![]()
http://en.wikipedia.org/wiki/File:Jackelope_SOB.jpg
(ඉහත ඡායාරූපයේ ඉන්නේ මම නොවන බව කරුණාවෙන් සලකන්න !)
කාලෙකට පස්සෙ බ්ලොග් ලිපියක් ලියන්න ඕන කියල හිතුනෙ. ඒ විශේෂ කාරණයක් හින්‍ද. මේ දැං තමයි කඳුකර එළුවට සමුදීල ජේත්තු හාවෙක්ව මගේ පරිගණකයෙ පදිංචි කරවගත්තෙ.
ලිනක්ස් එක්ක වැඩ කරන අයට නං මම කියපු අපරබංසෙ තේරෙන්න ඇති. ඔන්න තේරෙන සිංහලෙන් කියන්නං. මම මගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය විදියට භාවිතා කරන්නේ ග්‍නූ/ලිනක්ස් හි උබුන්ටු ඩිස්ට්‍රෝව. මෙච්චර කල් මම භාවිතා කළේ එහි 8.10 වන (8.10 යන්නේ අදහස 2008 වසරේ 10 වන මස නිකුත් කළ බවයි.) Intrepid Ibex (= නිර්භීත කඳුකර එළුවා) නම් නිකුතුව. උබුන්ටු හි නවතම නිකුතුව වන 9.04 එනම් Jaunty Jackalope (= ජේත්තු හාවා) පහුගිය දිනයක නිකුත් වුනා.
නමුත් මම භාවිතා කරන්නේ SLT ADSL Entree පැකේජය නිසා එහි 1 GB වලින් 800 MB පමණ උබුන්ටු upgrade කරන්නට යොදාගන්න බැරි නිසා, upgrade කිරීමේ කටයුත්ත මම අත්හැරල දාලයි තිබුනෙ. නමුත්, පහුගිය දවස් ටිකේ යම් විශේෂ වැඩ වගයක් කරන්නට සිදු වුනු නිසා අර සීමාවට වඩා අන්‍තර්ජාලය භාවිතා කරන්න තාත්ගෙන් අවසර ලැබුන. ඔන්න ඒ එනිසා මං කල්පනා කළා මේ ගමංම උබුන්ටුත් upgrade කරගන්න ඕන කියල.
කොහොමහරි අද දවල් upgrade වෙන්න දැම්ම. දැනට විනාඩි 30කට විතර කළිං (2009-04-28 : 2330h) upgrade කෙරුම සම්පූර්ණ වුනා. පැය හතරක් විතර ගියා අවශ්‍ය කරන ගොනු බාන්න. ඊට ටිකක් අඩු කාලයක් ගියා ස්ථාපනය කරන්න.
ගොනු 1200+ කින් 900+ බාගැනීම කරන අතර තුර විදුලි විසන්‍ධි වීමකුත් උනා. මම හිතුවෙ අර 900+ ම ආපහු මුල ඉඳං බාන්න වෙයි කියල. නමුත් එහෙම කරන්න ඕන උනේ නෑ. Upgrade ක්‍රියාවලිය උබුන්ටු විසින් නැවතූ තැනේ සිට පටන්ගෙන කරනවා.
කොහොමිං කොහොමහරි ඔන්න බාධක මැද සහ IPL වල Delhi Dare Devils vs. Rajastan Royals මැච් එක බලන ගමං upgrade වැඩෙත් කෙරුනා. (මම නං support කළේ DDD ලට [තිලකරත්න ඩිල්ශාන් සහ දිල්හාර ප්‍රනාන්‍දු ඉන්න නිසා] නමුත් දිනුවෙ RR ල. සාමාන්‍යයෙන් තරගයකදි මම support කරන ටීම් එක පැරදෙන නිසා ඒකෙ එච්චර අමුත්තක් නෑ..
)
ජේත්තු හාවාගේ වේගේ නං ගොඩක් හොඳයි වගෙ (කොහොමත් හාවෙක් නෙ !). අනිත් එක screen resolution එක. මෙච්චර කල් මම උබුන්ටු පාවිච්චි කරනකොට මගේ ස්‍ක්‍රීන් එකේ “තඩි” වින්ඩෝස්, “පොල්ගෙඩි” සයිස් අකුරු තමයි තිබ්බෙ. මගේ මොනිටරේට ගැළපෙන screen resolution එකක් කලිං උබුන්ටු වලිං තෝරගන්න දුන්නෙ නෑ. නමුත් දැං 1152 * 864 screen resolution එක දාං ඉන්නෙ . ලස්සනට වැඩ.
අළුත් තීම්ස් කිහිපයක් සහ වෝල්පේපර් 2කුත් ඇවිල්ල තියනව. හොඳයි. තව මේ පද්ධතිය පිරිසිදු කරන්න කියල “Computer Janitor” (System – > Administration -> Computer Janitor) කියල එකකුත් ඇවිත් තියනව.
තවම එච්චර මේක ඇතුලෙ කරක්ගහල බලන්න උනේ නෑ. බලමු මොනාද තව තියෙන්නෙ කියල.


ජේත්තු හාවට අං දෙකකුත් තියනවනෙ හැබෑටම. හික් හික්.
මමත් ආසයි උබුන්ටු වලට බහින්න ඒත් ඉතිං මම පාවිච්ච කරන ඔක්කොම සොෆ්ට්වෙයා හරියට ෆන්ක්ෂන් වෙයිද දන්නේ නෑනෙ.
Posted by අනූ on April 29th, 2009.
අළුත් ඒවාට කොහොමත් කොල්ලො කැමතියිනේ.කරක් ගහලා තව විස්තරයක් ලියන්න.(අර ඉන්නෙ අං තියෙන හාවෙක්ද?) හික්..!
Posted by saman/meegodaya on April 29th, 2009.
"අනූ" කීවා :
"ජේත්තු හාවට අං දෙකකුත් තියනවනෙ හැබෑටම. හික් හික්."
@ අනූ :
ඔවු. ඇත්තටම "Jackalope" ට අං තියනව. "Jackalope" කියන්නෙ ජනප්‍රවාදයේ සඳහන් ටවන සතෙක්. ඇත්ත සත්වයෙන් නෙවෙයි. ජනප්‍රවාදයට අනුව "Jackalope" කෙනෙකු නිර්මාණය වන්නේ "Jackrabbit" නම් හාවෙකු සහ ඇන්ටිලෝපයෙකු, එළුවෙකු හෝ ගෝනෙකු අතර අන්‍තර් අභිජනනයෙන්,
වැඩි විස්තර : http://en.wikipedia.org/wiki/Jackalope
Posted by Buddy-J on April 29th, 2009.
මමත් ලිනක්ස් වලට මාරු වෙන්න හිතුවත් ටිකක් වෙලා වැඩ කරද්දි වින්ඩෝස් වල වැඩ ටික කර ගන්න බැරි උනාම එපා වෙනවා
Posted by Uraj Deemantha on April 29th, 2009.
මම 8.10 න් 9.04 ට මාරු වුනා.ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?
Posted by Virj on April 29th, 2009.
[...] ප්ලගිනයක් විදියට තියෙනවා. නැත්තම් බුධාජීවගේ බ්ලොග් එකේ තියෙන Sociable ප්ලගින… උනත් [...]
Posted by Blogger සඳහා Sexy Social Bookmark එක් කිරීම « My WP Testing Blog on May 9th, 2009.
[...] Jackalope වෙත යාවත්කාල කරපු වෙලාවේ ලියපු “හාවාගේ පිටේ සිට ලියමි..” කියන ලිපියත් කියවල [...]
Posted by බුධාජීවගේ ලියමන | මේක මගේ කරුමේ! on October 31st, 2009.
[...] Jackalope වෙත යාවත්කාල කරපු වෙලාවේ ලියපු “හාවාගේ පිටේ සිට ලියමි..” කියන ලිපියත් කියවල [...]
Posted by මේක මගේ කරුමේ! | Budhajeewa's Blog on June 6th, 2010.
[...] උබුන්ටු භාවිතා කරන බව මම ලියපු “හාවාගේ පිටේ සිට ලියමි“, “මේක මගේ කරුමේ” වගේ ලිපි කියවපු [...]
Posted by නව උබුන්ටු ස්ථාපනයකින් පසු, මා අනිවාර්යයෙන් කරන දේවල්. | Budhajeewa's Blog on June 6th, 2010.