Supun Budhajeewa's Blog

Illustration of a bird flying.
  • This is without doubt the sexiest video ever! 😛 😛 😛

    ආ… කොහොමද? දැනට ගහපු සිරාම වැල බලල යන්නද ආවෙ? එහෙනං සොරි තමා. මගේ බ්ලොග් එකේ වැල දාන්නේ නෑ. සර්ච් රෙස්ට්‍රික්ෂන්ස් අයිං කරල ගූගල් දෙයියගෙං ඇහුවනං ඇති පදං වැල සයිට්ස් හොයල දේවි! මම මේ කියන්න හදන්නේ අද පන්ති ගිහිං ගෙදර ඇවිල්ලා ජංජාලෙට ලොග් උනාම දැකපු, කිහිපදෙනෙකුට වෙලා තිබුනු වින්නැහියක් ගැන!

    May 15, 2010
  • ඔබේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවීම් පිළිබඳ අනතුරු ඇඟවීම් ලබාගමු!

    නොදන්නා පරිගණකයකින් ඔබගේ Facebook ගිණුමට ඇතුලුවීමක් සිදුවූ විට SMS පණිවුඩ හෝ ඊමේල් මගින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනා ආවුදයක් පිළිබඳව Facebook වෙතින් මේ දැන් නිවේදනයක් නිකුත් කෙරිනි. මෙහි ප්‍රයෝජනය වන්නේ යමෙකු ඔබගේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවී ඇති විටක – හැකියාවක් ඇත්නම් – මුරපදය වෙනස් කිරීමට හෝ ඒ සම්බන්‍ධව Facebook සම්බන්‍ධ කරගැනීමට අවස්ථාව සලසා දීමයි.

    May 14, 2010
  • ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට; වැරදි හදාගෙන එංගලන්තයට ගහමු!

    ICCT20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුලත් වීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විිසින් ජයග්‍රහණය කරනු ලැබීම හෝ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට අඩු ප්‍රමාණයකින් පරාජයට පත්ව ඉන් අනතුරුව පවත්වනු ලැබූ ඔස්ට්‍රෙලියානු හා බටහිර ඉන්‍දීය කොදෙව් දූපත් තරගයේදී බටහිර ඉන්‍දීයයන් ඔස්ට්‍රෙලියාවට එරෙහිව පරාජයට පත්විය යුතුව තිබූ තරගය, පෙරේදා (11) ශ්‍රී ලංකාව විසින් තියුණු ලෙස…

    May 13, 2010
  • ශ්‍රී ලංකා පිතිකරණය = මහේලගේ පිතිකරණය යැයි සිතීමේ වන්දිය අපි ඊයේ ගෙව්වෙමු.

    ICC T20 ලෝක කුසලාන තරගාවලියේ එකදිගටම සාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව අන්ත පරාජයක් ලැබුවා. ඊයේ දිනයේ තරගය පරාජයවීනම් සාධාරණීකරණය කළ හැකිව තිබුනද, අන්ත පරාජයකට – එනම් ලකුණු 81 පරාජයකට – ලක්වීම කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ.

    May 10, 2010
  • පෝය දවසේ මිනිසුන්ව බලෙන් හොඳ කිරීම!

    අපේ සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන පරිදි තමන් හරි ය. තමන් සර්ව සම්පූර්ණය. තමන් ප්‍රශ්න කරනු ලැබීමට යටත් විය යුතු නැත. එකී සිතිව්ල්ලේ මීළඟ පියවර මම නිවැරදි බැවින්, මට වැරදි යැයි හැඟෙන දේ අනිවාර්යයෙන්ම වැරදි වේ යැයි සිතීමයි. ඒවා වැරදි බැවින් සහ තමන් ඉතා නිවැරදි බැවින් ඒ වැරදි කරන අයවලුන් ඒ වැරැද්ද නවතා මා කියනා…

    April 28, 2010
  • The Bus Ride; බස් එකේ ගිහිල්ලා වෙබ් පිටුවල බහින්න!

    මේ කියන්න ලේස්ති වෙන්නේ ඉතාම සරල නමුත් අමුතුම සංකල්පයකට අනුව නිර්මාණය වුනු සේවාවක් සපයන වෙබ් අඩවියක් ගැන. වෙනත් සේවා වගේ නෙවෙයි මේක දැකපු ගමන් මට හිතුනේ “හෆෝ මේක මහලොකු දෙයක්ද, මටත් කරන්න තිබ්බානේ!” කියලා. එතකොට මේ වෙබ් අඩවියේ වටිනාකම මොකක්ද? ඕනම කෙනෙකුට කරන්න පුළුවන් තරම් සරල දෙයක්, අනිත් අය කරන්න තියා හිතන්නේවත් නැතිව ඉන්නකොට, ඉදිරිපත්වෙලා…

    April 25, 2010
  • Facebook “Like” ට වැරදුනු තැන!

    ඔබලා දැනුවත් ඇති Facebook සමාජජාල අඩවිය මගින් ළඟදී එහි කරන ලද ප්‍රධාන වෙනස් කමක් ගැන. මෙතෙක් කල් “Facebook Page” එකක් හෙවත් “Facebook Public Profile” එකක් වෙත සම්බන්ධ වීම ඔවුන් හඳුන්වනු ලැබුවේ එහි fan කෙනෙක් හෙවත් “රසිකයෙක්” වීම ලෙසයි, එය ඔවුන් මෙතැන්සිට “Like” කිරීමක් ලෙස හඳුන්වනු ඇති.

    April 22, 2010
  • නව උබුන්ටු ස්ථාපනයකින් පසු, මා අනිවාර්යයෙන් කරන දේවල්.

    මගේ මෙහෙයුම් පද්ධතිය තමයි Ubuntu. ඒක ලෝකයේ ජනප්‍රියම Linux බෙදාහැරීම් වලින් එකක්. මේ ලිපියෙන් මම කියන්න සූදානම් වෙන්නේ Ubuntu මෙහෙයුම් පද්ධතිය අලුතින් ස්ථාපනය කළාට පසු එය මාගේ භාවිතාවට ගැළපෙන තත්වයට පත් කර ගැනීම සඳහා මම අනිවාර්යයෙන් කරන දේවල් කිහිපයක්. ඒවායින් ඇතැම් ඒවා සමහරවිට ඔබටත් වැදගත් වෙන්න පුළුවන්.

    April 14, 2010
  • Google to break Great Firewall of China | චීන මහා අග්නි ප්‍රාකාරය බිඳීමට Google සැරසෙයි.

    මහජන චීන සමූහාණ්ඩුව යනු එරට ජනතාවට තොරතුරු ගලා යන ආකාරය ඉතාම දැඩි ලෙස පාලනය කරන රටක් ලෙස ප්‍රකටය. එරට ජනතාව භාවිතා අන් බොහෝමයක් රටවල ජනතාව මෙන් තමන්ට රිසි පරිදි භාවිතා කළ හැකි අන්තර්ජාල සබඳතාවයන් නොවේ. ජනයා අන්තර්ජාලය තුළ කියන කරන සියළු දේම එරට රජයේ දැඩි අධීක්‍ෂණයට යටත් වේ.

    April 1, 2010
  • The Pi Day, What we take and what we don’t! | පයි දිනය, අපි ගන්නා දේ සහ නොගන්නා දේ.

    පහුගිය දවස් කිහිපය තුළ සිංහල බ්ලොග් කිහිපයක අප විසින් “සමරණ” දින ගැන සංවාදයක් ගොඩ නැගිලා තිබ්බා. ඒවායේ ගොඩනැගුනු සංවාද අනුව පැහැදිළි වුනු කරුණ තමයි ලංකාව තුළ නොයෙක් නොයෙක් පාර්ශව විසින් සැමරීමට” යොමුවන්නේ ඔවුන්ට හොඳට මාර්කට් කරන්න පුළුවන් වර්ගයේ “දින” සෙට් එකක් කියන එක.

    March 14, 2010
←Previous Page
1 … 9 10 11 12 13 … 18
Next Page→

Supun Budhajeewa's Blog