[Social Network] Empire Avenue – ඔබේ කොටස් විකුණන හා මිතුරන්ගේ කොටස් මිලදීගන්නා ක්‍රමය!


Empire Avenueකැමතිද ඔබේ කොටස් විකුණන්නයි ඔබේ යාළුවොන්ගේ කොටස් මිලට ගන්නයි? හෝව් හෝව්! බය වෙන්න එපා… මිනිස් ශරීර කොටස් විකුණන බිස්නස් එකක් ගැන නෙවේ මේ කියන්න යන්නේ. මේ කියන්නේ ඔබේ මිතුරන්ගේ කොටස්, සිංහලෙන් කීවොත් “ෂෙයාස්” ගන්නයි ඔබේ ෂෙයාස් විකිණිමයි පදනම් කරගත් අන්තර්ජාල ක්‍රීඩාවක් පිළිබඳව. එහෙම නැත්නං ඔන්ලයිං වර්චුවල් ෂෙයා මාකට් ගේම් එකක් ගැන.

Recommended Influencersඔන්න ඔන්න… ගේම් එකක් කීව ගමං කලබල වෙන්න එපා. මේක මේ එක දිගට පැය ගාණක් නාස්ති කරං කරන්න ඕන ක්‍රීඩාවක් නෙවෙයි. මේ ක්‍රීඩාවේ පදනම වෙන්නේ අපේ ඔන්ලයින් ක්‍රියාකරකම් අනුව අපේ “කොටස්” වලට මිලක් නියම කිරීමත්, අනෙක් අයට අපේ කොටස් මිලට ගන්න අවස්ථාවක් ලබා දීමත්, ඒ මිලදී ගන්න අයට අපේ ඔන්ලයින් ක්‍රියාකාරකම්වල ප්‍රමාණය මත ලාභාංශ ලබා දීමත්. අපේ කොටස් අනිත් අය ගන්නවා වගේම අපිටත් පුළුළුන් අනිත් අයගේ කොටස් සල්ලි දීලා ගන්න.

ආපහු බය උනාද? බය වෙන්න එපා.. මේ සල්ලි කියන්නේ ඇත්ත ලෝකේ සල්ලි නෙවෙයි. මෙම Empire Avenue ක්‍රීඩාව තුළ වටිනාකම් නිරූපණයට භාවිතා වන ඒකකය. ඒ ඒකකය හඳුන්වන්නේ “Eaves” කියලා, සංකේතය “e”.

ඉතිංන් කොහොම හරි අපි අනිත් අයගේ කොටස් සල්ලි දීලා ගත්තම, ඒ ඒ අයගේ ඔන්ලයින් ක්‍රියාකාරකම් වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක භාවය මත අපිට දවසකට වරක් ලාභාංශ හම්බු වෙනවා. ඒ හම්බවෙන්නෙත් Eaves ම තමා, ඒවයින් අපිට ආපහු තවත් අයගේ කොටස් ගන්න පුළුවන්. ඒ ඇරුණම, අපේ කොටස් කවුරුහරි මිලට ගත්තමත් ඒ සඳහා අපිට Eaves වලින් ගාණක් හම්බ වෙනවා.

Portfolio Value

අපි දැනගන්න ඕන හොඳ ගුණාත්මක අන්තර්ගත නිතර නිතර අන්තර්ජාලයට එකතු කරන අයගේ කොටස් වැඩි වැඩියෙන් මිලට ගන්න. එතකොට තමයි අපිට ලැබෙන ලාභයත් වැඩි වෙන්නේ.

Empire Avenue තුළදී අඳුරගන්නා අය ගොඩක් වෙලාවට අපිට ගොඩාක් සමානකම් තියන අය. ඉතිං කාලයක් ගියාට පස්සේ Twitter, Facebook වගේ වෙනත් සමාජ ජාල දක්වාම මේ මිතුරුකම් පතුරුවා ගන්න පුළුවන්.

අපේ Twitter, Facebook ගිණුම් වගේම, අපේ බ්ලොග් පවා Empire Avenue වෙත සම්බන්ධ කිරීමෙන් අපිට පුළුවන් ඒ ඒ ස්ථාන වලදී අපි කරන ක්‍රියාකාරකම් අපේ වටිනාකම ඉහළ යන්න උපකාර කරගන්න.

මේකෙ තියන හොඳම දේ තමයි අපි කොච්චර බලපෑමක් අපේ Twitter, Facebook, YouTube මිතුරන් මත හා අපගේ බ්ලොගයන්වල කියවන්නන් මත ඇති කරනවාද කියන දේ බලාගන්න පුළුවන් වීම. වෙනත් විදියක කියනව නම්, අපේ ඔන්ලයින් මිතුරන් අතර අපි කොච්චරක් වැදගත් චරිතයක්ද, අපි කියන කරන දේවල් කොච්චර පිළිගැනීමකට ලක් වෙනවාද කියන එක පිළිබඳව අදහසක් මේකෙං ගන්න පුළුවන්!

Share Price

Empire Avenue එකේ CEO ඇව්ල්ලා දුලීප විජයවර්ධන කියලා ලංකාවෙ පොරක්. එයා එක්ක Digit Magazine එක කරපු පොඩි සාකච්ඡාවක් http://digit.lk/10_july_empire_avenue වලිං බලාගන්න පුළුවන්.

මේකට දවසට විනාඩි 15ක් වැය කිරීම කොහෙත්ම පාඩුවක් නෙවෙයි.

මෙන්න ඇඩ්ඩස්සෙක: http://empireavenue.com/

ඔබතුමාලා Empire Avenue එකට එන්ටාර් උනොත් මගේ ෂෙයාස් ගන්නත් අමතක කරන්න එපා. මගේ ticker එක ඇව්ල්ලා BUDDYJ නැත්තං කෙලිංම මගේ ප්‍රෝෆයිල් එකට එන්න පුළුවන්.

මගේ ප්‍රෝෆයිල් එකේ ඇඩ්ඩස්සෙක: http://www.empireavenue.com/buddyj

ඉතිං මොකද Empire Avenue ගැන හිතෙන්නේ? වැඩේ හොඳයිද? ලංකාවෙ පොරක්ගෙ වැඩක් නිසා මැක්සාද? නැත්තං කොහොමද?


14 responses to “[Social Network] Empire Avenue – ඔබේ කොටස් විකුණන හා මිතුරන්ගේ කොටස් මිලදීගන්නා ක්‍රමය!”

  1. […] This post was mentioned on Twitter by Supun Budhajeewa, Supun Budhajeewa. Supun Budhajeewa said: [Blog] Empire Avenue – ඔබේ කොටස් විකුණන හා මිතුරන්ගේ කොටස් මිලදීගන්නා ක්‍රමය! : http://j.mp/gTE6eO […]

  2. මුල් කාලයේදි මමත් බැහැලා හිටියා. ඒත් පස්සෙ පස්සෙ පොඩ්ඩක් අතපහු වුනා හොයලා බලන්න 🙂 දැන් නම් පාස්වර්ඩ් එකවත් මතක නෑ හික්z 😛 !! එල එල ආයි පාරක් බලන්න හිතෙනවා.

    හොද ලිපියක් +

    • එන්න එන්න… ආපහු එන්න. Dividends ආවම ගිහිං කාගෙහරි ෂෙයාස් ගන්නයි, වෙන එකෙක් ෂෙයාස් ගත්තම ගිහිං "Thanks!" කියන්නයි විතරයිනෙ තියෙන්නේ? ඒකෙ එල්ලිලා ඉන්න ඕන නෑ නෙ?

      • ඔව් ඒත් කොහේද උදේ පාන්දර වැප්ගේ වසරේ කම්මැලි පොස්ට් එක කියෙව්ව නිසා ආයි යන්න කම්මැලියි වගේ ඒ පැත්තේ 😀 බලමු නිවාඩු පාඩුවේ ආයි එන්නම්

  3. ඇත්ත මාර්කට් එක මේ දවස් වල ලේ රතු නිසා ඒ පැත්තෙ යෑමත් එපා වෙලා… මේකවත් බලමු එහෙනම්… ස්තුතියි

  4. හිහ්. මමත් එක එක වැඩ නිසා දැන් twitter fb අප්ඩේට් කරන්නෙ නැති නිසා මගෙ ශෙයා ප්‍රයිස් එකක් හෝ ගාල බහිනව. 🙁

    • ඒකට නං ඉතිං කරන්න දෙයක් නෑ නේ? අපි online කරන වැඩ අනුව අපේ share price එක තීරණේ වෙන්න දෙනව මිසක්, අපිට ගේම් එකම බදාගෙන ඒකෙ share price නග්ගන්න online වැඩ කරන්නෙ බෑ නෙ.

  5. Empire Avenue offers so many opportunities to learn about Social Media Networking and to connect with amazing people who influence the SM world. Thanks for sharing this informative post.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *