඉන්දියානුවන්ට හිමි, සිංගප්පූරුවෙ පිහිටල තියන Somerset Entertainment Ventures ලගෙ මාධ්‍ය භාවිතාවෙ හැටි ඒකෙංම පැහැදිළියි! මුංට ප්‍රේක්‍ෂකයො මේක ගැන දැනුවත් කරන්න ඕන නැද්ද මන්දා!!

ජුලි 15 පටං ගන්නව කියල තැං තැං වල කතා උනාට, තරග කාල සටහනක් තවම නෑ! පෝස්ට් එකේ මුල් පින්තූරෙ ප්‍රශ්නාර්ථයක් දාල තියෙන්නේ, හරිනං එතනට තරගාවලියෙ ලාංඡනය දාන්න ඕන නමුත්, දැනට නොයෙකුත් වෙබ් අඩවි හරහා සංසරණය වන නිල ලාංඡනය කියල කියන පින්තූර දෙකෙන් මොකක් හරිද නැත්තං හරි එක ඒ දෙකම නෙවේද කියල ෂුවර් නැති නිසා. …

Continue Reading: http://sociolead.com/language/english/sri-lankan-premier-leage-සංවිධානය/


6 responses to “Sri Lanka(/n) Premier Leage: සංවිධානය”

  1. සිංහයා ඉන්න නිල්-සුදු එක edit කලෙ මම යි මගෙ යාලුවෙකුයි අපේ facebook fan page 1ට දාන්න http://www.facebook.com/SLPL2011

    ********** 1 බුරුවා අපෙන් අහන් නැතුව අපි edit කරපු pics හොරකන් කරලා.උ මහ පල් හොරෙක් .උව අල්ලලා හිරේ දාන්න ඕන..

  2. අනේ මන්ද තව ටික දවසකින් ඕකත් කටකතාවක් විතරයි කියයිද දන්නෙ නෑ.

  3. ලංකාවෙ සේරම දැන් දේශපාලනේට යට වෙලා නෙ. 1996 WORLD CUP එක ගත්තට පස්සෙ ලංකාවෙ ක්‍රිකට් වලට උන දේ සංගා අර කිව්වෙ. ක්‍රිකට් බෝඩ් එකේ හිටපු කට්ටිය යටිමඩි ගහපු සල්ලි ටික එකතු කරා නම් මේක වෙන කොම්පැනි වලට දෙන්න ඕන නැ නෙ. අර ටීම් ටිකට දාපු නම් ටික බලන්න. මෙලො රහක් නෑ! ලංකාවෙ ක්‍රිකට් නග්ගන්න නම් මේ වගෙ දේවල් කරන්න ඕන. ඒත් එක ලෝකෙටම විහිලුවක් වෙනව කියන්නෙ ලංකාවෙ ක්‍රිකට් ලෝකෙම ඉස්සරහ හෑල්ලු වෙන එක.

    • ඒ ගැන නං කතා කරල වැඩක් නෑ. දැං කස්ටියටම අමාරුව වෙලා තියෙන්නෙ සංග කට වහං ඉන්නෙ නැතුව කතා කරපු එක.

      ඒව කොහොම වෙතත් ඉන්‍දියන් බෝඩ්ඩෙක එහේ කස්ටියට එන්න දෙන්න බෑ කීව නිසා ඔන්න SLPL ලබන අවුරුද්දට කල් දාලා. http://www.espncricinfo.com/sri-lanka-premier-lea… ඕකත් නිකං බාලගිරි දෝසෙ වගේ තමා. ගිය අවුරුද්දෙං මේ අවුරුද්දට දැම්මා, දැං ලබන අවුරුද්දට.

Leave a Reply to budhajeewa Cancel reply

Your email address will not be published. Required fields are marked *