තක්‍ෂිලාවේ ගමන් කරන දුම්රිය වේදිකාව


Taxila Collegeගෙදර කස්ටියම පහුගිය බ්‍රහස්පතින්දා (30) පොඩි වැඩකට කොළඹ ගොහිල්ලා නතර උනේ පානදුරේ අපේ බාප්පලැයි ගෙදර. පහු වෙනිදාම ආපහු එන්න ලෑස්ති උනත් එහේ කස්ටියගෙං කරදරේ සිකුරාදත් එහේ ඉඳලා සෙනසුරාදම ආපහු යන්ටෙයි කියලා. ඉතිං ඔන්න ඔහේ අපිත් නැවතුනා.

එනිවේ, අපේ බාප්පගෙ පුතණ්ඩියා හෙවත් මගේ මලයාලැයි ඉස්කෝලෙ – ඒ කියන්නෙ හොරණ තක්‍ෂිලාවෙ – ඒ දවස්ටිකේ පොඩි ප්‍රදර්ශනයක් සංවිධානේ කොරල තියනවැයි කියල මෑන්ස් කීවා. ඕක සංවිධානය කරල තියනවැයි කියන්නේ පහුගිය දවසෙ ඒ ඉස්කෝලෙ පැවැත්තුනු කන්නංගර සමරු උත්සවේට සමගාමීවලු. ඉතිං සිකුරාද දවස ගෙදෙට්ට වෙලා විනාස කොරන්න බැරි නිසා මලයයි මායි ලේස්ති උනා ඔය කියන ප්‍රදර්සනේ බලල එහෙම එන්ට.

බාප්පලැයි ගෙදර තියෙන්නේ පානදුර – රත්නපුර පාරේ, බණ්ඩාරගමට මෙහා. ඉතිං සිකුරාද උදේ පාන්දර එකොළහට විතර රත්නපුර බස්සෙහෙක නැගලා හොරණට ගිහිං මලයලැයි ඉස්කෝලෙට ගියා.

පුදර්සනේ බලන්න ටිකට් එකක් ගන්නෙ නැතුව – ඌට – පුරුදු පොට් එකකිං තාප්පෙං පනිමු කියලා මලයා කීවත්, මොකක්හරි පෙලේස් එකකට යන ඉස්සරෝම දවසේ තාප්පෙං පනින එක නිකං මෙව්ව මෙව්ව වගේ නිසා රුපියල් හැත්තෑවක් දීලා ටිකැට්ටුවක් අරගෙන ඉස්කෝලෙ ඇතුලට ගියා.

ඇතුල් වෙන තැනම චූට්ටං නංගියෙක් ඉඳගෙන සිතියමක් බෙදනවා. ඒක බලාගෙන තමා ප්‍රදර්සන කුටි වලට යන්න තියෙන්නේ. නංගිට “තැංකූ!” කියලා ඒකත් අරගෙන ඇතුලට ගියා.

ඉස්කෝලෙ හොඳයි, නරක නෑ. අපි අර දුන්නු සිතියම බලාගෙන ප්‍රදර්සන කුටි එකිං එකට ගියා. හනෙ හෆ්ෆේ, ඒ ඉස්කෝලෙට ගියාමයි තේරුනේ කොල්ලො විතරක් ඉන්න ඉස්කෝලෙකට යාම මහාම මහා පාප කරුමයක් කියලා. රියලි බ්‍රෝස්, වී ම්ස් අ හෙල් ලොට් ඔෆ් අ තිංග්ස්!

ජනගහනේ වැඩි වෙච්ච ඒවා මග හැර හැර, අපිට හොඳයි කියල හිතෙන ඒවා – ප්‍රදර්සන කුටි! 😉 – බල බල අපි ඉතිං හෙමිහිට ඉදිරියට ඇදුනා.

ඔයිං එක ප්‍රදර්සන කුටියක තිබුනා දැක්ක ගමං “මේක නං බ්ලොගේ දැමිය යුතුමයි!” කියලා හිතුනු පොඩි වැඩක්!

ඔන්න දැං සීරියස් මෝඩ්… ඕකේ?!

දුම්රිය මාර්ගයක ඇති සියළුම දුම්රිය ස්ථානයන්හි සියළුම දුම්රිය නවත්වනු නොලැබේ. සීඝ්‍රගාමී දුම්රියක් වැන්නකට යමෙකුට ගොඩවීමට අවැසි නම්, එම දුම්රියක් නවතන දුම්රිය ස්ථානයක් කරා ගොස්, එයට ගොඩ වීමට වේ. මක් නිසාද යත්, අතරමග හමුවන කුඩා දුම්රිය ස්ථානවල එම දුම්රිය නොනවත්වන බැවිනි.

කුඩා දුම්රිය ස්ථානයක් ආසන්නයේ සිටින අයෙකුට යම් දුම්රියකට ගොඩවීම සඳහා ප්‍රධාන දුම්රිය ස්ථානයක් වෙත ගමන් කිරීමට සිදුවීම අති විශාල කාල නාස්තියකි.

මෙයට විසඳුමක් ලෙස හොරණ තක්‍ෂිලා විද්‍යාලයීය විද්‍යා-ගණිත අංශය යෝජනා කරන්නේ එවන් කුඩා දුම්රිය ස්ථාන සඳහා, දුම්රිය ගමන් කරනා ප්‍රවේගයෙන්ම චලනය වන පටියකින් වේදිකාවක් නිර්මාණය කිරීමයි. ප්‍රවේග සමාන විට සාපේක්‍ෂ චලිතය ශුන්‍ය වන බැවින්, චලනය වන වේදිකාවේ සිටින්නන්ට නිසල දුම්රියකට ගොඩවන සේ චලනය වන දුම්රියට ගොඩ විය හැකිය.

බැක් ටු නෝමල්…

චලනය වන වේදිකාවක් කියන එක එච්චර සාර්ථක යෙදුමක් නෙවෙයි, මොකද හිටගෙන ඉන්න අයගෙ පාදයට වේදිකාවේ ප්‍රවේගය එකවරම ලැබුනට, හිසට එය නොලැබෙන නිසා, වේදිකාව චලනය වන්නට පටංගත්තු වහාම එහි විශේෂ ප්‍රතිරෝධී ඉරියව්වකින් තොරව සිටිනා අය අසමතුලිත වීම සිදු වන නිසා.

මේ සඳහා අපිට යොදාගන්න පුළුවන් දුම්රිය හා සමාන්තර චලනය විය හැකි, සංවෘත්ත කාමරයක් වැනි දෙයක්. මෙතැනදිත් ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කර තිබූ සාපේක්‍ෂ ප්‍රවේගය ශුන්‍ය කිරීම යන සිද්ධාන්තය භාවිතයට ගැනෙනවා. සංවෘත්ත කාමරයක වාසිය වන්නේ, පාදයට මෙන්ම අතින් අල්ලාගන්නා ආධාරක හරහා සිරුරේ ඉහළ කොටසටත් සැනින් ප්‍රවේගය සම්ප්‍රේෂණය වීම සිදුවීම හා, බාහිර පරිසරයෙන් වෙන්වීම තුලින් භාවිතා කරන්නන්ට දැනෙන අපහසුතා මග හැරීම.

අන්තිමට වැඩේ පේන්නේ මෙහෙමයි:

  • ටිකක් දිග වේදිකාවක් තියනවා.
  • ඊළඟට එන කෝච්චියේ යන්න ඉන්න අය එය වේදිකාවේ තියන, රේල් පාරට සමාන්තරව චලනය වන පොඩි කාමරයක් වගේ එකකට නගිනවා.
  • කෝච්චිය දුමිරිය පොලට ආසන්න වන විට, මේ කාමරයත් ඉදිරියට චලනය වෙන්න පටං අරං කොච්චියෙයි කාමරෙයි ප්‍රවේග සමාන කරගන්නවා.
  • සමාන උනාට පස්සේ ඒ දෙක අතරේ දොරක් ඇරිලා කාමරයේ අය කෝච්චියට යනවා.
  • දොර වැහෙනවා.
  • කාමරේ හෙමීට ස්ලෝ වෙලා නවතිනවා.
  • කෝච්චිය යනවා.

මේ ක්‍රමේට කෝච්චිය නවත්තන්නෙත් නෑ, මිනිස්සුත් නැගලා!

UPDATE 2010-11-29:

අපේ බිංකු සහෝදරයා මේ concept එක demonstrate කරන YouTube video එකක් හොයාගෙන ඒක tweet කළා.

http://twitter.com/Binku/status/9100707747602432

මෙන්න ඒ විඩියෝ එක:


21 responses to “තක්‍ෂිලාවේ ගමන් කරන දුම්රිය වේදිකාව”

  1. මොනව කලත් කෝච්චිය යාගන්න කලින් නැගගන්න බැරිඋනොත් සමාන්තර චලිතය පෙනෙයි තරුත් එක්කම.. >_>

  2. මට නං එච්චර සාර්ථක ක්‍රමයක් වගේ පේන්නෙ නෑ. ගොඩක් ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඒවා විසඳන එක අනවශ්‍ය වියදම් අධික ක්‍රියාවක් වේවි.

    චලනය වන වේදිකාවට මිනිස්සු ගොඩවෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මේක conveyor belt එකක් විදියට නේ තියෙනවා ඇත්තෙ.

    කාමරයක් උනත් නිශ්චලතාවයෙන් පටං අරගෙන එපැයි දුම්රිය යන වේගයට සමාන වේගයක් ලබාගන්න. මේ වැඩේට කාමරය සෑහෙන්න දුරක් චලනය කරන්න වෙයි නේද? මේ සඳහා විශාල ඉඩක් අවශ්‍ය වෙයි නේද? ඒ වගේම නිර්මාණය කිරීමේ ප්‍රායෝගික ගැටලු! දුම්රියේ දොරටුවයි කාමරයේ දොරටුවයි සමාන්තර කරගැනීමේ ගැටලු!

    conveyor belt එක උනත් නිශ්චලතාවයෙන් ආරම්භ වෙනවා කියලා හිතුවොත් මේ විදියටම ඒක සෑහෙන්න දිග එකක් වෙන්න ඕනෙ!

  3. @ගයන්ත: ඒකට ප්‍රතිකර්මයක් විදියට කාමරය නවත්තන්න කලිං දොරවල් වැහෙන්න සලස්වන්න පුළුවන්. ඊට කලිං පැනගන්න බැරි උනොත් සොරි තමා.

    @ඉන්දරේ: බෙල්ට් එකක් නං ගැළපෙන්නෙ නෑ කියන එක මගෙ හිතටත් ආවා. ඒකයි කාමරයක් හොඳයි කියලා මගෙ අතිං කෑල්ලක් දැම්මේ.

    නිශ්චලතාවෙං පටංගැනීම කියන ප්‍රශ්නෙට නං පොඩි විසඳුමක් තියේ. අධික විභව ශක්තියක් ගබඩා කරපු දුන්නකින් කාමරේට ආවේගී බලයක් ලබා දීලා, ප්‍රවේගයෙන් චලිත කිරීම අරඹන්න පුළුවන්. කාමරයට සබැඳි එන්ජින් මගින් කාමරේ තව දුරටත් ත්‍වරණේ කරන්න පුළුවන්.

    දුම්රිය නවත්තන්නේ නැතිව, යම් සම්මත වේගයක් දක්වා වේගෙ අඩු කරන්න පුළුවන්. එතකොට කාමරෙයි දුම්රියයි අතර සාපේක්‍ෂ චලිතේ ඉක්මනට ශුන්‍ය කරගත්තෑකි.

    කාමරේ දොරයි දුමිර්යේ දොරයි සමපාත කරගැනීමට නං පොඩි ගැජමැටික්ස් වැඩක් දෙන්න වෙයි.

    කොහොම වෙතත් මේ වැඩේට පාවිච්චි කරන්න වෙන්නේ දුම්රියේ සාමාන්‍ය දොරවල් නෙවෙයි, ප්‍රමාණයෙන් විශාල, කාමර සමග සම්බන්ධ කිරීමටම විශේෂයෙන් සැලසුම් කළ දොරක් භාවිතා කරන්න වෙනවා.

  4. ඊට වඩා ලේසියි සමාන්තර වෙනත් පීල්ලක දුවන එන්ජිමකට ඔය කාමරය සම්බන්ධ කරල මොකක් හරි ජිල්මාට් එකක් දැම්මනම්. ඒ වුණත් ඉන්දරේ කිව්ව වගේ ප්‍රැක්ටිකල් පුරස්න ගොඩයි නේ… දුන්නකින් එකපාර ශක්තිය දෙනවනම් අස්සෙ ඉන්න මිනිස්සුන්ගෙ බෙලි ගැලවෙන්නෙ නැති ගානකට තමයි දෙන්න වෙන්නේ…

    මේ වගේ දෙයක් කවද හරි කරනව නම් කරන්න දුම්රිය දෙපාර්තමේන්තුවෙන්නේ. බැරි වෙලාවත් දුම්රිය හැම තැනකම නතර කරල ඔය ප්‍රශ්ණය විසඳගන්න පුළුවන් කියල කවුරු හරි නොකිව්වොත් අනිවා කට්ටිය ඔහොම ඒව හදයි හැම තැනම… 😉

  5. @h: අන්න හරි. අපිට ඕන වෙන්නේ වේදිකාවක් මත දුවන කාමරේකටත් වඩා, සමාන්තරව, ආසන්නව යන තව පොඩි රේල් පාරක් වගේ දෙයක්!

    මට හිතෙන්නෙත් අපේ කස්ටිය මේ වගේ අමුතුයි වගේ කියල හිතෙන යෝජනාවක් ආවොත්, ඒක ඇත්ත ලෝකෙට යොදාගන්න පුළුවන්ද කියල කල්පනා කරල බලන්නෙත් නැතිව, "අපෝ ඔයිට ලේසියිනෙ හැම තැනම නවත්තන එක?" කියලා වැඩේ දමල ගහයි! 😛

  6. ඔය සේරම අදහස් වලට වඩා ප්‍රයෝගික අදහසක් විදියට කුඩා දුම්‍රිය ස්තාන සහ ප්‍රධාන දුම්‍රිය ස්තාන අතර conveyor බෙල්ට් යොදන එක සුදුසු වෙයි කියලා හිතෙනවා…..

  7. දෙපැත්තටම කෝච්චි යන නිසා සෑම කුඩා දුම්රිය ස්ථානයකම කිලෝමීටරයක් පමණ බැගින් දෙපැත්තට අමතර රේල් පීල්ලක් හා දුම්රිය ස්ථානයකට එක බැගින් අමතර ඇංජිමක් සහිත පෙට්ටියක් තිබිය යුතු වෙනවා මේ වැඩේට….ඒ වගේම එම දුම්රිය ස්ථානයේ සිට දෙපසට කිලෝමීටරය රේල් පීල්ලත් කෙලින් වෙන්න ඕනේ නැත්තන්ම් වංගුවලදී දොරවල් ඇරගන ඔය වැඩ කරන්න ගියොත් කේන්ද්‍රාපසාරී බලය නිසා විසිවෙන්න පුළුවන්…ඒ නිසා හොඳම වැඩේ තමයි කුඩා දුම්රිය ස්ථානවල සිට ප්‍රධාන දුම් රිය ස්ථානය දක්වා යෑමට කේබල් ටේන් දාන එක..

  8. @Nariyaa: මම හිතන්නෙ නෑ. ඉහත දක්වලා තියනවා බෙල්ට් භාවිතයේ ඇති නොගැළපීම්. අනික දුම්රිය ස්ථාන දෙකක් අතර බෙල්ට් යොදනවා කියන්නේ එච්චර ප්‍රායෝගික වැඩක් නෙවෙයි.

    @Saman Rathnayake: කුඩා දුම්රිය ස්ථානයක සිට පෙදසට විහිදෙන කිලෝමීටරය බැගින් දිග, සමාන්තර, නොවක්, දෙවන රේල් පාරකින් මේ කියන කාමරය ගමන් කරවීමේ ප්‍රශ්නය විසඳාගත හැකියි.

    යම් සම්මත වේගයක් යෝජනා කිරීමෙන් සාපේක්‍ෂ ප්‍රවේගය ශුන්‍ය කරගැනීමේ ගැටළුවටත් විසඳුමක් එනවා.

    එතකොට ඉතිරි වෙන්නේ කාමරයේ දොර හා දුම්රියේ විශේෂ දොර සමපාත කරගැනීමේ ගැටළුව. එක එක දුම්රියවල් විවිධ නිසා මේකට සම්මතයක් යෝජනා කරන්නත් බෑ.

  9. මම නම් හිතන්නෙ නෑ මේක සාර්ථක ක්රමයක් කියල … මොකද ඕක කරන්න යන වියදම වැඩියි .. ඒ වගේම ඔහොම දෙයක් ප්රායෝගිකව යොදා ගනිද්දි මේකෙ ආරක්ෂාව ඉතා වැදගත් වෙනව නේ … මිනිස්සු දුම්රියට නගින විටම යම්කිසි දෝෂයක් නිසා ඔබ කියන‍ වේදිකාව (බෙල්ට් එක/කාමරේ) එකපාරට වේගය අඩු උනොත් මිනිස්සුන්ට කිසිම ආරක්ෂාවක් නෑ නේද … එහෙම උනොත් රක්ෂාවට යන්න ගිහින් ආරක්ෂාවක් නැතිව මැරෙන්නයි වෙන්නෙ ….
    කොහොම නමුත් ඒ අදහස නම් හොදයි … පොඩි පොඩි වෙනස්කම් නෙමෙයි … ටිකක් ලොකු ලොකු වැඩ ටිකක් දාල ගත්තොත් ඕක සාර්ථක එකක් කරන්නත් පුලුවන් වෙයි …. නමුත් දරන්න වෙන අධික වියදම තමා ප්රශ්නෙ

  10. සාපේක්‍ෂතාව,චලිතය,ප්‍රවේගය,මක්කා මක්කා කෙසේ වෙතත් තොපගෙ රේඩාර් පද්දතිය ඉතා නිසියාකාරව ක්‍රියාත්මක වී ඇති බව හැගෙ…!! 😀

  11. @Randika Sedara: ආරක්‍ෂාවේ ප්‍රශ්නෙ නං ඉතිං තියනවා තමා. යම් සම්මත අගයක් දක්වා දුම්රියේ ප්‍රවේගය පහළ දැමීමෙන්, දුම්රිය හා කාමරයේ සාපේක්‍ෂ චලිතය ශුන්‍ය වනතෙක් දොරවල් වසා තැබීමෙන්, දොර විවෘතව පවතින කාලය තුළ දුම්රිය හා කාමරය අතර ශක්තිමත් සම්බන්ධකයක් පවත්වා ගැනීමෙන්, දුම්රිය හා කාමරය අතර සාපේක්‍ෂ චලිතයකට ඉඩදීමට ප්‍රථම දොර වසා දැමීම යන කාරණා ආරක්‍ෂාවේදී ප්‍රධාන වනවා.

    @bunny: ඒවා නං ඉතිං එහෙම තමා! 😉

  12. බොහොම ස්තුතියි මගෙ බ්ලොග් එකේම comment එකක් තියල මේ ගැන දැනුවත් කලාට.මමත් ප්‍රදර්ශනේ බලන්න ගියාට මේ ගැන බලන්න වුනේ නෑ.
    මේ සංකල්පය මම තක්ෂිලාවෙ පුස්තකාලයෙන්ම ගත්ත රුසියානු ගණිත විනෝදය පොතක කියවල තියනව.ඒකෙ හැටියට නම් මේකෙ දිග වේදිකාව කෙටි කරන්න වෘත්තාකාර වේදිකාවක් හදන එක යෝජනා කරල තියෙනව.නමුත් කේන්ද්‍රාපසාරි ත්වරණය නිසා යම්කිසි මට්ටමකට වඩා වේගය වැඩි කලොත් මගීන් වේදිකාවෙන් විසි වෙන්නත් පුළුවන්.මම දන්න හැටියට නම් රුසියාවෙ වුනත් තාම මේ වගේ නොනවතින දුම්රිය නැත්තෙ මේ වගේ ගැටළු නිසා වෙන්න ඇති.

    Mobitel Twitter Sms කතාව අනිත් අයටත් කිව්වට ස්තුතියි!

    • ඇත්තටම ප්‍රදර්ශනයේ නිර්මාණය කරලා තිබ්බෙත් වෘත්තාකාර වේදිකාවක් තමයි, නමුත් ඒ සඳහා සහභාගී වී සිටි කණ්ඩායමම කීවා වෘත්තාකාර වේදිකාවක් යොදාගැනීම කොහෙත්ම ප්‍රායෝගික නොමැති බව ඔවුන්ටම අවබෝධ වුනු බව. ඒකයි මම වෘත්තාකාර වේදිකාවක් යොදාගෙන තිබුනා කියලා නොකිවුවේ. 🙂

  13. කන්සෙප්ට් එකක් විදියට නරන නෑ, ඒත් ඕක ප්‍රායෝගිකව කරගන්න තව අතුරු කාරනා ගොඩක් හිතන්නෙ වෙනව, බුද්දෙ කිව්වොත් ඔහොම බෙල්ලෙ කැඩෙන කතාවක්මයි 🙂

Leave a Reply to නවම් මාවත Cancel reply

Your email address will not be published. Required fields are marked *