[Telecommunication] මොබිටෙල් ගේ “ඉස්පෑමිං පැසිලිටිය”!


Sri Lanka Telecom Mobitelමොබිටෙල්ලා කරන අන්තිම ජරා වැඩක් තමයි සාමාන්‍ය දුරකතන අංක වලින් ඇමතුම් දීලා ඒ අයගේ වෙළඳ ප්‍රචාරක බලෙංම අපිට අහන්න සලස්වන එක. සිංහලෙක් කියනවනං “ස්පෑම්” කරන එක. හැබැයි මොබිටෙල්ලා ඒක ගැන හිතං ඉන්නේ ඒක අපිට කරදරයක් නෙවෙයි පහසුකමක් කියලා!

අපි යම් වැදගත් අවස්ථාවකට සහභාගී වෙමින් හිටියත් නොනවත්වාම සාමාන්‍ය දුරකතන අංකයකින් අපව අමතන්න උත්සාහ කරනවා නම්, අපි කොහොමහරි ඒ ඇමතුමට පිළිතුරු දෙන්න උත්සාහ කරනවා. ඒ ඒ පැමිණෙන්නේ යම් හදිසි ඇමතුමක් කියලා හිතලා. නමුත් ඉලක්කම් තුන-හතරකින් සමන්විත අංකයකින් ඇමතුමක් එනවා නම් අපිට එය මගහරින්න එතරම් අසීරුවක් නැහැ. මොකද අපිව අමතන්න හදන යම් සමීපතමයෙකුට ඉලක්කම් තුන හතරක දුරකතන අංකයක් ලබා ගැනීම එතරම් පහසු නැති නිසා, අපිට එම ඇමතුම් මගහරින්න පුළුවන් අපේ දුරකතන ජාල සමාගමෙන් හෝ රජයේ යම් ආයතනයකින් දෙන පණිවුඩයක් කියලා හිතලා.

මේ කාරණය දන්නා මොබිටෙල් ආයතනය කරන්නේ සාමාන්‍ය දුරකතන අංක භාවිතයෙන් ඇමතුම් දෙමින් ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණයන් සිදු කිරීම.

කොහොමහරි මෙන්න මේකයි අද සිද්ද වුනු කතාව:

අපේ ටුවිටරේ InduNan මොබිටෙල්ලාගේ (MobitelSriLanka) ට්‍වීට් එකක් රිට්‍වීට් කරලා තිබ්බා මෙහෙම:

ඉතිං මං ඕකට දැම්මා පොඩි රිප්ලයියක්. 😀

මොකද මට පොඩ්ඩක් මොබිටෙල්ලාත් එක්ක මල පැනලා තිබ්බේ. මොකක්හරි වැඩක් කොරන්න ගන්නකොට එනවා කෝල් එකක් – දන්නෙ නැති නම්බරයක් – “ආයුබෝවන්! මේ ශ්‍රි ලංකා ටෙලිකොම් මොබිටෙල්…”. අනේ ඉතිං ඒ වෙලාවට මේ මසුරං වටින ඉස්පෑමිං අයිඩියාව ගෙනාව උන්දෑගේ පවුලේ සේරමලාව මට මතක් වෙනවා!!!

කොහොම නමුත් InduNan ගෙං මේං මෙහෙම උත්තරයක් ඕකට ආවැටි කියමුකෝ:

හ්ම්, ඒකත් එහෙමයි නේ කියලා මම ගැහුවා තව රිප්ලයියක්:

(http://www.slcert.gov.lk/ කියන්නේ “The Sri Lanka Computer Emergency Response Team” කියලා ICTA හි උප ආයතනයක්.)

ඔහොම කීවාම InduNan අහනවා මෙහෙම:

මොනා කියන්නද ඉතිං මුංගෙ වැඩ ගැන කියල හිතුනත්, මම ගැහුවා රිප්ලයියක්:

හොඳම වැඩේ කියන්නේ, සද්දයක් නැතුව මොබිටෙල්කාරයාත් ඔය සිද්ධිය බලං ඉඳලා. එහෙම ඉඳලා එවනවා මෙන්න මෙහෙම ඩිරෙක්ට් මැසේජ්ජක්:

කරදරකාරී ඇමතුම් ලැබීමේ “පහසුකම” නැවැත්වීම සඳහා මගේ නොම්බරේ එවන්නලු! පහසුකම, අනෙ මගෙ කට! :/ කොහොමහරි නොම්බරේ යවලා ටිකකිං තව මැසේජ්ජක් ආවා වැඩේ හරි කියලා. බලමු, තව ඔයිං කෝල්ලක් ආපුවාවෙකො!

ඔන්න ඕකයි “ඉස්පෑං පැසිලිටියෙ” කතාව. 😀

ඔබටත් මොබිටෙල්ලා අනවශ්‍ය ඇමතුම් දීලා කරදර කරනවාද? @MobitelSriLanka වෙත බැනලා ටුවිට්ටක් දාලා බලන්න.

හැබැයි ඊළඟට මතුවෙන ප්‍රස්නේ ටුවිටර් එකවුන්ටක් නැති මේ රටේ ජහමනයෝ ඔටුවොද කියලා. මොකෝ ඔය මගුලෙං අයිංවෙන්න ඕන අයට ඒ සඳහා ක්‍රමයක් මුං ප්‍රසිද්ධ කරලා නෑ නේ!

මොකද කියන්නේ?


39 responses to “[Telecommunication] මොබිටෙල් ගේ “ඉස්පෑමිං පැසිලිටිය”!”

  1. සිරා කතාව ! මට එවනවා කිව්ව ඊ බිල් සීන් එකත් නෑ බට් හැමදාම ස්පෑම් මැසේජ් එනවා මෙච්චරක් ගෙවන්න තියේ කියලා
    දැන් ලගදි ඉදලා තමා ඔය ස්පෑම් කර සීන් එක එන්නේ | ඩයලොග් එකත් එහෙම්මයි

  2. අපේ රටේ ඔය හැම ටෙලිකොම් එකම ඔය වගේ වැඩ කරනවා, ඒත් මොබිටෙල් තමයි ජරාම විදියට ස්පෑම් කරන්නෙ.
    ගොඩක් අය මොබිටෙල් පාවිච්චි කරන්නෙ අර බැඳගත්තු බෙරේ ගහන්න ඕන වගේ සීන් එකක් හින්ද මං හිතන්නෙ.

    • ඒකනේන්නං. ඇඳුං මාරුකරන්නැහේ නම්බර් මාරු කොරන්න බෑ නෙව.

      අර කොහෙද තියනවලුනෙ එකම නම්බරේ ඕනම service provider කෙනෙක් එක්ක පාවිච්චි කරන්න පුළුවං සීන් එකක්? එහෙව් ක්‍රමයක් තියේනං මෙහෙත් ලොකු දෙයක්!

  3. අනේද කියන්නේ බං.. කතා‍ කොරලා වැඩක් නෑ මුන් ගැන.. බස් ‍එකේ හිටියත් ඕක උස්සලා "හෙලෝ" කියලා චාටර් වෙනවා.. ඇයි බන් මිනිස්සු හිතන්නේ බොරු ෂෝ එකට කතා කරලා කට් කරනවා කියලනේ… මක් කරන්නද උන්ගේ පවුල් මතක් කරනවා මිසක්.. 😛

    • සිරාවට බං, මට මල පනින්න ආසන්නම සීන් එකකුත් ඕක! කෙහෙම්මල අරගෙන කනේ තියපු ගමං අනිත්පැත්තට කට් කළාම අපි නිකං මොක්කුද වගේනෙ පේන්නේ! :/

  4. […] This post was mentioned on Twitter by Keheliya Gallaba, Thameera, Supun Budhajeewa, Harshana, Naveen Madhawa and others. Naveen Madhawa said: [Telecommunication] මොබිටෙල් ගේ “ඉස්පෑමිං පැසිලිටිය”! | Budhajeewa's Blog http://t.co/UhFz1lO via @budhajeewa […]

  5. මටත් උනා ඔය වැඩේ … අද උදේත් උනා මල ඇනයක් …මාත් කරන්න ඔනේ …ස්තුතයි දැනුවත් කලාට

  6. machan, I called Mobitel customer care regarding that. I have a Smart prepaid one. they said they cannot stop that so called facility…..

  7. හප්පේ ඩයලොග් හොදයිනේ..එයාල පාඩුවේ එස් එම් එස් එකක් ගහලා නිකන් ඉන්නවා

    • SMS නං අවුලක් නෑ කියතහැකි, මොකෝ අපි අනිත්වැඩ ඇරගෙන SMS බලන්න යන්නේ නෑ නෙ. මේක ඒ වගේයැ, අපිව අන්දන්න ඉලක්කං 10 නම්බර්වලිංනෙ මුං කතා කොරන්නේ!

    • අපිත් ඉතිං දෙන දෙයක් කාල, බොන දෙයක් බීල, ඔහේ බලං ඉන්න නිසා මුං මුංට ඕන ඕන එව්වා කොරනවා! =/

  8. මමත් ටුවීට් හතරපහක් ගහලා ඔය මලදානෙන් ගැලඋනා. ඒත් තාම data sim එකට msgs ‍එවනවා. දැන් phone වලිනුත් මදිවෙලා ඊමේල් වලිනුත් පටන් ගන්නද කොහෙද මගේ ඊ‍මේල් එක තහවුරු කරන්න කියලා ඊමේල් එකක් එවලා තිබුනා.
    පොඩි කින්ඩියක් දැම්මා status එකකින්.
    http://twitter.com/pahans/status/9318698233892864

    ස්පෑම් එවන හැමෝම මේක තමයි කියන්නේ.
    http://twitter.com/MobitelSriLanka/status/9441666

    • ඒ මදිවට මුං මට එවපු DM එකේ කියල තියෙන්නේ "spamming facility" කියලා! එක්කො මුං අමු මෝඩයෝ, නැත්තං අපි මෝඩයෝ කියල හිතං ඉන්නවා.

      තව එකක් තමයි අපි බැනල ටුවිට්ටක් ගැහුවම මුං එවන්නෙම DM. ප්‍රසිද්ධියෙ කතා කොරන්න ලැජ්ජ ඇති එහෙම කළොත් නවතින්නෙ රෙදි ගැලවිලා බව දන්න නිසා.

  9. ඕකම SLT ත් කරනවනෙ බං. Spam ද නැද්ද කියල නම් මං දන්නැ. දවසක් SLT Land phone එකට අවා Call එකක්. මාත් ඉතින් සුපුරුදු පරිදි කිව්ව හලෝ කියල. අක්ක කෙනෙක් කතා කරල කිව්වා “මේ SLT ….. …” තව මොනවද වගයක්. දැන් නම් මතක නෑ. මමත් ඉතින් ඇහුව මනුස්සකමට වගේ ඇහුව “ඇයි අක්කෙ කියල මොකක්ද ප්‍රශ්නෙ කියල” මේකි කිව්වෙ නැතෑ ඔබගෙ දුරකතන නාමාවලිය ලඟම තියෙන SLT එකන් ගන්න කියල. පස්සෙ තමයි දන්නෙ මේක රෙකෝඩින් එකක් කියල. හොඳ වෙලාවට ලඟ පාත කවුරුවත් හිටියෙනැ. හිටයනම් වස ලැජ්ජාව. 😀

    • SLT එකෙං නං නිතරම ඔය වැඩේ වෙන්නෙ නෑ. ඒ නැතත් උං සාමාන්‍ය නම්බර් වලිං කෝල් කරන්නෙ නෑ නෙ. ඉලක්කං තුන-හතරක විශේෂ නම්බර් වලිංනෙ කතා කරන්නෙ. ඉතිං එතකොට කෝල් එක ගන්න කලිංම අපි දන්නවනෙ ඒ කෝල් එක පෞද්ගලිකව වැදගත් එකක් නෙවෙයි කියලා. ඉතිං ඕනනං අපිට ඒ කෝල් එක නොගැනීමේ අවස්ථාව උං දෙනවනෙ.

      මුං එහෙම නෙවෙයි නෙ, අපිව ඇන්දීමේ පරමාර්තෙං සාමාන්‍ය නම්බර් වලිංනෙ කෝල් කරන්නේ.

    • තැංක්ස් මචං. බට් මම ඒ නම්බර්ස් ටික කමෙන්ට් එකෙං අයිං කළා. මොකද මට ඒව ඇත්තටම මොන නම්බර්ද කියල තහවුරු කරගන්න ක්‍රමයක් නෑ නේ.

  10. mamanam phone aka weda karana welawata answer karannema ne
    gedara awama thama
    okkomtama wada hodai phone akak nathuwa inna aka welaa wakata

  11. ඔව් ඕක නම් හරිම කරදරයක් තමයි, මම ඒ කෝල් එක numbers සේව් කරගෙන ඉන්නෙ. ඒකකින් ආවොත් කෙලින්ම කට් කරනවා. 😀

    • හික්, එහෙම කරල බේරෙනව බොරු; මුං එක දවසක් කතා කොරන නොම්බරෙං නෙවේ අනිත් දවසෙ කතා කොරන්නේ! 😀

      ටුවිටරෙත් ඉන්න එකේ, අරුංට DM එකක්වත් ගහලා වැඩේ "ගොඩිං" බේර ගන්න.

  12. හහ් හහ් හ්හා..නියමයි නියමයි… ඒ මචන් ඉන්ටර්නෙට් ලයින් එක ගැන බැන්නොත් වැඩි කරාවිද දන්නැනෙ ? හැබයි මලින්තයා බනින බැනිල්ලට ඌට 100mbps ලයින් එකක් වත් දෙන්ටෝන 😛

    • හික් හික්. ඩේට බේස් එකකිං නොම්බරයක් අයිං කොරනව වගේ සුළු පටු වැඩක් නෙවේනෙ බං ලයින් කැපැසිටි වැඩි කොරනව කියන්නෙ. 😀

Leave a Reply to Iroshan Cancel reply

Your email address will not be published. Required fields are marked *