Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල සක්‍රීය කිරීම.


දැං මේ කියන්න හදන්නේ Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල භාෂාව සක්‍රීය කිරීම ගැන. මීට කලින් සංස්කරණ වලදී අපිට සිදු වුනේ උබුන්ටු මත සිංහල ස්ථාපනය ගැන කතා කරන්න, මොකද කලිං විජේසේකර යතුරු පුවරුව වගේ ඒවා උබුන්ටු සමග පෙරනිමියෙන් ආවේ නහැ. නමුත් දැන් අපිට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, පෙරනිමියෙන් එන සිංහල භාෂාව සක්‍රීය කරගන්න විතරයි තියෙන්නේ.

Share

මේ ලිපිය ලියන්න හේතුව තමයි ඒ පිළිබඳව නොදන්නා අපේ ඇතැම් සහෘදයෝ ඉස්සර වගේ මහන්සි වෙලා 9.10 මත සිංහල ස්ථාපනේ කරන්න උත්සාහ අරගෙන තිබ්බා. තවදුරටත් එහෙම ඕන නෑ කියන එක පිළිබඳව දැනුවත් කරන්නයි මේ ලියන්නේ.

මීට පෙර උබුන්ටුහි පෙරනිමි යතුරුලියන ක්‍රමවේද කළමනාකාරකය ලෙස භාවිතා වුනේ SCIM (Smart Common Input Method). නමුත් මෙවර එහි තැන අරගෙන තියෙන්නේ IBus (Intelligent Input Bus) විසින්.

SCIM වලදී මෙන් අපේ අතින් විජේසේකර යතුරු පුවරුව හා අනෙකුත් මෘදුකාංගයන් පිහිටුවීමේ අවැසිතාවයක් මෙහි නැහැ. මොකද, IBus සමග පෙරනිමියෙන්ම

  • trans
  • wijesekara-preedit
  • samanala
  • wijesekara
  • phonetic-dynamic
  • phonetic-static

යන යතුරු පුවරු පැමිණෙනවා.

IBus හි සැකසුම් වෙත ගොස් එයින් අපිට කැමති යතරපවරුවක් තෝරාගෙන අනෙකුත් IBus සැකසුම්ද හදාගත්තම තාක්‍ෂණික වශයෙන් වැඩේ සම්පූර්ණයි.

නමුත් තවමත් උබුන්ටු සමග එන සිංහල ෆොන්ටය දෝෂ සහිත නිසා වැඩේ 100%ක් සම්පූර්ණ වෙන්න ඒ ෆොන්ටය ඉවත් කරලා මලිති වෙබ් වගේ වෙනත් ෆොන්ටයක් පිහිටුවාගත යුතුව තිබෙනවා.

පියවර 0: SCIM පිහිටුවා ඇත්නම් ඉවත් කිරීම.

දැනටම ඔබේ පරිගණකය මත SCIM පිහිටුවා තියනවානම් එය ඉවත් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා

sudo apt-get remove scim

ධාවනය කරන්න.

පියවර1: IBus වින්‍යාසගත කිරීම.

System -> Preferences -> IBus Preferences හරහා ගොස් IBus Preferences සංවාද කොටුව විවර කරගන්න.

එහි Input Method ටැබය වෙත ගොස්, එහි ඇති Select an input method නම් ගලා-හැලෙන මෙනුවේ Sinhala;Sinhalese යටතේ ඇති යතුරු පුවරු වලින් කැමැත්තක් තෝරාගන්න.

මෙහි දැනටමත් තේරී ඇති English ispell නම් යතුරු පුවරව ඉවත් කර දැමීම පෞද්ගලිකව මට නම් පහසුවක්.

එම සංවාද කොටුවේම General ටැබයේ ඇති සැකසුම් මගින් IBus සක්‍රීය කිරීමටත්, යතුරු පුවරු තෝරාගැනීමටත් සඳහා වන යතුරු පුවරු කෙටි මං ඔබට අවැසි ආකාරයට සකසා ගන්න.

පියවර2: අත්‍යවශ්‍ය කාර්යයක්.

ඔබේ නිවස්න නාමාවලිය ( ~ ) වෙත ගොස් එහි ඇති “.bashrc” ගොනුව විවර කොට එහි අගටම

export GTK_IM_MODULE=ibus
export XMODIFIERS=@im=ibus
export QT_IM_MODULE=ibus

යන පේලි තුන එක් කරන්න.

ඔබේ නාමාවලියේ ඇතැම්විට “.bashrc” ගොනුව දිස් නොවනු ඇති. මෙයට හේතුව එම ගොනුව සඟවන ලද ගොනුවක් වීමත්, සඟවන ලද ගොනු නොපෙන්වීමට ඔබේ නාමාවලි ගවේෂකය සකසා තිබීමත්ය. සඟවන ලද ගොනු දැක ගැනීමට නාමවලි ගවේෂකයේ View -> Show Hidden Files ක්ලික් කරන්න. නැතහොත් ඒ සඳහා වන යතුරුපුවරු කෙටිමග වන Ctrl+H භාවිතයට ගන්න.

පියවර3: මෙහෙයුම් පද්ධතිය ආරම්භයේදී IBus ඇරඹෙන ආකාරයට සැකසීම.

මේ සියල්ල කළත් මෙහෙයුම් පද්ධතිය ආරම්භ වෙනකොට IBus ආරම්භ වෙන්නේ නැහැ. අපි නැවත නැවත System -> Preferences -> IBus Preferences වෙත ගොස් IBus සක්‍රීය කර ගත යුතුයි. මෙය කරදරයක් බැවින් මෙහෙයුම් පද්ධතිය ඇරඹෙනවාත් සමග IBus ද ඇරඹෙන ලෙස සකස් කරමු.

ඒ සඳහා System -> Preferences -> Startup Applications මගින් Startup Applications Preferences සංවාද කොටුව විවර කරගන්න. එහි Add බොත්තම ක්ලික් කොට මතු වන සංවාද කොටුවේ Command: නම් පෙළ කොටුවේ “ibus-daemon” ලෙස සඳහන් කරන්න. Name: සඳහා IBus යන්නද (පසුව හඳුනා ගැනීම සඳහා.) Description: සඳහා විස්තරයක් – කැමතිනම් – ලබා දෙන්න.

පියවර4: ෆොන්ට සැකසුම්.

උබුන්ටු සමග එන සිංහල ෆොන්ටයේ නම නොදන්නා නිසා මම කරන්නේ /usr/share/fonts/truetype හි ඇති සම්පූර්ණ freefonts බහාලුමම මකා දමා, මලිති වෙබ් වැනි ෆොන්ටයක් ස්ථාපනය කිරීමයි.

එසේ සිදුකොට

sudo fc-cache -f -v

මගින් උබුන්ටුහි ෆොන්ට කෑෂය යාවත්කාල කරගන්න.


23 responses to “Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල සක්‍රීය කිරීම.”

  1. මේ ගැන නං ලියපු එක හොඳා. මොකද ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තිබුනා මේ සිංහල පිහිටුවීම.

    ඔය defaul sinhala font එක LKLUG නේද? මටත් ෆෙඩෝරා වලින් ඕක අයින් කරල මලිති දාගන්න ඕනෙවෙලා තියෙන්නෙ.

  2. @ඉන්දරේ: ම්හ්… ඒ ෆොන්ට් එක LKLUG වෙන්න බෑ. මොකද http://sinhala.sourceforge.net/ කියන ලිපිනයේ තියන "Adding Unicode Sinhala (සිංහල) to GNU/Linux (ලිනක්ස්)" ලිපියේ විදියට, ඒ ක්‍රමේට සිංහල ස්ථාපනේ කරනකොට LKLUG ෆොන්ටය (ttf-sinhala-lklug) අමුතුවෙන් ස්ථාපනේ කරනවා. පෙරනිමියෙන් උබුන්ටු වල LKLUG ෆොන්ටය තියනවා නම් අලුතෙන් ස්ථාපනේ කරන්නේ නැහැ නේ?

    අනික, ඒ ක්‍රමේට සිංහල ස්ථාපනේ කරන්න කලිනුත් ඔය චාටර් ෆොන්ට් එක තියන බව, සිංහල ස්ථාපනේ/සක්‍රීය කරන්න කලිං සිංහල යුනිකේත භාවිතා වන වෙබ් අඩවියකට ගිහිං බැලුවොත් දැනගන්න පුළුවං.

  3. ෙබාෙහාම ස්තූතියි..
    ෙපාඩි ප්රශ්ණයක් තිෙයනවා
    ෙකාම්බුව එෙහම හරියට වැෙදන්ෙන නැහැෙන..
    ෙබා්ල ෙබා්ල වැෙදන එකට ෙමාකද කරන්ෙන?

  4. @චතුර නිර්මාල්: මට හිතෙන්නේ ඔයා තෝරගෙන තියෙන්නේ කෙලින්ම "wijesekara" layout එක. ඒකෙදි යතුරුලියනකොට, අපිට පෙනෙන විදියට නැතුව ඇත්තටම අකුරු පිහිටන විදියට ගහන්න වෙනවා. ඒ කියන්නේ, ඔයාට "කො" යන්න ලියන්න ඕන නම්, "ක"+"ෙ"+"ා" ලෙසයි යතුරුලියන්න වෙන්නේ.

    මේ අපහසුව මගහරින්න පුළුවන් "wijsekera" නැතිව "wijesekara-preedit" කියන layout එක තෝරා ගැනීමෙන්. එවිට අප සාමාන්‍ය විදියට යතුරුලිවූ පසු, පරිගණකයට අවැසි ආකාරයට අකුරු සකසාගෙනයි ලේඛනයට ඇතුලත් කරන්නේ.

  5. බොහොම ස්තූතියි සහෝදරයා දැන් නියමෙටට වැඩ..

  6. ලිපියට ස්තූතියි. Firefox වලදි නම් ටක්කෙටම වැඩ කලා. නමුත් Opera වල තාමත් පේන්නෙ මේ විදිහට,
    http://i49.tinypic.com/opw2f.png

    මේක හදාගන්න විදිහක් දන්නවනම් කියන්න පුලුවන්ද.

  7. @චතුර නිර්මාල්: එළකිරි!

    @Eranga: Ubuntu මත සිංහල සංක්‍රීය කිරීමට ඔබ ස්ථාපනය කර ඇති වෙබ් බ්‍රව්සර බලපාන්නේ නැහැ. මෙය වෙබ් බ්‍රව්සරවලට අදාළ දෙයක් නෙමෙයි.

    Opera වල හරියට සිංහල පේන්නෙ නැත්තේ Ubuntu වල දෝෂයක් නෙමෙයි. ඒක Opera වල දුර්වලතාවයක්.

  8. mage machine 1 p3 nisa 9.10 walata maru wenna be….eth man keepa wathawak try kalath mata unicode damaganna beri una…..man links godakin support gatta ,,,,eth ewaye thiyana code den weda karanne ne……pls mata podi help parak denna..//..,,

  9. @indika kumara:
    P3 උනත් බොහෝදුරට 9.10 දාන්න පුළුවන් වෙන්න ඕන. ට්‍රයි එකක් දීල බැලුවද?

    මම 9.04 (සහ ඊට කලින් ඒවා) පාවිච්චි කරනකොට සිංහල හදාගත්තේ ඔය වෙබ් එකේ තිබ්බ උපදෙස් කියවලම තමා. කොහොම වෙතත් http://groups.google.com/group/techkatha වෙත සම්බන්ධ වෙලා ගැටළුව යොමු කළා නම් හරි.

  10. මම කිව් විදියට කළා 4 වන පියවර කරන්න විදියක් නැ, මොකද මට ඒ ෆොන්ට් මකන්න දෙන්නේ නෑ. හැබැයි ෆයර්ෆොක්ස් වලදි නම් හොඳින් පේනවා. ක්‍රෝම් වලදි නම් ඉස්පිලි අවුල්. ඒක මගෙ වරදක්ද, නැත්නම් ක්‍රෝම් වලද?

  11. @Dhamith:

    මෙහෙමයි:

    1. Alt+F2

    වලින් එන "Run Application" dialog box එකේ

    2. gksu nautilus

    කියල ටයිප් කරල රන් කරන්න.

    3. /usr/share/fonts/truetype

    එන nautilus වින්ඩෝ එකේ එඩ්‍රස් බාර් එකේ ඕක ගහන්න.

    ඕකෙ තියන මුළු freefonts ෆෝල්ඩරේම මකන්න ඕන නෑ, freefonts අතුලට ගිහිල්ලා,

    FreeMono.ttf
    FreeMonoBold.ttf
    FreeMonoBoldOblique.ttf
    FreeMonoOblique.ttf
    FreeSans.ttf
    FreeSansBold.ttf
    FreeSansBoldOblique.ttf
    FreeSansOblique.ttf

    කියන fonts ටික හැර, ඉතිරි fonts 4 මැකුව නං හරි.

  12. දැන් හරි… හොඳටම හොඳයි…. ඔයාට ගොඩක්ම ස්තුතියි උදව් කලාට…. ! ! !

  13. මලේ මම කියල ඔබ තියන විදිහටම කරා. එළට වැඩ. ඒත් ප්‍රශ්නයක්. මට හිතුනා මලිති font එක වෙනුවට වෙන එකක් දාල බලන්න. දැන් ඒක කරන්නේ කෝමද??

  14. @කාංචන: මලිති වෙබ් ස්ථාපනේ කළා වගේම තමා වෙන ඕනම ෆොන්ට් එකක් දාගන්නේ.

  15. කව්රුහරි මට කියල දෙනවද FM Abhaya වගේ යුනිකෝඩ් නොවන ෆොන්ට් එකක් භාවිතා කරල ඉස්පිලි පාපිලි නිවැරදිව ටයිප් කරන්නේ කොහොමද කියල?

Leave a Reply to budhajeewa Cancel reply

Your email address will not be published. Required fields are marked *