දැන් මේ කියන්නේ අපි භාවිතා කරන වෙබ් අඩවි වල ලිපිනයන් එකතු කරලා වෙබ් පිටුවක් හදාගන්න පහසුකම් සලසලා දෙන වෙබ් අඩවියක් ගැන. ඒ විදියෙ වෙබ් පිටුවක් හදාගත්තාම අපිට පුළුවන් අපිට ප්‍රයෝජනවත් වෙබ් අඩවි වලට ලෙහෙසියෙන් ප්‍රවේශ වෙන්න, ඒවායේ ලිපිනයන් මතක තබාගැනීමේ කරදරයෙන් මිදිලා.
අද උදේ මම ලියපු (අන්තර්)ජංජාලේ මූර්ති හොයන හැටි ගැන ලිපිය කියෝපු අපේ බින්කු අයියා ට්විටරේ හරහා මට කියපි මෙන්න මොකක්ද තව සයිට්ටෙකක් ගැන ලියන්ඩෙයි කියලා. ඕං එහෙනං ලියනවා.. ගීත ආදී නිර්මාණ බාගන්නා – නීති විරෝධි හෝ විරෝධී නොවන – වෙබ්-අඩවි අපි අතර ගොඩක් ප්‍රසිද්ධ වගේම ගොඩක් ජනප්‍රිය වුනාට, වෙනත් අන්දමේ ශබ්ද ගොනු බාගැනීමට තිබෙන වෙබ්-අඩවි […]
අපි ගොඩක් දෙනෙක් බයිබලයේ සඳහන් වන “පොරොන්දු දේශය” ගැන කතාව කියවල හරි අහල හරි තිබ්බට කවදා හරි අහල තිබුනද “තහනමේ දේශය” කියල එකක් ගැන ? මම හිතන්නෙ නෑ. නමින්ම අපිට පොඩි අප්‍රසන්න ගතියක් ඇති වෙනව නේද ? නමුත් කණගාටුදායක කාරණය කියන්නෙ සාහිත්‍යගත “පොරොන්දු දේශය” මෙන් නොව මේ කියන “තහනමේ දේශය” මිහ මත තියනවා නොහොත් නිර්මාණය කරමින් පවතිනවා.
ශ්‍රී ලංකාව තුළ දැනට පවතින සුචරිතවාදය තුල තහනමට ලක් කළ හැකි දේ පිළිබඳ මවිසින් ටිවටර්ගෝලයේදී පැනයක් විමසන අතර, වැදගත් සාකච්ඡාවට බඳුන් කළ යුතු අදහස් රැසක් එහිදී මතුවිය. පහත දැක්වෙන්නේ ඒවායි.
Google Wave හි public release එකට කලිං Google Wave ගිණුමක් හදාගමු ?
අපි ගොඩක්දෙනෙක් දැන් Facebook වැනි සමාජජාල අඩවි වල සාමාජිකයන්. මෙම සමාජ ජාල අඩවි වලදී වෙන්නේ අපේ තොරතුරු එම සමාජ ජාල අඩවි වල අපගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමයි. නමුත්, එතනදී අපි මිතුරන් කියන කුලකයට සීමා වෙනවා. කැමති නැද්ද මුළු ලෝකයත් එක්කම ඒ තොරතුරු හුවමාරු කරගන්න ?
කැමතිද තමන්ටම කියල පත්තරයක් පළවෙනවට ? ඇත්ත ලෝකෙ නං මේක කොහෙත්ම ප්‍රායෝගික නෑ. නමුත් ඇත්ත ලෝකෙ ප්‍රායෝගික නැති ගොඩක් දේවල් සයිබර් ලෝකෙදි ප්‍රායෝගික කරගන්න අපිට පුළුවන්.
කැමතිද මිතුරන් කියන කුඩා කුලකයට සීමාවෙන්නෙ නැතිව මුළු ලෝකෙන්ම ප්‍රශ්න අහන්න ?