2011 ලෝක කුසලානෙ ඉවර වෙලා සතියක්වත් යන්න කලිං ඔන්න තව ක්‍රිකට් තරගාවලියක් පටංගන්න යන්නේ. ඒ තමා ඉන්දියානු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රීඩකයන් සමග තරග කිරීමේ අත්දැකීම ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වන IPL තරගාවලියේ 2011 වර්ෂයේ දිගහැරුම.
ලංකාවෙ ක්‍රීඩකයොත් බර ගාණක් මේපාර සෙල්ලං කරනවා. සමහරු නං අපේ කස්ටිය තරගෙට යන එකටයි, ගිහිං අතපය කඩාගන්න එකටයි අකමැති උනාට, රට නියෝජනය කිරීමේ අවශ්‍යතායක් නැති නිදහස් කාලයන් වලදී මේ වගේ තරග වලිං ඔවුන් සල්ලි උපයගන්න එකේ කිසිම වරදක් නෑ. අනිත් එක ඒ සල්ලි අරං කස්ටිය එන්නෙ ඉතිං ලංකාවට නෙ.
අනිත් එක ඩිල්ෂාන් ලොක්කා කිවුව නෙ එයාගෙ ඩිල්ස්කූප් පහර නිර්මාණය කිරීමට මග පෑදුනේ 2009 දි දකුණු අප්‍රිකාවෙදි පැවැත්වුනු IPL තරගාවලිය අතරතුරදි කියල, ඉතිං නරකයැ?
අපි වගේ ප්‍රේක්ෂකයොංගෙ පැත්තෙං බලනකොටත් IPL කියන්නේ සිරා වැඩක්. T20 තරග කොහොමත් ගින්දර විසිවෙන සයිස් එකේ එවුව නේ, ඉතිං ඒවට ඉන්දියන් කෝටිපතියොංගෙ කෝටි ගණං වල සල්ලි කන්දරාවත් එකතු උනාම ආයි ඉතිං කියන්න ඕන නෑ නෙ!? කොහොමටත් පහුගිය තරගාවලි බලපු කෙනෙක් නම් ඉතිං මේකෙ රහ දන්නව නෙ.
මේ තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ ක්‍රීඩකයො ඉන්න කණ්ඩායම් හා ඒවාය ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයො:
Chennai Super Kings (CSK) Nuwan Kulasekara and Suraj Randiv |
|
Deccan Chargers (DC) Kumar Sangakkara (Captain) |
|
Kochi Tuskers Kerala (KTK) Muttiah Muralitharan, Mahela Jayawardene (Captain) and Thisara Perera |
|
Mumbai Indians (MI) Dilhara Fernando and Lasith Malinga |
|
Pune Warriors India (PWI) Angelo Mathews |
|
Royal Challengers Bangalore (RCB) Nuwan Pradeep and Thilakaratne Dilshan |
මෙන්න මේව තමයි ශ්‍රී ලංකාවෙ ක්‍රීඩකයන් නොමැති කණ්ඩායම්:
Delhi Daredevils (DD) |
Kings XI Punjab (KXIP) |
Kolkata Knight Riders (KKR) |
Rajasthan Royals (RR) |
මම ගියපාර Mumbai Indians ඇරුනම බොක්කෙං චියර් කරපු අපෙ ප්‍රිටී අක්කගෙ Kings XI Punjab ටීම් එකේ මේ පාර එක ලංකාවෙ පොරක් වත් නැති එක මාර අප්සට් එක. වර්ල්ඩ් කප් එක දැක්කම නං ප්‍රිටී අක්කට හිතෙන්න ඇති තියෙන සබ්බ සකලමනාවම උගස් තියල හරි මහේලයි, සංගයි, යුවී වයි ආපහු ටීම් එකට ගත්ත නං කියලා!
අනාදිමත්කාලෙක ඉඳං Mumbai Indiansලට චියර් කළාට, ටීම් 10ක් 6කම අපේ අය ඉන්න නිසයි, ඒකෙං දෙකකම නායකයො අපේ එවුං නිසයි මේපාර චියර් කිරීම ගැන මට මාර අර්බුදේකට මූණ දෙන්න වෙලා තියෙන්‍නේ. ඒ උනාට ඕන කලාබරයක් කියලා මම වර්ල්ඩ්කප් එකට ගැහුව වගේ “Cheering Table” එකක් මේපාර IPL එකටත් ගැහුවා.
තව විශේෂ සඳහනක් කරනවා නම්, මේපාර වර්ල්ඩ් කප් එකේ දස්කම් දක්වපු නෙදර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩක Ryan ten Doeschate ව Kolkata Knight Riders විසින් තම කණ්ඩායමට එක් කරගෙන තිබෙනවා! ඒක මාර විදියට අගය කරන්න ඕන වැඩක්. මොකද නෙදර්ලන්තේ ක්‍රිකට් දියුණුවට පුංචි හරි තල්ලුවක් ඒකෙං ලැබෙයි කියල හිතන්න පුළුවං.
යතුර:
චියර් කළ කණ්ඩායම ජයග්‍රහණය කළ අවස්ථා. |
චියර් කළ කණ්ඩායම පරාජය වුනු අවස්ථා. |
කිසිදු කණ්ඩායමකට චියර් නොකළ අවස්ථා. |
ප්‍රතිඵලයක් රහිත හෝ ජය-පරාජයෙන් තොර තරග. |
# | දිනය | කණ්ඩායම් | චියර් කරන්නේ | ප්‍රතිඵලය |
01 | 08/04 | CSK v KKR | CSK | CSK ට ලකුණු 2ක ජයක් |
02 | 09/04 | DC v RR | DC | RR ට කඩුළු 8ක ජයක් |
03 | 09/04 | KTK v RCB | KTK | RCB ට කඩුළු 6ක ජයක් |
04 | 10/04 | DD v MI | MI | MI ට කඩුළු 8ක ජයක් |
05 | 10/04 | PWI v KXIP | PWI | PWI ට කඩුළු 7ක ජයක් |
06 | 11/04 | KKR v DC | DC | KKR ට ලකුණු 9ක ජයක් |
07 | 12/04 | RR v DD | -/DD | RR ට කඩුළු 6ක ජයක් |
08 | 12/04 | RCB v MI | MI | MI ට කඩුළු 9ක ජයක් |
09 | 13/04 | KXIP v CSK | CSK | KXIP ට කඩුළු 6ක ජයක් |
10 | 13/04 | PWI v KTK | KTK | PWI ට කඩුළු 4ක ජයක් |
11 | 14/04 | DC v RCB | DC | DC ට ලකුණු 33ක ජයක් |
12 | 15/04 | RR v KKR | -/KKR | KKR ට කඩුළු 9ක ජයක් |
13 | 15/04 | MI v KTK | KTK | KTK ට කඩුළු 8ක ජයක් |
14 | 16/04 | CSK v RCB | CSK | CSK ට ලකුණු 21ක ජයක් |
15 | 16/04 | DC v KXIP | DC | KXIP ට කඩුළු 8ක ජයක් |
16 | 17/04 | PWI v DD | PWI | DD ට කඩුළු 3ක ජයක් |
17 | 17/04 | KKR v RR | -/KKR | KKR ට කඩුළු 8ක ජයක් |
18 | 18/04 | KTK v CSK | KTK | KTK ට කඩුළු 7ක ජයක් |
19 | 19/04 | DD v DC | DC | DC ට ලකුණු 16ක ජයක් |
20 | 19/04 | RCB v RR | RCB | තරගය අත්හැර දැමිනි |
21 | 20/04 | MI v PWI | MI | MI ට කඩුළු 7ක ජයක් |
22 | 20/04 | KKR v KTK | KTK | KTK ට ලකුණු 6ක ජයක් |
23 | 21/04 | KXIP v RR | KXIP | KXIP ට ලකුණු 48ක ජයක් |
24 | 22/04 | KKR v RCB | RCB | RCB ට කඩුළු 9ක ජයක් |
25 | 22/04 | MI v CSK | CSK | MI ට ලකුණු 8ක ජයක් |
26 | 23/04 | DD v KXIP | KXIP | DD ට ලකුණු 29ක ජයක් |
27 | 24/04 | DC v MI | DC | MI ට ලකුණු 37ක ජයක් |
28 | 24/04 | RR v KTK | KTK | RR ට කඩුළු 8ක ජයක් |
29 | 25/04 | CSK v PWI | CSK | CSK ට ලකුණු 25ක ජයක් |
30 | 26/04 | DD v RCB | RCB | RCB ට කඩුළු 3ක ජයක් |
31 | 27/04 | PWI v CSK | CSK | CSK ට කඩුළු 8ක ජයක් |
32 | 27/04 | KTK v DC | – | DC ට ලකුණු 55ක ජයක් |
33 | 28/04 | DD v KKR | – | KKR ට ලකුණු 17ක ජයක් |
34 | 29/04 | RR v MI | MI | RR ට කඩුළු 7ක ජයක් |
35 | 29/04 | RCB v PWI | RCB | RCB ට ලකුණු 26ක ජයක් |
36 | 30/04 | KTK v DD | KTK | DD ට ලකුණු 38ක ජයක් |
37 | 30/04 | KKR v KXIP | KXIP | KKR ට කඩුළු 8ක ජයක් |
38 | 01/05 | RR v PWI | PWI | RR ට කඩුළු 6ක ජයක් |
39 | 01/05 | CSK v DC | DC | CSK ට ලකුණු 19ක ජයක් |
40 | 02/05 | MI v KXIP | MI | MI ට ලකුණු 23ක ජයක් |
41 | 02/05 | DD v KTK | KTK | KTK ට කඩුළු 7ක ජයක් |
42 | 03/05 | DC v KKR | DC | |
43 | 04/05 | CSK v RR | CSK | |
44 | 04/05 | PWI v MI | MI | |
45 | 05/05 | KTK v KKR | KTK | |
46 | 05/05 | DC v DD | DC | |
47 | 06/05 | RCB v KXIP | RCB | |
48 | 07/05 | KKR v CSK | CSK | |
49 | 07/05 | MI v DD | MI | |
50 | 08/05 | RCB v KTK | KTK | |
51 | 08/05 | KXIP v PWI | PWI | |
52 | 09/05 | RR v CSK | CSK | |
53 | 10/05 | DC v PWI | DC | |
54 | 10/05 | KXIP v MI | MI | |
55 | 11/05 | RR v RCB | RCB | |
56 | 12/05 | CSK v DD | CSK | |
57 | 13/05 | KTK v KXIP | KTK | |
58 | 14/05 | RCB v KKR | RCB | |
59 | 14/05 | MI v DC | DC | |
60 | 15/05 | KXIP v DD | KXIP | |
61 | 15/05 | KTK v RR | KTK | |
62 | 16/05 | PWI v DC | PWI | |
63 | 17/05 | KXIP v RCB | RCB | |
64 | 18/05 | CSK v KTK | KTK | |
65 | 19/05 | PWI v KKR | PWI | |
66 | 20/05 | MI v RR | MI | |
67 | 21/05 | KXIP v DC | DC | |
68 | 21/05 | DD v PWI | PWI | |
69 | 22/05 | RCB v CSK | CSK | |
70 | 22/05 | KKR v MI | MI | |
71 | 24/05 | Qualifier 1: 1st v 2nd |
||
72 | 25/05 | Eliminator: 3rd v 4th |
||
73 | 27/05 | Qualifier 2: Eliminator Winner v Qualifier 1 Losser |
||
74 | 28/05 | Final: Qualifier 1 Winner v Qualifier 2 Winner |
*** “මේපාරත් IPL බලනවද?” ***
*** … ***
15 responses to “IPL 2011”
මේපාරත් IPL බලනවද?” මගුලක් කතා කරනව
බලන්නම වෙනව නෙ බං.වැරදිලාවත් ඒලෙවල් ලියත්දි බැරිවෙලාවත් අයිපීඑල් ගැන ඇහුවොත්
මොනව ලියන්නද කාට කියන්නද .. එක මැච්එකක් වත් වරද්දන්නෙ නැතුව බලපන් ඔන්න
අනිවා බං, අර අසාමාන්‍ය පෞද්ගලික පරීක්‍ෂණේට ඕව අහනවලු. ඒකයි මම මේ තකහනියක් මේ මැච් බල බලා යන්නේ.
අනිත් අතට පිසික්ස් වලට "IPL තරගාවලියේදී එල්ල කරන ලද විශාලම හයේ පහරේ දුර දක්වා, එයට එවන ලද වේගය 190 kmh^(-1) නම්, පහර දෙන ලද කෝණය සොයන්න." වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මොනා කරන්නද?!
මාත් සහෝධරය කියපු කතාව අනුමත කරනව
small correction Ryan ten Doeschate is a Dutch player 🙂 not an Irish
Oops, I had confused him with Kevin O'Brien of Ireland. Corrected it.
Anyway, I'd say Kevin would've come handy for a IPL team too! 🙂
ක්‍රිකට් පිළිබඳව මාගේ දැනුම අල්පය.. එහෙත් තරඟයක් යද්දී, ලංකාව ක්‍රීඩා කරනවානම්, කට ඇරගෙන බලන් සිටිමි… 😀
මාත් ඉතිං එහෙම තමා. මෙතන අවුල වෙලා තියෙන්නෙ ලංකාවෙ කස්ටිය බර ගාණක් එක එක ටීම් වලට ක්‍රීඩා කරන නිසා මොකට සප් කරනවද කියල හිතාගන්න බෑ. 😀
mannam aniwa balanawa 😀 😀
එළකිරි මචං! 😀
චෙන්නායි උපුල් තරංගව ගත්ත.. after semi final
ක්‍රීඩකයින්ට විවේක කාලයක් දීල් තියෙන්නේ ipl ගහන්න නෙවේයි විවේක ගන්න.. අනික ඔය මාලිංග එහෙම 2015 wc ගහන්නේ නැ කියන්නේ IPL නිසානේ..
IPL සයිට් එකේ නං උපුල් ගැන සඳහනක් තිබුනෙ නෑ. http://www.iplt20.com/team.php?team=CSK
බෝඩ් එකට ඕන උනාම විවේක ගන්නයි, බෝඩ් එකට ඕන උනාම සෙල්ලං කරන්නයි ක්‍රීඩකයො බෝඩ් එකේ දේපළ නෙවෙයි නේ. 🙂 කොහොමත් එංගලන්තෙත් එක්ක ටෙස්ට් මැච් පටං ගන්නේ මැයි 26. ඒ වෙනකොට IPL එක ඉවර වෙන්න ඔන්න මෙන්න. ඇරත් ඊට පස්සෙ තියෙන්නෙ Qualifier 2 එකයි Final එකයි. ඉතිං ලංකාවෙ කස්ටිය ඉන්න හැම ටීම් එකම ඔතනට එන්නෙ නෑ නෙ.
මාලිංග එහෙම කියල තිබුනද?
ඔව් මාලිංග නම් එහෙම කියල තිබුන නේද.. මාලිංග පන්දු යවන ඉරියව්ව නිසා වැඩි කලක් සෙල්ලම් කරන්න බැරි වෙයි කියල තමයි කියන්නෙ
ටෙස්ට් මැච් නං කොහොමත් මිනිහට ගහන්න බෑ කීව නෙ කලිංම. උගේ විදියට දවස් පහක් එක දිගට බෝල් කලොත් දනහිස ඇඹරිලාම යාවි.
cricket kiyanne manawada ban?
Crickets, family Gryllidae (also known as "true crickets"), are insects somewhat related to grasshoppers, and more closely related to katydids or bush crickets (family Tettigoniidae). They have somewhat flattened bodies and long antennae. There are about 900 species of crickets. They tend to be nocturnal and are often confused with grasshoppers because they have a similar body structure including jumping hind legs. Crickets are harmless to humans.
http://en.wikipedia.org/wiki/Cricket_(insect)