ස්පෑමි යන්න අද දින අප හැමටම කරදරයක්. වැදගත් ලියුම් ගොඩක් අස්සේ එක් නොවැදගත් ලිපියක් තිබීම වෙනුවට, නොවැදගත් ලිපි ගොඩක් අතරේ වැදගත් ලිපි කිහිපයක් හමු වන තරමට අද ස්පෑම් වසංගතයක් වෙලා. විදේශයන්හි මතු නොව අන්තර්ජාල ගුරාලාට පිං සිද්ධ වෙන්න, ලංකාවේත් දැං ස්පෑම් කරුවන් බෝවෙලා.
Google Labs කියන්නේ GMail, Google Friend Connect, Knol වැනි සේවා නිල වශයෙන් Google හරහා ඔබ වෙත පැමිණීමට පෙර අදහස් රැස්කොට, යෙදවුම් හැකියාවන් පරීක්ෂා කොට බලා, නිෂ්පාදනය කොට ඇල්ෆා පරීක්ෂණ කොට, බීටා පරීක්ෂණ සඳහා ප්රජාව වෙත නිදහස් කොට නිෂ්පාදන දියත් කරන ස්ථානයයි.
මේ ලියනම මම නම් කවදාවත් පරිගණකයට ඍජුව ටොරන්ටයක් බාල නෑ. නමුත් මගේ යාළුවො කියපු විදියට, කෙලින්ම පරිගණකයට ටොරන්ටයක් බානව කියන්නෙ කාලෙ කන වැඩක්. චිත්රපටියක් වගේ දෙයක් බාන්න ගියාටම දවසක් උනත් ගතවෙන්න පුළුවන් ලු සම්පූර්ණයෙන් බාල ඉවර කරන්න.
දශක 3 කට වැඩි කාලයක් පුරාවට ශ්රී ලංකා ව ට මහත් හිසරදයක් ව තිබූ LTTE සංවිධානය මනාව සංවිධිත යුද මෙහෙයුම් මගින් දැනට මාස කිහිපයකට පෙර දනගස්වන ලදුව, ක්රියාත්මක වූ ලොව විශාලතම ප්රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙවම සාර්ථක කර ගැනීමට පෙරේදා (17) දින වන විට ශ්රී ලංකා ආරක්ෂක අංශ වලට හැකි විය.
http://en.wikipedia.org/wiki/File:Jackelope_SOB.jpg (ඉහත ඡායාරූපයේ ඉන්නේ මම නොවන බව කරුණාවෙන් සලකන්න !) කාලෙකට පස්සෙ බ්ලොග් ලිපියක් ලියන්න ඕන කියල හිතුනෙ. ඒ විශේෂ කාරණයක් හින්ද. මේ දැං තමයි කඳුකර එළුවට සමුදීල ජේත්තු හාවෙක්ව මගේ පරිගණකයෙ පදිංචි කරවගත්තෙ.
හප්පා.. ගමනක් ගිහිං ඇවිත් මාර මහංසියි. ඇඟපත හෝදගෙන ඇවිත් කොම්-පීටරෙත් අතට අරගෙන ගිහිං ඇඳේ පොඩ්ඩක් ඇල උනේ අන්තර්-ජංජාලෙ පැත්තෙ පොඩි රවුමක් ගිහිං එන්ඩ.
ඔන්න කවදාවත් නැතුව මගේ බ්ලොග් ලිපියකට කලාත්මක (?) මාතෘකාවක් වැටුනා. බය වෙන්න එපා.. ලිපිය නං කොහෙත්ම කලාත්මක නෑ !!
මම මේ කියන්න හදන්නේ අපේ බ්ලොග් අඩවියට තවත් පාඨකයන් හසු කරගන්න පුළුවන් ක්රමයක්. වැඩිදෙයක් නෑ, අපේ බ්ලොග් එකේ RSS පෝෂකය Facebook වෙත ලබාදීමයි සිදු වෙන්නේ. එතකොට ඔබ බ්ලොගයේ ලිපියක් පළකරන වාරයක් පාසා ඔබේ Facebook profile එකට ඒ ලිපිය වෙත සබැඳියක් එකතු වෙනවා.
මම මෙන්න මේ පෝස්ට් එකේදි කිවුව නේ ඉස්කෝල වල IT Days අනං මනං වලට යන්නම සෙට් වුනු කස්ටියක් අපේ ඉස්කෝලෙ ඉන්නව කියල, ඔන්න අපේ ඒ සෙට් එක මේ පාරත් වැඩට බැස්සා. ඒ සෙට් එක කිවුවට, ඇත්තටම මේ පාර වැඩිපුර ගියේ ටිකක් අළුත් මල්ලි බබාල කස්ටියක්. මොකද පහුගිය අවුරුදු වල පිස්සු නටපු කස්ටිය දැං 2009 අපෝ!උපේ! […]
ඔන්න අද අපේ සහෘදයෙකුගෙ බ්ලොග් එකක Twitter ගැන ලිපියක් දමල තිබ්බා. ඉතිං මටත් හිතුනා පොඩ්ඩක් ඒ පැත්තට ඔළුව දාල බලන්න.