අපි හැමෝම අපේ කාලයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පරිගණකය සමග ගත කරන අය. කැමතිද අපි පරිගණකයත් එක්ක කරන කියන දේවල් ගැන පොඩි වාර්තාවක් ලබා දෙන සේවාවක් පාවිච්චි කරන්න? මේ උපකරණෙට අපි කොච්චර ඇබ්බැහි වෙලා තියනවද කියන එක මැනගන්න මම දැන් කියන්න යන සේවාවෙන් ඉතාම හොඳ සහයක් ගන්න පුළුවන්.
ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම මේ දේ ගැන දැනගත්තේ අපෙ බින්කු අයිය දාපු “My Software Usage : http://wakoopa.com/Binku” කියන ට්‍වීට් එක දැකලා. ඊට කලින් මම මෙහෙම එකක් ගැන දැනගෙන හිටියේ නැහැ.

Wakoopa මගින් සිදුවන්නේ ඔබ භාවිතා කරන මෘදුකාග සහ වෙබ් ඇප්ලිකේෂන් (සියළුම වෙබ් අඩවි නොවේ.) ආදිය ගැන විමසිල්ලෙන් සිට, ඒ පිළිබඳව වාර්තාවක් ඔබටත් ඔබේ මිතුරන්ටත් දැකගත හැකි වන පරිදි ඉදිරිපත් කිරීමයි. ඒ සමගම ඔබේ පරිගණක භාවිතාව අනුව ලකුණු දීමේ ක්‍රමයක්ද මේ සේවාව අනුගමනය කරනවා. ඔබ ලබාගන්නා ලකුණු මත පදනම්ව ඔබව වරින්වර එක් එක් ප්‍රවීණතා ස්ථරවලටත් ඇතුලත් කරනවා.

Wakoopa මගින් අපි භාවිතා කරන මෘදුකාංග පිළිබඳ තොරතුරු ලබාගන්නේ අපේ පරිගණකය මත ස්ථාපනය වන පොඩි මෘදුකාංගයක් මගින්. Linux, Apple® MacOS® සහ Microsoft® Windows® යන මෙහෙයුම් පද්ධති තුන සඳහාම නිපදවන ලද මේ මෘදුකාංගයේ පිටපත් අපිට Wakoopa අඩවියෙන් බාගෙන ස්ථාපනය කරන්න පුළුවන්.

ඔබ ක්‍රියාකාරීව භාවිතා කරන මෘදුකාංග මෙන්ම, ඔබේ පරිගණකය තුළ පසුබිමින් ක්‍රියාත්මක වන මෘදුකාංග පිළිබඳව තොරතුරුද මේ හරහා ඔබට දැකගන්න පුළුවන්.
- කොපමණ කාලයක් ඒ ඒ මෘදුකාංගය භාවිතා කළාද.
- අන්තර්ජාලය, ශ්‍රව්‍ය දෘශ්‍ය, උපයෝගීතා, සංවර්ධන, කාර්යාලයීය යන මෘදුකාංග ප්‍රවර්ග ඔබ භාවිතා කර ඇත්තේ කෙසේද.
- අද දිනය තුළ – පසුගිය සතිය තුළ – පසුගිය මාසය තුළ පරිගණක භාවිතාව කොහොමද.
- අළුතින් භාවිතය ඇරඹූ මෘදුකාංග මොනවාද.
කියන කාරණා ඔබට මේ හරහා දැනගන්න පුළුවන්.

ඒ වගේම එක් එක් මෘදුකාංග ඔබේ කැමතිම මෘදුකාංග ලෙස නම් කරන්නත්, ඒවා වර්ගීකරණය කරන්නත්, ඒවා පිළිබඳ ඔබේ අදහස් දක්වන්නත්, ඒ මෘදුකාංගය සමග ඔබ කොපමණ වැඩ කොට ඇත්ද කියාත් දැනගන්නට පුළුවන් ඒ ඒ මෘදුකාංගයට හිමි පිටුවට ගියාම.

මිතුරන් සම්බන්ධ කරගන්නත් මේ අඩවියේදී පුළුවන්. නමුත් මතක තියාගන්නට අවශ්‍යයි මේ Facebook වැනි සමාජ ජාල අඩවියක් නොවෙයි. ඔබේ මිතුරන් විසින් භාවිතා කරන ලද මෘදුකාංග පිළිබඳ හොඳ වැටහීමක් ගන්න මේ හරහා පුළුවන්.

අළුත් මෘදුකාංගයක් භාවිතය ආරම්භ කිරීමෙන්, පාවිච්චි කරන මෘදුකාංගයක් පිළිබඳව ඔබේ අදහස් පළ කිරීම වැනි ක්‍රියා මගින් ඔබේ ලකුණු මට්ටම ඉහළ දමාගන්න පුළුවන්. එමගින් ඔබේ ප්‍රවීණතා මට්ටම වැඩි කරගන්නත් පුළුවන්.


මමත් පාවිච්චි කරනවා. CPU/RAM usage වැඩිය යන්නෙත් නෑ. මම OS එක install කරපු ගමන් Wakoopa දාලා තමයි වැඩ පටන් ගන්නෙ…
Posted by Gayantha on December 17th, 2009.
@Gayantha: Me too!
Posted by budhajeewa on December 17th, 2009.
මේක මාත් පාවිච්චි කරල බලන්න ඕනෙ… ටිකක් අමුතු තාලේ සොෆ්ට්වෙයර් එකක් වගේ මේකත්….
Posted by අමුතු on December 17th, 2009.
මාත් මේක භවිතා කරලා බලන්න ඕනෙ. මේකත් ටිකක් අමුතු තාලෙ වැඩක් වගේ…
Posted by අමුතු on December 17th, 2009.
@අමුතු: එළ එළ!
Posted by budhajeewa on December 17th, 2009.
අයියා එල ලිපිය
මමත් මේක පාව්ච්චි කරල බලන්නම්
Posted by Anonymous on December 23rd, 2009.
@සිතිජ සහන්: හොඳයි මල්ලි.
Posted by budhajeewa on December 23rd, 2009.
කෝ ඉතිං මේකට දිග හෑල්ලක් ලිව්වට මඟදී නැති වුණානේ!
වේලාවක ලියන්නම්කෝ මෙකේ වැදගත්කම ගැන ලෑස්තුවම!!!
Posted by ~බිன்ku~ on January 8th, 2010.
@~බිன்ku~: මගදී නැතිවුනා කීවේ?
එළේල, ලියමු ලියමු!
Posted by budhajeewa on January 8th, 2010.
openID issue ඒක මචන්! මම දැන හුන්නේ නෑනේ එහෙව් එකක් වෙයි කියලා!
Posted by ~බිன்ku~ on January 8th, 2010.
@~බිன்ku~: ආහ්.. ඒකනේ. මීට පස්සෙ කමෙන්ට් කරනකොට සබ්මිට් කරන්න කලින් කමෙන්ට් එක කොපි කරන් හිටියම හරි.
Posted by budhajeewa on January 8th, 2010.
හොඳයි ඉතින් බුධාජීවයි, බින්කුයි දෙන්නම කියනවනම් කරල බලමුකෝ…..
Posted by තරිඳු on March 22nd, 2010.
@තරිඳු: එළ, මාව ඇඩ් කරගන්න http://wakoopa.com/budhajeewa ප්‍රොෆයිල් එකට ගිහිල්ලා.
Posted by budhajeewa on March 22nd, 2010.